ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 29, 2016

යහපාලනයේ මාධ්‍ය නිරුවත රෙද්දපල්ලෙන් දෝරෙ ගැලූ වගයි....!!!

‘ඒකාබද්ද විපක්‍ෂය’ වැරදි නමක්.. ලිවුවොත්, කිවුවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට.. –
ජනමාධ්‍ය ලේකම් ( හාල් පාරුවෙකුගේ තර්ජණාත්මක ලිපිය)

 ‘ඒකාබද්ද විපක්‍ෂය’ නමින් දේශපාලන පක්‍ෂයන් නැති බැවින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීමෙන් මාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමටද ඉඩ ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ  පවසයි.

මේ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
සියලු මාධ්‍ය ආයතන හා සියලු මාධ්‍යවේදීන් වෙත ඉතා ගෞරවයෙනි,
උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු!
යහපාලනය මත පදනම්වූ වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය අනුව කිසිදු වාරණයකින් තොරව මෙරට මාධ්‍ය නිදහස රිසි සේ දළු ලා වැඩෙන්නට ඉඩදී තිබියදී නීතියට, සදාචාරයට හා ජනමාධ්‍ය කලාවේ වෘත්තිය ආචාරධර්මවලටද පටහැනිව යම් යම් පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා එය ඉතා සූක‍ෂම ලෙස අවභාවිතා කිරීමක් පිළිබඳව මා වෙත වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳ ඔබගේ ගෞරවනීය අවධානය යොමුකරවමි.
වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පකක්ෂය හා විපක්ෂය කුමක්ද යන්න ඉතා පැහැදිලිව අර්ථ නිරූපණය කර තිබියදී, එකී විපක්ෂයට අයත් විපක්ෂ නායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයකින්ද තොරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නාවු එක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට අයත් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු එක්ව “ඒකාබද්ධ විපක්ෂය” නමින් කිසියම් සංවිධානාත්මක දේශපාලන ප්‍රචාරක කටයුත්තක නිරත වී ඇති බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හා ඇතැම් මාධ්‍යවේදීන් කිසිදු වග විභාගයකින් තොරව එය ප්‍රවර්ධනය කිරීම සඳහා අනුබල දෙමින් සිටින බවත් එකි වාර්තාවල සඳහන් වේ.
වත්මන් යහපාලන රජය බලයට පත් වී ගෙවී ගිය පළමු වසර තුළදීම මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දර්ශකයේ පියවර 24 ක් ඉදිරියට රැගෙන එමින් මෙරට මාධ්‍ය නිදහස තවදුරටත් සීඝ්‍රයෙන් පුළුල් කරදීම වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය වී තිබියදී එකී උතුම් වූ මාධ්‍ය නිදහස ඝෘජුවම අවභාවිත කරමින් ජනතාව නොමඟ යවන්නා වු පද භාවිතයක් සඳහා මාධ්‍ය දායකත්වය ලබාදීම ඉහත කී පරිදි නීතියට, සදාචාරයට මෙන්ම වෘත්තීය අචාරධර්මවලටද පටහැනිය.
තවද මෙහි පවත්නා දෝෂසහගත භාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා විසින්ද දැඩිව අවධාරණය කර ඇති බව ඉතා හොඳින් දන්නා පළපුරුදු, කීර්තිමත්, පරිණත මාධ්‍යවේදීන් වන ඔබ, මෙවැනි අවභාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා දායක වීමෙන් ඔබගේ වෘත්තීය ගරුත්වයට සිදුකර ගන්නා හානියද සුළු පටු නොවේ.
එපමණක්ද නොව ඔබ විසින් දැන හෝ නොදැන මෙබඳු අවභාවිතයකට ඉඩදීම හෝ එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීම තුළින් අනවශ්‍ය, අහිතකර හා නීතිවිරෝධී පූර්වාදර්ශයක් සමාජගත වීම වැළැක්විය නොහැකි අතර එමගින් ඔබ නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමටද ඉඩ ඇත. එහි වඩාත් අහිතකර ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී විවිධ පුද්ගලයින් විසින් මෙවැනි මාධ්‍ය අවභාවිතයන් ඔස්සේ තම පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වීමය.
එබැවින් ඉතාමත් සංවේදී කාරණයක් වන උතුම් වු මාධ්‍ය නිදහසට අබමල් රේණුවක තරම් හෝ හානියක් නොවන පරිදි එය තව තවත් පුළුල් කිරීමේ උදාර අරමුණින් මෙවැනි අවභාවිතයන් නිශ්ක්‍රීය කිරීමේ තීන්දුවට එළඹිම සඳහා තම හෘද සාක්ෂිය පමණක්ම විනිශ්චයාසනාරූඪ කරවා කටයුතු කරන මෙන් මෙරට සමස්ත පොදු ජනතාවට තොරතුරු වාර්තා කිරීමේ ඒකායන අධිෂ්ඨානයෙන් යුක්තව ඉතා ගෞරවයෙන් ඉල්ලමි.
නීතිඥ නිමල් බෝපගේ
ලේකම්
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය


