ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 29, 2016

මෙන්න පට්ට හොරු...අහෝ මුන්ට රැවටුන ජනතාව...!!!


කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වසර පහක කාලයකට රුපියල් කෝටි අනූහයක කුලී පදනම මත ලබාගැනීමට තිබූ පෞද්ගලික ගොඩනැඟිල්ල සඳහා කැබිනට්‌ අනුමැතිය "හිමිව" තිබෙන බව (28 දා) 'දිවයින' පුවත්පත වාර්තා කර තිබිණි.
මුලින්ම දිව්‍ රුම් දුන් දා ඊට වැය කළේ රුපියල් 3000 පමණක් යැයි ,ජනතාව රැවටූ මේ යහපාලන මුග්ධයන්
දැන් මේ මාස 16 ක් පිරී යාමට මත්තෙන් කුලි සඳහා පමණක් කෝටි ගණන් වැය කරති.
වියදම් හා නාස්‌තිය අඩුකරනවා යෑයි කියා මේ යහපාලන ආණ්‌ඩුව අමාත්‍යාංශයක්‌ කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යැමට දරා ඇති වැඩිම මුදල මෙය වන්නේය. එළැඹෙන මැයි පළමුවැනිදා කම්කරුවන්ගේ දිනයයි. ඊට පසුදින එනම් 02 වැනිදා සිට රටේ ජනතාව තව තවත් බෙල්ල ළඟටම හිර කරනු පිණිස වැට්‌ බද්ද වැඩි කිරීමට නියමිතව ඇත. වැට්‌ වැඩි කරන්නේ රටේ ආර්ථික අර්බුදයක්‌ ඇති නිසා බව කියන්නේ ආණ්‌ඩුවේම උදවියයි. රට ඒ කියන තරම් ආර්ථික අර්බුදයක සිටින බව කියන ඇමැතිවරු රටේ ජනතාවට ගල්පැළෙන බොරු කියමින් නාස්‌තියට දූෂණයට පාරවල් කපන්නෝය. අප තේරුම්ගත යුත්තේ මෙන්න මේ ඇත්ත කතාවය.

ජනමාධ්‍ය ලේකම්ගේ අලූත්ම තියරිය අනුව පොලීසිය නීතිය හමුවේ ප‍්‍රතිබන්ධනය වෙයි.. ඒකාබද්ද විපක්‍ෂය පිළිගනී..

‘ඒකාබද්ද විපක්‍ෂය’ නම් පිලිගත් දේශපාලන පක්‍ෂයන් නැති බැවින් එය ප්‍රවර්ධනය කරන්නන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමට ඉඩ ඇතැයි  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  නිමල් බෝපගේ  විසින් නිකුත් කල නිවේදනය පැය 24ක් යන්නට පෙර ශ‍්‍රී ලංකා පොලිසිය විසින් උල්ලංඝනය කර තිබේ.
මැයි මස පළමුවැනිදා පැවැත්වෙන මැයි රැුලි සම්බන්ධයෙන් වූ මාර්ග සැලැස්ම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත්තේ ‘ඒකාබද්ද විපක්‍ෂය’ යන නම අවස්ථා කිහිපයකදීම සඳහන් කරමිනි.

යහපාලනයේ මාධ්‍ය නිරුවත රෙද්දපල්ලෙන් දෝරෙ ගැලූ වගයි....!!!

‘ඒකාබද්ද විපක්‍ෂය’ වැරදි නමක්.. ලිවුවොත්, කිවුවොත් මාධ්‍යවේදීන් නීතිය හමුවට.. –
ජනමාධ්‍ය ලේකම් ( හාල් පාරුවෙකුගේ තර්ජණාත්මක ලිපිය)

 ‘ඒකාබද්ද විපක්‍ෂය’ නමින් දේශපාලන පක්‍ෂයන් නැති බැවින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා දායකවීමෙන් මාධ්‍යවේදීන් නීතිය ඉදිරියේ ප්‍රතිබන්ධනය වීමටද ඉඩ ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ  පවසයි.

