අග්නි සුබ්‍රමනියම් ඇමරිකාවේ සිට
ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ තමල්නාඩු
නියෝජිතයායි. රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානය
මෙහෙයවන්නේ ප්රභාකරන්ගේ
මේ ඊළාම්වාදියා කිසිදු බාධාවකින් තොරව යාපනයට පැමිණීමෙන් සනාථ වූයේ මෙරට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වන බවයි. යාපනයේදී ඔහු කොටි සංවිධානයේ ජාත්‍යන්තර අවි ජාලයේ හිටපු ප්‍රධානී කේ. පී. හමුවී සාකච්ඡා පවත්වා ඇත.
මේ ඊළාම්වාදියාගේ යාපනය සංචාරය ගැන උතුරේ බුද්ධි අංශවලට වාර්තා වුවත් ඔවුන්ට සිදුවූයේ නිහඬව සිටීමටය.
අග්නි සුබ්‍රමනියම්ගේ අතීතය විමර්ශනය කරන විට ඔහු මෙරට හමුදා නායකත්වය ජාත්‍යන්තර අධිකරණයට ගෙනයැමට උත්සාහ කළ බව හෙළිවිය. 2011 අගෝස්තු 25 වැනිදා තමිල්නාඩුවේදී යුද අපරාධකරු නමින් ග්රන්ථයක් ප්‍රකාශයට පත්විය. මේ ග්රන්ථයට ලිපියක් ලියූ අග්නි සුබ්‍රමනියම් වන්නි යුද්ධය දියත්කළ හමුදා කණ්ඩායම අන්තර්ජාතික අධිකරණයට ගෙන ගොස් දඬුවම් කළ යුතු බව කියා සිටියේය. 2008 දී අග්නි සුබ්‍රමනියම් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්ද ඉදිරිපත් කළේය.
එසේම අග්නි සුබ්‍රමනියම් සමබන්ධ වූ කුත්රාවලි හෙවත් යුද අපරාධකරු ග්‍රන්ථයේ පිටපත් 1400 ක් හංස ස්ටැවන්ජර් නැවෙන් කැනඩාවට යෑවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේ එම නැව කොළඹ වරායට පැමිණීමෙනි. මෙම නැවේ තිබූ කන්ටේනරයක් පරීක්ෂා කළ එවකට සිටි බලධාරීහු එහි තිබූ එම පොත් තොගය රාජසන්තක කරනු ලැබීය. එහෙත් ශ්‍රී ලංකාවට ෙද්‍රaහිකම් කළ අග්නි සුබ්‍රමනියම්ට මෙරටට පැමිණීමට ඉඩ ලැබුණි. මෙය උතුරේ ආරක්ෂක හමුදාවට එල්ල වූ සරදමක් නොවේද?
ඔහු සමඟ ද්‍රවිඩ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී විනෝද් කනගරත්නම්ද උතුරේ සංචාරය කළ බව ආරංචි මාර්ග හෙළි කළේය. මේ පසුබිම මත ඊළාම් නියෝජිත සුබ්‍රමනියම්ට උතුරු මහ ඇමැති විග්නේශ්වරන් හමුවීමට ඉඩ ලැබුණේ කෙසේද? ඔහුට යාපනයට පැමිණෙන ලෙස ඇරයුම් කළේ කවුද යන ප්‍රශ්න මතුවී ඇත. මේ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය නොදන්නේද? ඉන්දියාවට ෙද්‍රdaහි වූවන්ට කිසිදිනෙක ඉන්දියාවට ඇතුළුවීමට ඉන්දීය රජය ඉඩ දෙන්නේ නැත.
අග්නි සුබ්‍රමනියම් සංචාරකයකුගේ වේශයෙන් මෙරටට පැමිණ ආගමන නීති රීති උල්ලංඝනය කර තිබේ. එහෙත් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට ක්‍රියා නොකෙරිණි.
ප්‍රධාන පෙළේ කොටි හිතවාදියකු වූ අග්නි සුබ්‍රමනියම්ට මෙරටට ඇතුළුවීමට ඉඩදීම සහ යාපනයට ගොස් හිටපු බෙදුම්වාදීන් හමුවීමට හැකිවීම මෙරට ජනතාවටද සිදුවූ සමච්චලයක් නොවේද? මෙය පුදුමයක් නොවේ.
චාවකච්ෙච්රියේ පුපුරන ද්‍රව්‍ය කබායක් සහ පුපුරන ද්‍රව්‍ය හමුවීම ගැන ප්රභාකරන්ගේ මස්සිනා වූ ශිවාජිලිංගම්ගෙන් හා උතුරු පළාත් සභාපති එම්. සිවඥනම්ගෙන් ප්‍රශ්න කිරීමට ද රහස් පොලිසිය ක්‍රියා කළේ නැත.
එම පසුබිම මත තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ වයිකෝ රාම්දොස් වැන්නවුන් සමඟ ශ්‍රී ලංකාවට එරෙහිවූ අග්නි සුබ්‍රමනියම් ශ්‍රී ලංකාවට පැමිණීම රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති සංවිධානයට දොර විවෘත කිරීමක් නොවේද...?
කීර්ති වර්ණකුලසූරිය