ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක
සිය අමාත්‍යාංශය සඳහා මිල
ඒ අනුව අනාවරණය වන්නේ මෙම ගොඩනැගිල් ජනප්‍රිය නිළි සබීතා පෙරේරාගේ සුවාමිපුර්ෂයාට හිමි ඩී.පී. ජයසිංහටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් ආයතනයට අයත් වූවක් වන අතර එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙන්නේ කෘෂිකර්ම ඇමතිවරයා නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් බවය.
එම ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය විසින් 2016/02/10 දින කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ ඩී.පී. ජයසිංහටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් ආයතනය විසින් 2016/01/29 දින යොමු කර ලිපිය අනුව සිය ගොඩනැගිල්ල රුපියල් මිලියන විසි එක් දාහසක (රු. මි. 21,000) මිලකට සැපයීමට හැකි බවය. එම මුදලට බදු එකතුවන බවද දන්වා තිබේ.
එමෙන්ම අවම වසර 05ක ගිවිසුම් කාලයකට එළඹිය යුතු බවත් ගිවිසුමට එලඹී වසර 03කින් කුලිය 15%කින් වැඩි වීමක් අවශ්‍ය වන බවත් ය. වසර දෙකක අත්තිකාරම් මුදලක් අවශය බවත් තවත් මාස තුණකට ගොඩනැගිල්ලේ ආරක්ෂාව වෙනුවෙන් යැයි පවසමින් තවත් අත්තිකාරම් මුදලක් අවශ්‍ය බවත් දන්වා ඇත.
මීට අමතරව අදාල ගොඩනැගිල්ල හිමි ආයතනය විසින් විදුලි සෝපානය පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීම, පොදු වායු සමීකරන යන්ත්‍ර නඩත්තු කිරීම, ගොඩනැගිල්ල පවිත්‍ර කිරීම හා විදුලි උත්පාදක යන්ත්‍රය (generator) ලබාදීම සිදු කරන බවත් විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් රජය විසින් ලබා දිය යුතු බවත් දන්වා තිබේ.
එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහා වූ 2016/02/17 දිනැති රනිල් වික්‍රම සිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති කැබිනට් පත්‍රිකාව ඩී.පී. ජයසිංහටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් ආයතනය විසින් යොමු කර ඇති ලිපියේ කරුණු එලෙසම සටහන් කර ඇති අතර එහි ඇති එකම වෙනස වන්නේ ඩී.පී. ජයසිංහටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් ආයතනය සිංහල භාෂාවෙන් යොමු කර ඇති ලිපිය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කිර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යොමු කිරීම පමණි.
මෙහි වර්ග අඩි අනූ දහසක (90,000) ප්‍රමාණයක් රුපියල් 167.50ක් බැගින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන් දහසක (රු. 15,075,000) මාසික කුලියක් අය කෙරෙන බවට ගොඩනැඟිල්ල හිමිකරු ඉදිරිපත් කර ඇති යෝජනාව කෘෂිකර්ම අමාත්‍යාංශය එකහෙළාම පිළිගෙන ඇතත් එය රජයේ තක්සේරුකරුගේ තක්සේරුව වර්ග අඩියකට රුපියල් එකසිය පනහක් (150) බවද ඒ අනුව මාසික කුළිය රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් (රු. 13,500,000) බවද වේ. ඒ අනුව වර්ග අඩියකට රුපියල් දාහතයි පනහක් (රු. 17.50) වැඩිපුර ගෙවීමකට අමාත්‍යාංශය එකඟවී ඇති බවද විගණකාධිපතිවරයා නිකුත් කර ඇති වාර්තාවල සඳහන් වේ.
කෙසේ නුමත් අවසානයේ පැහැදිළි වන්නේ මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම ආමාත්‍යාංශයට ලබා ගැනීමේ ගණු දෙනුම සම්පූර්ණයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඩී.පී. ජයසිංහටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් ආයතනයේ ප්‍රථිපලයක් අනුව සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කිසිඳු අමාත්‍යවරයෙකු විරුද්ධ නොවූ බවත් ය.