Thursday, April 28, 2016

ප්‍රභාකරන් ඝාතකයා සමරන්න රජයේ අමාත්‍යාංශයේ සාකච්ඡාවක්

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් මෙවර මුල්ලිවායික්කාල් අනුස්මරණ (ප්‍රභාකරන්  මරා දැමූ දිනය)

දිනය වව්නියාවේදී සැමරීමට නියමිත බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වව්නියාව කාර්යාලයේදී සිය සාමාජිකයන් ගෙන්වා සාකච්ඡාවක් පවත්වා අනාවරණය කර තිබේ.
මුල්ලිවායික්කාල් අනුස්මරණ දිනය(ප්‍රභාකරන් මරා දැමූ දිනය) මෙවර සියළු ජනතාව රැස්කර සැමරීම සඳහා වන සියළු කටයුතු සංවිධානය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර, ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

සම්බන්ධන් ගැන කියු නිළධාරි කඳවුරෙන් ඉවත් කරයි...!!!

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්  ඇතුළු එම පක්‍ෂයේ දේශපාලනඥයන් පිරිසක්‌ කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් රටට අනාවරණය කල බව කියමින් කිළිනොච්චිය පරවිපච්චාන් හමුදා කදවුරේ ඉහල පෙළේ හමුදා නිළධාරින් 5 දෙනෙකු වහාම කදවුරෙන් ඉවත්කර විනය පරික්ෂණ පැවැත්විමට කටයුතු කර තිබෙන බව වාර්තාවේ...

අර්ජුන වරායෙ සල්ලි ලක‍්ෂ 24 ක කාම උත්තේජක ගෙන්වයි....!!!

අර්ජුන රණතුංග වරාය අධිකාරියේ රුපියල් ලක‍්ෂ 24 ක මුදලක් වියදම් කරමින් කාම උත්තේජක වාජීකරණ ඖෂධ ඇතුළු ආයුර්වෙිද ඖෂධ තොගයක් වරායට ගෙන්වා ඇත්තේ තම වෛශ්‍යාවන් සමග කම් සැප විඳීමට යැයි වරාය සේවකයෝ පවසති.
ශ්‍රී ලංකා ආයුර්වෙිද සංස්ථාවෙන් ගෙන්වාගෙන ඇති මෙම ඖෂධ තොගය අතර අශ්ව ගන්ධාරිෂ්ඨය, අශ්වගන්ධ චූර්ණය, ශ්ර්තය මදන මෝදකය, කාමේෂ්වර මෝදකය ආදී කාම උත්තේජන වාජිකරන ඖෂධ රාශියක් වෙති. සමහර දුර්ලභ ඖෂධ ග්‍රෑම් එකක් රු. ලක්ෂයක් පමණ වටිනා බව පැවසේ. වරායට ගෙන්වා ඇති මෙම වාජීකරණ ඖෂධ උත්තේජන ගැටලුවකට මුහුණ පා නැති වරායේ සේවකයන්ට නම් අවශ්‍ය නොවන අතර ඒවා අවශ්‍ය වන්නේ අර්ජුන ඇමතිවරයාට බවත් ඇමතිවරයා මේ වනවිට තම බිරිඳට අමතරව කාන්තාවන් 05 දෙනෙතු සමග ප්‍රසිද්ධියේ ඇසුරු කරන බැවින් මෙම ලිංගික උත්තේජන ඖෂධ වර්ග ඇමති වරයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන්වා ඇති වග පැහැදිලි යැයි සේවකයෝ පවසති.

දේශපාලන පත්වීම් ලැබූ අයි.ටී.ඵන් අළුත් බයියො දැන් මෛත්‍රී නෝ කෙයාර්ලු....!!!

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා  ( 27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හා ප්‍රවෘත්ති කර්තෘවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා .මේ මාධ්‍ය සාකච්ඡාවට ආණ්ඩුවට හැමදාමත් වගේ කඩේ යන අංක එකේ යැයි කියා ගන්නා ස්වාධින රූපවාහිනියේ කිසිදු වගකිව යුතු බළධාරියෙකු සහභාගිවී නෑ .මේ සාකච්ඡාවට සහභාගි වන ලෙසට ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු , ස්වාධින රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ සමාන්‍යාධිකාරි ලාල් හේමන්ත මාවලගේ ඇතුළු තිදෙනෙකුට ආරධනා කර තිබුණද ඒ ආරාධනය ස්වාධින රූපවාහිනිය කුණු කූඩයට විසි කර දමා තිබෙනවා .

