ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර
රාජගිරියේදි තරුණයෙකු යටකර
පොලිස්පතිවරයා ලෙස තෝරාපත් කරගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ එස්. එම්. වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර, සී. ඩී. වික්‍රමරත්න යන නිලධාරීන්ගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කර තිබු අතර කථානායක කරු ජයසූරියගේ සභාපතිත්වයෙන් දස පුද්ගල ව්‍යවස්ථා සභාවේ 7 දෙනෙකු පමණක් සිටි අතර ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අතර රහස් ඡන්දයක් පැවැත්වීමෙන් එයින් පුජිත්ට කැමැත්ත දක්වා ඇත්තේ 3 දෙනෙකු පමණක් වන අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහට 3 දෙනෙකු කැමත්ත පලකර තිබු අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් ඡන්දයක් පලකර තිබුනා.
ඒ අනුව නව පොලිස්පතිවරයාගේ පත්විම පිළිබඳව මේ වනවිටත් යහපාලනය අභ්‍යන්තරයේ ගින්නක් හටගෙන ඇති අතර එය හෙට අනිද්දා වනවිට කරලියට එමට නියමිතය.
ඒ අනුව 34 වැනි පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පත්කර ගනු ලබන්නේ දේශපාලනික අතකොලුවක් ලෙස බව මනාව තහවුරු වි තිබේ. මිට අමතරව පොලිස්පති පූජිත් ජයසුන්දර පොළොන්නරුව පොලිස් ස්ථානයේ සේවය කරන සමයේ සිරිසේන පවුලේ මජර වැඩ රැසකටමද නීතියේ සරණ ලබාදුන් බවට මේ වනවිට අනාවරණය වෙමින් තිබේන අතර ඒ පිළිබඳව තොරතුරු ඉදිරියේදි අනාවරණය කිරිමට බලාපොරොත්තුව වෙමු.
මේ අතර මැයි දිනයට පෙර රාජපක්ෂලා මර්දණය කිරිම සදහා පොටක් පාදා ගැනිම්ට පිනට පහල වු නව පොලිස්පතිවරයාට පවරා ඇති අතර ඒ අනුව හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ තොරතුරු වසන් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා රහස් පොලිසිය අද සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.මීට අමතරව මැයි දිනයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉක්මනින්ම අත් අඩංගුවට ගැනිමටද නව පොලිස්පතිවරයාට පවරා ඇති ප්‍රධාන වැඩ කොටසක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
ව්‍යවස්ථා සභාවට නියෝජිතයන් ලෙස පත්ව රටේ ජනතාවට ගැලපෙන තින්දු තිරණ ගැනිමට නොහැකි තත්ත්වයක් තිබේන බව දැක දැකම එයට සහභාගි විම අණුවන කමක් බැවින් නව පොලිස්පති පත් කිරිම පිළිබඳව ව්‍යස්ථා සභාවට සහභාගි විම ප්‍රතිකේෂ්ප කළ බව ව්‍යවස්ථා සභාව නියෝජිතය කරන අද නොපැමිණි සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයෙකු අප වාර්තාකරු සමග පවසා තිබේ.
උපුටා ගැනීම ලංකානිව්ස් ටුඩේ වෙතින්