දේශපාලනඥයන් 45 දෙනෙකුගේ නමට මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි දැනගන්නට තිබේ. කැබිනට් මණ්ඩලය මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ දේශපාලනඥයන් දහ දෙනෙකුට ද මෙම බලපත්‍ර හිමි වී තිබීමයි.
මේ අතරින් වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මන්ත්‍රීවරයෙකුට බව හෙළි වී තිබේ.
මීට අමතරව කැබිනට්
මණ්ඩලය විසින් මෙරට දේශපාලන ක්ෂේත්රයේ ක්‍රියාකාරීව සිටින හා සිටි දේශපාලනඥයන්ගේ ඥාතීන්ගේ නම්වලින් ලබාගෙන ඇති, මත්පැන් බලපත්‍ර පිළිබඳ වාර්තාවක් ද ලබාදෙන ලෙස රවි කරුණානායක මහතාගෙන් ඉල්ලා ඇත. එම තොරතුරු මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
මතට තිත නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වුවත් මෙරට සමහර දේශපාලනඥයන් මතට තිතට, තිත තබා මත්පැන් හල් බලපත්‍රවලින් තමන්ගේ මඬිය තර කරගත් අයුරු මේ තොරතුරු වලින් හෙළිදරවු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.