තරුණයා රිය අනතුරකට ලක් කර පලා ගියේ චම්පික ....

පසුගියදා රාජගිරිය ප‍්‍රදේශයේදී සම්පත් සන්දීප් නම් තරුණයා රිය අනතුරකට ලක් කර පලා ගියේ ඇමති චම්පික රණවකම බවට තහවුරු වන ප‍්‍රබල විද්‍යාත්මක සාක්‍ෂියක් හමු වූ බව එම නඩුවේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයෝ කියා සිටිති.
අනතුර සිදු වූ දින එම වේලාවන්වලදි ඇමතිවරයාගේ ජංගම දුරකතන සංඥා සමන් මාර්ගය අදාල අනතුර සිදුවී ස්ථානය හා නිශ්චිතව සැසඳෙන බව ඊයේ දිනයේ පොලීසිය විසින අධිකරණයට දන්වා තිබේ.

සාටක සුණඛ බැසිලා නැවත කරළියේ....!!! ගාල්ලේදී ඇත්තේ රාජ්‍ය සේවක සමුළුවක්.. මැයි රැළියක් නොවෙයි..

මැයි පළමුවැනිදා ගාල්ලේදී පවත්වන්නේ ශ‍්‍රීලනිප මැයි රැළියක් නොව රාජ්‍ය සේවකයන්ගේ සම්මන්ත‍්‍රණයක් යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ  පවසයි.
වදුරඹදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ශ‍්‍රිලනිප මැයි රැළියට සහභාගී වන ලෙස රාජ්‍ය සේවකයින්ට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බවයි.

Wednesday, April 27, 2016

වැල්ලවත්තේදී දුමරියේ ගැටී තරුණියන් දෙදෙනෙකු මිය යාමේ CCTV දර්ශණ මෙන්න..!!!

පෙරේදා 25 රාත‍්‍රියේ මරදානේ සිට කළුතර දක්වා ගමන් කල නගරාන්තර දුම්රියේ ගැටීමෙන් තරුණියන් දෙදෙනෙකු මරණයට පත් විය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ උසස් පෙල හදාරමින් සිටි සිසුවියන් දෙදෙනෙකි.
වැල්ලවත්තේ ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතු සම්බනධ CCTV දර්ශණ දැන් නිකුත් වී තිබේ.

සිරා සහ සාරුවා සමග සජින් දැන් ගජ මිත්‍රයෝ....!!! රැවටුනේ බොලල්ලා...!!!

සාරුවා සුනිල්, සිරාගේ මැයි රැලියට...!!!මෛත‍්‍රීපාල සිරිසේන පසුගියදා ජනතාව හමුවේ කියු තවත් පට්ටපල් කෙප්පයක් අද අනාවරණය වුනා.ස්ත්‍රී දූෂණ සියයක් සිදුකිරීමේ ප්‍රීතිය සැමරීමට සාදයක් පැවැත්වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති  සාරුවා ලියනගේ සුනිල් නැමත්තා ඉවත් කිරිමට තමන් එවකට ශ්‍රිලනීප මහලේකම්ව සිටියදි ලිපි යැවු බවත් ඒවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට බැන වදිමින් ආපසු ගෙන්වා ගත් බවට කල ප්‍රකාශය කේප්ප සිරාගේ තවත් ගල් පැලෙන පචයක් බව අද තහවුරු වි තිබේ.“එදා මෛත‍්‍රීපාල සිරිසේන  අකුරැස්සේ ස්තී‍්‍ර දූෂකයකු ගැන කීවා. ඒ  කියපු ස්ත‍්‍රී දූෂකයා අද ගාල්ල රැලියට එයාගේ ගාමන්ට්වල වැඩකරන සේවක සේවිකාවන් සහිත බස් රථ 10ක් ගෙනෙන්න පොරොන්දු වෙලා. තමන් බදාගත්තාට පස්සේ සජින් වාස්ලා, අකුරැස්සේ ‘ස්ත‍්‍රී දුෂකයා’ හොඳ වෙනවාද? අද එවැනි පිරිස් සමග එකතු වෙලා මැයි දිනය සමරන අන්ත පහත් තත්වයට මේ පාලකයන් ඇද වැටී තිබෙනවා.” -විමල් වීරවංශ

