ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 8, 2016

ෆැඩිෆීල්ඩ් වලත්තයා අළුත් බෙන්ස් ඵකක් සඳහා ලක්‍ෂ 400 ඉල්ලා පොරේ....

මේ අතර 6 පැවැති කැබිනට් හමුවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වාහනයක් මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයකු වෙත රජයෙන් වෙන්කරනු ලබන මුදල තමාට වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 350ක් වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන්කෙරෙන නමුත් සරත්

ෆොන්සේකා අමාත්‍යවරයා පවසා ඇත්තේ බී.එම්.ඩබ්ලිව්. 7 සීරීස් වාහනයක් මිලදී ගැනීම සඳහා තමන්ට මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
එවැනි වාහනයක් රුපියල් ලක්ෂ 700ක් පමණ වන බැවින් නවීන බෙන්ස් රථයක් හෝ මිලදී ගැනීම සඳහා ද රුපියල් ලක්ෂ 400ක් අවශ්‍ය බැවින් අමාත්‍යවරයකු ලෙස තමාට වාහනයක් මිලදී ගැනීමට වෙන්කෙරෙන රුපියල් ලක්ෂ 350ක මුදල රුපියල් ලක්ෂ 50කින් වැඩිකරදෙන ලෙසට මෙහිදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඉල්ලා තිබේ.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ  සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු අමාත්‍ය, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා  අතර  (06) උදෑසන පැවැති කැබිනට් හමුවේදී සිදුවූ උණුසුම් වචන හුවමාරුව සමථයකට පත්කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වී තිබේ.
එම කැබිනට් හමුවේදී උතුරු නැගෙනහිර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඊයේ උදෑසන ඉදිරිපත් වී ඇත.
එහිදී බුද්ධශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ  අදහස් දක්වමින් පවසා ඇත්තේ “පහුගිය කාලේ මේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය මඟහැරිලා තිබුණු නිසා මේ යෝජනාව ඉතාම හොඳ එකක්. විහාර සංවර්ධනය කළ යුතුයි” යනුවෙනි.
ජනාධිපතිවරයා ද ඊට ප්‍රතිචාර දක්වමින් “ඔව්. විහාරස්ථාන සංවර්ධනය සඳහා මුදල් යොදලා කඩිනමින් ඒක කරන එක හොඳයි” යැයි පැවැසීය.
මෙහිදී නැගී සිටි අමාත්‍ය සරත් ෆොන්සේකා  “මටත් දෙයක් කියන්න තියෙනවා” යනුවෙන් පවසා ඇත.
අනතුරුව තමන් නැගී සිටි කරුණ කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරමින් “එක ඇමැතිවරයෙක් පහුගිය දවසක මම කළ ප්‍රකාශයක් ගැන සමාව ගැනීමක් කරලා තිබුණා හාමුදුරුවන්ගෙන්. ඒ අඥානවන්ත නූගත් කෙනෙක් කළ ප්‍රකාශයක්. මට සමාවෙන්න මට සමාවෙන්න කිය කියා. එහෙම ප්‍රසිද්ධියේ සමාවගන්න ජාතියේ ඇමැතිවරු මේකෙ ඉන්නවා” යැයි සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කියා සිටියේය.
සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කැබිනට් හමුවේදී එලෙස වක්‍රාකාරයෙන් චෝදනා කර තිබුණේ අමාත්‍ය විජයදාස රාජපක්ෂටය.
එහිදී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙලෙස පවසා තිබේ. “මේ කියන්නේ බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ ගැනයි. උන්වහන්සේ ගැන ඒ කරපු චෝදනාව පදනම් විරහිතයි. මම සමාව ගත්ත නිසා ඒක එතැනින් ඉවර වෙලා ප්‍රශ්නයක් ඇතිවීම වැළකුණා. මම එහෙම නොකලා නම් සමාව ගන්න වෙන්නේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි” යනුවෙන් අමාත්‍යවරයා පවසන අවස්ථාවේදී කැබිනට් රැස්වීම තුළ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද අසුන්ගෙන සිටියේ ය.
මෙම ප්‍රකාශයෙන් පසුව සිද්ධිය පිළිබඳ අමාත්‍යවරුන් දෙපළ අතර ටික වේලාවක් යනතුරු උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර, වාග් ප්‍රහාරය අවසන් වූයේ “හරි හරි අපි දැන් ඕක නවත්තලා ඊළඟ යෝජනාවට යමු” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඊළඟ කැබිනට් යෝජනාව විමසා බැලීමට නියෝග දීමෙන් පසුවය.
මේ අතර ඊයේ පැවැති කැබිනට් හමුවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වාහනයක් මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයකු වෙත රජයෙන් වෙන්කරනු ලබන මුදල තමාට වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 350ක් වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන්කෙරෙන නමුත් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසා ඇත්තේ බී.එම්.ඩබ්ලිව්. 7 සීරීස් වාහනයක් මිලදී ගැනීම සඳහා තමන්ට මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
එවැනි වාහනයක් රුපියල් ලක්ෂ 700ක් පමණ වන බැවින් නවීන බෙන්ස් රථයක් හෝ මිලදී ගැනීම සඳහා ද රුපියල් ලක්ෂ 400ක් අවශ්‍ය බැවින් අමාත්‍යවරයකු ලෙස තමාට වාහනයක් මිලදී ගැනීමට වෙන්කෙරෙන රුපියල් ලක්ෂ 350ක මුදල රුපියල් ලක්ෂ 50කින් වැඩිකරදෙන ලෙසට මෙහිදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
මෙම ඉල්ලීම ඉවතලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ අගමැති රනිල් වික්‍රමසිංහ  පවසා ඇත්තේ ඒ පිළිබඳ ‘පසුව සලකා බලමු’ යනුවෙනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.