දගිස්තානය කියන්නේ රුසියාවේ උතුරු කොකේසියානු ප්‍රදේශයේ කැස්පියන් මුහුද
අසබඩ පිහිටලා තිබෙන ෆෙඩරල් සමුහාණ්ඩුවක්. මේ සමුහාණ්ඩුවේ 83% ක් පමණ ජීවත්
වෙන්නේ මුස්ලිම් ජනතාව. රුසියානු ආණ්ඩුවට විසඳාගත නොහැකි බරපතල ගරිල්ලා
යුද්ධ පවතින ප්‍රදේශයක්. සෑම දිනෙකම පාහේ ගරිල්ලා සටන්කාමීන් සහ රුසියානු
හමුදාවන් අතර ගැටුම් ගැන පුවත් පත් වාර්තා කරනවා.
ඒ වගේම කල්මීකි කියන්නේ රුසියාවේ දගිස්තාන සමුහාණ්ඩුවට උතුරු දෙසින්
පිහිටලා තිබෙන බෞද්ධ සමුහාණ්ඩුවක්. රුසියාවේ බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධ
කල්මීකි රන් විහාරය පිටලා තිබෙන්නේ මේ කල්මීකි සමුහාණ්ඩුවේ අගනුවර වන
එලිස්ටා නගරයේ.
දගිස්තානයේ ජාතික මල්ලව පොර කණ්ඩායම අප්‍රේල් මාසේ 3 වැනිදා මේ එලිස්ටා
නුවරට පැමිණුනේ එලිස්ටා නුවර පැවැත්වෙන අන්තර් ජාතික මල්ලව පොර ශුරතා
තරඟයකට සහභාගී වීමට. එදින රාත්‍රියේ නගර සංචාරයේ යෙදුනු මේ දගිස්තානු මල්ලව
පොර කණ්ඩායම රන් විහාරය දැක බලා ගැනීමට පැමිණුනා. නමුත් සිදුවුයේ පුදුම
දෙයක්. අවුරුදු 22ක් වයස කණ්ඩායමේ සාමාජික සයිඩ් ඔස්මානොව් රන් විහාරයේ
තිබෙන රත්රන් ආලේප කල එක බුද්ධ ප්‍රතිමාවක් වෙත ලංවී එයට මුත්‍රා කර බුද්ධ
ප්‍රතිමාවේ හිස වෙත පයින් කරාටේ පහරක්ද එල්ල කළා. ඔහු මේ දෙය සිදු කලේ
දහසකුත් දෙනෙක් බලා සිටියදී.
මේ ආරංචිය ඉතා ඉක්මනින් එලිස්ටා නගරයේ බෞද්ධයන් අතර පැතිර ගියා. ටික
වෙලාවකින් මේ මල්ලව පොර කණ්ඩායම නතර වී සිටි හෝටලය වෙත රැස්වූ අති විශාල
පිරිස් සයිඩ් ඔස්මානොව් වෙත සිය විරෝධතා එල්ල කරන්නට පටන් ගත්තා. ඔවුන්ගේ
ප්‍රශනය වුයේ වැසිකිලියක් ලෙස සහ කරාටේ සටන් ශිල්ප සඳහා ඇයි ඔහු බුද්ධ
ප්‍රතිමාවක් යොදා ගත්තේ යන්න. අවසානයේදී පොලීසියත් පැමිණුනා. එහෙත් සයිඩ්
ගේ පිළිතුර වුයේ ඔහු ඒ බුද්ධ ප්‍රතිමාවක් හෝ පුජනීය ස්ථානයක් බව නොදැන සිටි
බවයි. පිළිගන්නට බැරි නිදහසට හේතුවක් !
ඒ කෙසේ වුවත් ඔහුට විරුද්ධව නඩු පවරලා. දැනට ඔහු එලිස්ටා වල අත් අඩංගුවේ පසු වෙනවා.
කල්මීකි සමුහාණ්ඩුවේ ජීවත් වන ජනතාව ඉතා සාමකාමී ජනතාවක්. එහි මෙවැනි
ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ බොහොම සුළුවෙන්. මීට වසර කිහිපයකට ඉහතදී ද
දගිස්තානයෙන් පැමිණුනු සංචාරක කණ්ඩායමක් අතර බහින් බස් වීමක් ඇතිවී පහර
දීම් වලින් කෙළවර වී තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් රුසියාව පුරා නොයෙකුත් මතයන් ඉදිරිපත්
වෙනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාව. “බෞද්ධයන් හැටියට අනිකුත් පුද්ගලයින් ගැන
තරහක් ඇති කර නොගත්තත් මොහු අපේ පුජනීය ස්ථානය කෙලසුවා.” , ” මේක තනිකරම
බෞද්ධාගම අපහාසයට ලක්කිරීමක්. සයිඩ් හිතන්නේ ඔවුන්ගේ ආගම පමණක් පිළිගැනීමකට
ලක් විය යුතු බවයි.” ” බෞද්ධයෝ පැමිණ මුස්ලිම් පල්ලියක මෙවැනි ආකාරයට
හැසිරුනානම් මේ ප්‍රශනය කොතනින් කෙළවර වේද ? ” , ” අපි බෞද්ධයෝ. සාමයට ලැදි
පුද්ගලයෝ. නමුත් මේ ප්රශ්නයේ අවසානය අධිකරණය විසඳාවි.” මෙවැනි අදහස් අද
රුසියානු පුවත් පත්, වෙබ් අඩවි වල සඳහන් වෙනවා.
දගිස්තාන රජයේ නායක ගමිඩොව් පෞද්ගලිකවම එලිස්ටා නුවරට පැමිණ දගිස්තානය
වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා. ඒ වගේම සයිඩ් ගේ පියාද සමාව ඉල්ලා තිබෙනවා.
දැන් සයිඩ් දගිස්තානු මල්ලව පොර කණ්ඩායමෙන් ඉවත් කළා. මේ සෙනසුරාදා සියලු
කල්මීකි බෞද්ධ වැසියන් සහ රන් විහාරයේ පුජ්‍ය පක්ෂය එකතු වී බුදු පිළිමය
සෝදා පිරිසිදු කර විශේෂ පුජාවක් පැවැත්වීමට කටයුතු සිදු කරනවා.
රොහාන් ඩී.
මොස්කව් නුවර සිට
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, April 17, 2016
මුස්ලිම් තරුණයෙක් බුදු පිළිමයට මූත්රාකර පයින් ගසයි....
Posted by
lankanews
at
April 17, 2016
Labels: lankanews, muslim agenda, Muslim drugs dealers, Muslim extremist, muslim mafia
මුස්ලිම් තරුණයෙක් බුදු පිළිමයට මූත්රාකර පයින් ගසයි....
2016-04-17T01:46:00+02:00
lankanews
lankanews|muslim agenda|Muslim drugs dealers|Muslim extremist|muslim mafia|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...