මේ බංකොළොත්, දූෂිත ආණ්ඩුව පරාජයට පත් කිරිමේ සටනේ තීරණාත්මක කඩඉම මැයි 01 වැනිදාට යෙදී තිබෙන බවත් ඒ වෙනුවෙන් එදිනට කිරුළපන ක‍්‍රිඩාංගණය වෙත රොද බදින ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පොදු ජනතාව වෙතින් ඉල්ලා සිටී.
අද(26) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින්  එසේ පැවසීය.

Tuesday, April 26, 2016

සම්බන්ධන් ඇතුළු පිරිසක්‌ හමුදා කඳවුරකට පැනීම: කඳවුරෙන් සහාය නොලැබී පොලිස්‌ පරීක්‍ෂණ අතරමග

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්  ඇතුළු එම පක්‍ෂයේ දේශපාලනඥයන් පිරිසක්‌ කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන්

පොලිසිය ආරම්භ කර ඇති පරීක්‍ෂණයට එම කඳවුරේ හමුදා නිලධාරීන් සහාය දැක්‌වීමට පසුබෑම නිසා පරීක්‍ෂණය කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත ඉදිරිපත් නොවන ලෙස ඉහළ හමුදා නිලධාරීන් තමන්ට නියෝග ලබාදී තිබෙන බව කිලිනොච්චිය පරවිපච්චාන් කඳවුරේ නිලධාරීන් පොලිසියට දැනුම්දී තිබේ. මෙම සිද්ධියට මුහුණ දුන් නිලධාරීන්ගෙන් ප්‍රකාශ  ලබා නොගෙන මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නොහැකි බව පොලිසිය පවසයි.

ප‍්‍රකට කොංගෝ ගීත ගායක පපා වෙම්බා වේදිකාව මත මියගියා...!!!

ප‍්‍රසංගයක් ඉදිරිපත් කරමින් සිටියදී ඇද වැටීමෙන් 24 මියගියා. මෙම ප‍්‍රසංගය පවත්වා තිබුනේ අයිවරිකෝස්ට්හි

අබිජාන්හිදීය. 66 හැවිරිදි  වයසක සිටි පපා පසුගිය කාලයේ රෝගකිහිපයකින් පීඩා විඳි බවත් කලකට පසු අධික වෙහෙසකට පත්වූ නිසා හෘදයාබාධයකට ලක්වන්නට ඇති බවත් විශ්වාස කෙරේ.
අප‍්‍රිකානු කියුබානු හා බටහිර සංගීත මුසුකර ගායනයෙහි යෙදීම නිසා පපා අතිශය ජනප‍්‍රිය නමක්දිනාසිටි කොංගෝ ශෛලියේ ගායකයෙකි.
ඔහු ඇද වැටෙන ආකාරය නිශ්චිතවම කැමරාවට හසුවී නැත. ප‍්‍රසංගයේ නර්තන අංගයක් පැවැත්වෙමින් සිටියදී ඔහු පසුපසට වන්නට සිටින විට ඇදවැටීම සිදුව ඇති අතර එම අවස්ථාවේ එම නර්තන පිරිස ඔහු වෙත දිවගොස් ආධාර කරන අයුරු පහත වීඩියෝවේ දැක්වේ.

අනේ ඔයාල අපේ කඳවුරු වලට ඵන්න ඵපා කියා ඉල්ලුවා...!!! මෙහෙමත් නිවට කවටයෝ ....!!!

අනවසරයෙන් හමුදා කඳවුරු තුලට ඇතුළු නොවන්නැයි දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට කලින්ද

දැනුම් දී තිබූ බව ආරක්‍ෂක ලේකම්    පවසයි.
යුධ හමුදාපතිවරයා පවා පුද්ගලිකවම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලද බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

ඉතාලියේ ඊලාම් කොඩිය එසවීමක් ...!!!

