මෙන්න යහපාලනය කම්බා හොරු සමග හෙළුවෙන්....!!!
පසුගිය රජයෙන් හතරවරම් ලැබ හෙලිකොප්ටර් පවා මිළදී ගත් ගල් කබ්බා සජීන් වාස් නැවතත් යහපාලන ආණ්ඩුවට පැන ඇත.ජනතා අකමැත්තට පිටුපා මෙම යහපාලන ආණ්ඩුවට ගත් කුඩු ලන්සා ,මනූෂ ,ඵස්.බී,
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවති අම්බලන්ගොඩ ශ්‍රීලනිප ආසන බලමණ්ඩල රැස්වීම පැවති වේදකාවට යහපාලන රජයේ දුෂකයෙකු ලෙස හංවඩු ගැසු ගාල්ල ශ්‍රිලනීප අවසන් මැයි රැළියේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන බලෙන් පැමිණ වෙනත් පුටුවක බලහත්කාරයෙන් අසුන්ගෙන ඇති අතර ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරිමට ගිය එම රැස්විමේ සංවිධායකින්ට ප්‍රසිද්ධියේම තර්ජනය කරමින් සජින් එම ස්ථානයෙන් ඉවත් විම ප්රතික්ෂප කල බව එහි සිටි අප විශේෂ වාර්තාකරු සදහන් කළේය.
අදාළ අසුන පසුගියදා සිරිසේනගේ පස්ස හොදන්න ගිය මනුෂ නානායක්කාරට එන්කර තිබු එකක් වන අතර සජින් වාස්ට එම වේදිකාවේ පුටුවක් වෙන්කර නොතිබු අතර පසුව සංවිධායකින් ඒ පිළිබඳව දැන්විමෙන් පසුව දරුණු ලෙස කිපුණු සජින් එම සංවිධායකියින්ට බැනවැදි ඇති අතර වහාම එම අසුනේ තිබු මනුෂගේ නම ඉවත් කර තමන්ගේ නම අතින් හෝ ලියා අලවන ලෙසට තර්ජනය කර තිබේ.
“මට එන්න කිව්වේ ජනාධිපති මෛත්‍රීපාල….ඔය එක එකාට ඔනෑ විදියට මෙතන වැඩ වෙන්න බෑ…..තොපි මේ නම ගලවලා වහාම මගේ නම් අතින් හරි ලියලා ගහපන්…”කෑ ගසා තිබේ.
පසුගියදා රාත්‍රියේ ගාල්ල නගරයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුටද ඉතා දරුණු ආකරයට තර්ජනය කර ඇති සජින්ගේ මැරයන් මැයි 8 දිනයට සහය නොදැක්වූවහොත් අපහු කඩ කරලා ඉවරයි යනුවෙන්ද පවසා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රජයේ වාහන අයුතු ලෙසින් පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වු සජින් වාස් ගුණවර්ධන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගි වෙමින් සිටියදී, බ්‍රිතාන්‍යයේ එවකට ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවිය හෙබැවූ දොස්තර ක්‍රිස් නෝනිස් ට පහර දුන් අමනයෙකි.
මේ අතර රැස්විම අමතමින් මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ අද රටේ ජනතාවට අවශ්‍යව ඇත්තේ අලූත් ආණ්ඩුවක් නොව ඔවුන්ගේ ප්‍රශ්ණවලට විසදුම් ලබා ගැනීම බව පැවසූ ජනාධිපති දේශපාලන න්‍යාය පත්‍රය දෙවන ස්ථානයේ තබා රටේ න්‍යාය පත්‍රය අංක 01 ට ගනිමින් ජනතාවගේ ගැටලූවලට විසදුම් සෙවීමට කැපවීම සියලූදෙනාගේ වගකීමක් බව පැවසු අතර ඒ අනුව පැහැදිලි වන්නේ සිරිසේන යහපාලනය අතහැර දැන් බලය ලබාගැනිම සදහා බල්ලො මරා හෝ සල්ලි හොයන උන් සමග එකට බුදියන්න සුදානම් බවය.
අපගේ පෙර ලිපි අතරින්
http://www.lankanews.org/2015/02/blog-post_31.html
http://www.lankanews.org/2016/02/blog-post_33.html
http://www.lankanews.org/2014/10/blog-post_9.html
සජින්ගේ සුණඛ පුරාණය පහතින්...
http://www.lankanews.org/2015/03/blog-post_29.html
පුනරාගමනය වූ බල්ලා යහපාලන වේදිකාවේ