සිරිසේනගේ මලයාගේ මාසික ගෙවල් කුලිිය.. හත් ලක්ෂ තිස් දහසක් හෙවත් ඩොලර් 5000...!!!
ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන තම නිවාස කුලිය ලෙස මසකට ඩොලර්
5000 ක දීමනාවක් පසුගියදා පැවැති ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලයේදී අනුමත
කරවාගෙන තිබේ. ඩොලර් 5000 ක් යනු රුපියල් 7,30,000 කට (හත් ලක්ෂ තිස්
දහසකට) අධිකය. කුමාරසිංහ සිරිසේන විසින් මෙකී මෙගා නිවාස කුලී දීමනාව ලබා
ගන්නේ ඔහු විසින් දැනට ටෙලිකොම් සමාගමෙන් පමණක් ලබා ගන්නා මිලියන ගණනක
මාසික වැටුප් සහ දීමනා වලට අමතරව ය.
ලන්ඩනයේ පදිංචියට අගනා ප්‍රෙද්ශයක නිදන කාමර 3 ක නිවසක මාසික කුලිය
පවුම් 2000 ක් හෙවත් ඩොලර් 2850 ක් පමණ වන අතර නිව්යෝර්ක් නගරයේද එවැනිම
ගණනක් වේ. ලොස් ඇන්ජලීස් වැනි හොලිවුඩ් තරු වෙසෙන පලාතක වුව නිදන කාමර 3 ක
නිවසක මාසික කුලිය ඩොලර් 3000 ඉක්මවන්නේ නැත. ඒ අනුව කුමාරසිංහ සිරිසේන
කොළඹින් ජීවත්වීමට නිවාස කුලියක් ලෙස ඩොලර් 5000 ක් ලබා ගැනීම
පුදුමාකාරය.මෙකී පුදුමාකාර නිවාස කුලිය සභාපතිට ගෙවන්නැයි අධ්යක්ෂ මණ්ඩලයට
යොමු කර ඇත්තේ කුමාරසිංහ විසින් අධ්යක්ෂ මණ්ඩලයට පත් කර ගත් ඔහුගේ කූඨ
ව්‍යාපාරික සගයා වන මරාවාදී වෑගපිටිය විසින් වන අතර මැලේසියානු
අධ්‍යක්ෂකවරුන් මීට එරෙහි වෙද්දී ඔවුන් සමග කට ගසා ගෙන එය අනුමත කරවා ගෙන
ඇත්තේ ද ඔහු විසිනි.
මීට පෙර සිටි ටෙලිකොම් සභාපති ලෙස කටයුතු කළ නිමල් වෙල්ගම නිවාස
කුලියක් තබා තම වැටුප හෝ ටෙලිකොම් සමාගමෙන් ලබා නොගත් අයෙක් වීම මෙහිදී
කැපී පෙනෙන්නකි. කුමාරසිංහ සභාපතිගේ මෙගා වැටුප් මෙගා නිවාස කුලී ගෙවිය
යුත්තේ මේ රටේ දුරකථන බිල්පත් ගෙවන අසරණ ජනතාව ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවීමට පෙර ජනතාවට පොරොන්දු වූ
පරිදිම ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ පදිංචියට නොගොස් තමා පෙර
සිටි ඇමැති නිවසේම (ජනාධිපති අවශ්‍යතා අනුව මඳක් සංස්කරණය කර) සාමාන්‍ය
පුද්ගලයෙකු සේ වාසය කරද්දී සමාගම් සභාපති කමක් දරණ කුමාරසිංහ මල්ලී මේ
ආකාරයට මෙගා නිවාස කුලී මහජන මුදලින් ගසා කෑම නින්දා සහගත ය. ජනතාව
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළා මිස කුමාරසිංහ සිරිසේනව ටෙලිකොම්
සභාපති කළේ නැත. මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති සටනේ දී කුමාරසිංහ
සිරිසේන කෙනෙක් පැත්ත පළාතක සිටියේ ද නැත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, April 7, 2016
ඈ බොල සිරිසේන මේ පවුල්වාදයද...!!!තොපි සේරම මේ රවටන්නේ රටේ අහිංසක ජනතාවද...???
2016-04-07T00:55:00+02:00
lankanews
kumarasinghe sirisena|lankanews|lankanews online Sinhala Newspaper|meithreepala family|meithreepala sirisena|srilankan unp|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...