ඊයේ දිනයේ ඉතාලියේ බොලොන්ඤ්ඤෝහි පැවති ක්‍රීඩා තරගයකදී ඊලාම් කොඩිය එසවීමක් සම්බන්ධයෙන් ඉතාලියේ වාසය කරන ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එහිදි ලාංකිකයන් පිරිස ඊළාම් කොඩිය ඉවත් කර සිංහ කොඩිය ඔසවන්න යාමේදී ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීමට ඉතාලි පොලිසිය පැමිණියහ.

ජෙප්පෝ නින්දෙන් ඇහැරෙයි,...!!!

වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු සඳහා දේශපාලන පත්වීම ලද අයට විශාල වශයෙන් වැටුප් සහ දීමනා

වරප්‍රසාද වැඩිකරගනිමින් ජනතාව මත බදු බර පටවමින් කටයුතු කරන වත්ම්න මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ වතවත් වංචා දූෂණ සහ නීතිවිරෝධී මූළ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් කරුණු රැසක් ජවිපෙ  (24) අනාවරණය කර සිටියේය.
වර්තමාන හවුල් ආණ්ඩුව නාස්තිකාර වියදම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යමින් ජනතාව මත අලුත් වටයකින් බදුබර පැටවීමට උත්සාහ කරමින් සිටීම, මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේ අලුත්ම වංචා-දූෂණ හෙළි කිරීම සහ ජවිපෙ මෙවර අති උත්කර්ෂවත් අන්දමින් සමරන්නට සූධානම්වන මැයි දින පෙලපාලිය හා රැලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කර සිටියේ ය.

Monday, April 25, 2016

දැන් කිසි දෙයකට බයවෙන්න එපා…..පොලිස්පති ඉන්නේ මගේ අතේ….ඔනෑ දෙයක් මට කියන්න…!!!

ජනක රත්නායක යනු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුප්‍රකට කැරෝකී ශාලාවක් වන ‘ICE’ හි අයිතිකරු ය. ඔහු මෙම කැරෝකී ශාලාව රුසියානු ජාතික කාන්තාවක් වන Zelana නැමැති කාන්තාව මගින් පවත්වාගෙන යනු ලබයි. සුරූපී රුසියානු ජාතික තරුණියන්ගේ ආගන්තුක සත්කාරය ශ්‍රී ලංකාවේ බලවත් පුද්ගලයන්ට ලබා

දී ඒ මගින් තමන්ගේ ඩීල් දමා ගැනීමේ අදහසින් ජනක රත්නායක මෙම කැරෝකී ශාලාව ආරම්භ කල අතර දිනක් එම ස්ථානයේම විශේෂ කාමරයකට රූසියානු කාන්තාවන් දෙදෙනෙකු සමග යහන්ගත විමට අයෙකු පැමිණි අතර කාන්තාවන් දෙදෙනා ඔහු සමග ලිංගිකව සතුටු විම අරම්භ කළා පමණි එක්වරම පොලිස් වොකි ටොකි (WOKI TOKI) නාදවිය කාන්තාවන් දෙදෙනා පණ කඩාගෙන දිව ගියේය.
ඒ වෙන කවුරුත් නොව වත්මන් පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර හේවත් පුජිත් ජයසුන්දරය එදා පුජිත ජනකගේ උගුලට හසුවිය එම කාමරයේ සිටි ඡායාරූප තවමත් ජනක සතුව් තිබේ.එය තවත් සනාථ වන කරුණක් නම් ඒ ඊයේ ජනක රත්නායක සිය ව්‍යාපාරිකයන් හමුවි කල ප්‍රකාශයයි…..”දැන් කිසි දෙයකට බයවෙන්න එපා…..පොලිස්පති ඉන්නේ මගේ අතේ….ඔනෑ දෙයක් මට කියන්න…මම බලාගන්නම්…”පුජිත් ජයසුන්දර පොලිස්පති කිරිම පසුපස අදිසි හස්තයන් කිහිපයක්ම තිබේන බව අප නිරන්තරයෙන් අනාවරණය කර අතර යම් දිනක පුජිත් “කූජිත” කරන ප්‍රධානම අදිසි හස්තය අද අනාවරණය කිරිමට අප තිරණය කළා.
‘අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දුන් ට්‍රිලියම් රෙසිඩන්සීස් ආයතනයේ සභාපති ජනක රත්නායක  තමන් විසින් අගවිනිසුරුවරියට ඒ ගනුදෙනුවේ දී ලක්ෂ 16 ක වට්ටමක් දුන් බව කියා සිටියේ ය. මේ ජනක රත්නායකගේ සාක්ෂියෙන් උපුටා ගත් කොටස් කීපයකි.”