පසුගියදා හදිසියේම සිරිසේනගේ කඩේ යන අලුත් පත්විම ලැබු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් නීතිඥ නිමල් බෝපගේ ලවා මැයි 1 වැනිදා ගාල්ලේදි ශ්‍රිලනිපය ලබන අන්ත පරාජය මාධ්‍ය හරහා වසන් කිරිමේ සුදානමක් අද අනාවරණය වුනා.උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත කිරීමට ඉඩ නොතබමු! යනු මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීගේ වන්දි බට්ටයා උත්සහ දරා ඇත්තේ “ඒකාබද්ධ විපක්ෂය” යන නාමය භාවිතා කිරිම මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තරම් වරදක් බවයි.
මෛත්‍රීගේ වන්දි බට්ටයා හේවත් ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් නීතිඥ නිමල් බෝපගේ පැටිකිරිය ගැන රටේ මාධ්‍ය දන්නා කරුණු කිහිපයක් අනාවරණය කිරිම අප සතු වගකිමකි.
නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ කන් බට්ටා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරය දරණ සමයේ සිය නිළ කාර්‍යාලයට අලුත්ම වර්ගයේ සෝෆාවක් ගෙන්වා ගත්තේ ජාතික නාලිකාවට නිවේදිකාවන් බදවා ගැනිමේ සම්මුඛ සාකච්ඡා පැවැත්විමටය.මේ කියන කාරණාව සනාථ කිරිමට තරම් සාක්ෂි ජාතික නාලිකාවේ ඇති අතර අවශ්‍යනම් සොයා ගැනිම එතරම් අපහසුද නැත.ඒ කාලයේ ජාතික නාලිකාවේ  ක්‍රියාකාරී අධ්‍යක්ෂකගේ නිළ කාමරය හදුන්වනු ලැබුවේ “බෝපගේ ගුහාව” යනුවෙනි ජාතික නාලිකාවේ නිවේදිකාවන් බදව ගැනිමේ සම්මුඛ සාකච්ඡා සතියකට වරක් පැවැත්විමද ඒ කාලයේ අනිවාර්‍ය සිදුවු බවද දන්නෝ දනිති.
සදාචාරයක් නොමැති අමනයෙකු “ඒකාබද්ධ විපක්ෂය” නැමති නමටත් බයවිම අලුත් දෙයක්ද නොවේ මන්ද මැයි පලමු වැනිදායින් පසුව මේ රටේ යහපාලනයට මුවාවි සිටින පාහරයන් පන්නා දමන විට මේ අකාරයේ අමන ස්ත්‍රී දුෂකයන්ටද ජම්පරයක් අන්දවනවා දකින්න රටේ බත් කන ජනතාව සතුටු වනවාට සැකයක් නැත.
මේ අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ  විසින්  නිකුත් කරන ලද නිවේදනය තමන් දැනුවත්ව නිකුත් කරන ලද්දක් නොවන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක  පවසයි.ඇමතිවරයා පවසන්නේ අදාල නිවේදනයේ දැක්වෙන්නේ ලේකම්වරයාගේ පුද්ගලික මතය මිස රජයේ මතය නොවන බවයි.
 
මාධ්‍යයට නිදහස නොදුන්නොත්
සත්‍ය තොරතුරු රටට හෙළි වන්නේ නෑ

අස්‌ගිරි මහනාහිමියෝ ජනමාධ්‍ය ඇමැතිට කියති

මාධ්‍ය වෙත නිදහස ලබානොදුනහොත් රටට සත්‍ය තොරතුරු හෙළිවන්නේ නැතැයි අස්‌ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියෝ (28 වැනිදා) ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලකට පැවැසූහ. උන්වහන්සේ එසේ පැවසුවේ ඇමැතිවරයා ඊයේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්‌ථාවේය.

එහිදී අදහස්‌ දැක්‌වූ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක  පැවසුවේ බලපෑම්වලින් තොරව මාධ්‍ය නිදහස තහවුරු කරන පරිසරයක්‌ උදාකර දීමට රජය බලාපොරොත්තු වන බවය. රාජ්‍ය මාධ්‍යයටද සමබරව කටයුතු කරන ලෙස රජය උපදෙස්‌ දී ඇතැයි ඇමැතිවරයා මෙහිදී මහනායක හිමියන්ට පැවැසීය.
 



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.