බල්ලෙකුගේ පුනරාගමනය....!!! මෙන්න යහපාලනය කම්බා හොරු සමග හෙළුවෙන්....!!!

මෙන්න යහපාලනය කම්බා හොරු සමග හෙළුවෙන්....!!!
පසුගිය රජයෙන් හතරවරම් ලැබ හෙලිකොප්ටර් පවා මිළදී ගත් ගල් කබ්බා සජීන් වාස් නැවතත් යහපාලන ආණ්ඩුවට පැන ඇත.ජනතා අකමැත්තට පිටුපා මෙම යහපාලන ආණ්ඩුවට ගත් කුඩු ලන්සා ,මනූෂ ,ඵස්.බී,

අර්ජුණ ,වැනි අපතයන් අතරට අළුතින්ම ඵක් කොට ගෙන ඇත්තේ මෙම නරුමයාය .මෙම රජය බලයට ආ සමයේ හොරුන් අල්ලනවා යනුවෙන් තප්පුලමින් ජනතාව රවටා සාටක සුණඛ බැසිල් වැනි දේශද්‍රෝහී අපතයන් බොරුවට රිමාන්ඩ් කොට සති දෙකෙන් තුනෙන් මුදා හරිනු ලැබීය.සාටක සුණඛයා නම් ඌට ලේ බඩ යන බැව් කියමින් සුඛෝපභෝගී ලෙසට රෝහලක ගත කළේය.ඒ කෙසේද යත් නැව් ගිල ඇති පට්ටම කපටියෙකු වන රාජිත මෙනී...ඌ ද අල්ලස් කොමිසමෙන් සොයද්දී ( සිංගප්පූරුවේ මවුන්ට් රෝයල් හෝටලයේ "රෝහලේ "සුවපහසුව" ගතකොට කුඩු දුමියා මෙන් රටම අන්දවා ) නැවත පැමිණියේය.හදවත් සැත්කමක් කළ රෝගියෙකු නිසි තත්වයට පත්වීමට අඩුම ලෙසින් මාස තුනක් අවැසිය.ඌ යස අගේට සිටිනු අපට පෙනේ....මේ අන්දවන්නේ රටේ ජනතාවය  .මුන්ගෙන් ඇසිය යුත්තේ කෙලින් ප්‍රශ්ණය අද සිටින ඇතැම් ගොබ්බයන් නමට මාධ්‍යවේදීන් ය .උන් තමුන් ඇසීමට බලාපොරොත්තු වන ප්‍රශ්ණ කලින්ම උන්ට ලබාදේ....ඒ නිසා මාධ්‍ය සාකච්ඡාවන් ඒ දේශපාලන හොරිකඩයන්ගේ වාචාලකම් පමණී.මේ සජින්වාස් නම්වූ අපතයාගේ යහපාලන පිබිදීමේ කථා පුවතයි...

Friday, April 22, 2016

වෙනම රාජ්‍යකට යන්න උතුරට විසා...!!!

බෙදුම්වාදීන්ගේ ඊළාම් හෙවත් වෙනම නිජබිම ශ්‍රි ලංකාව තුල තහවුරු කිරිම සදහා අවශ්‍ය නෛතීක පදනම ගොඩනැගිම සදහ යහපාලන ආණ්ඩුව හොර රහසේම කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවාරණය වි තිබේ.ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගමන් බලපත් හිමිකරුවන් සහ හිමිකාරියන් දිවයිනේ උතුරු පලාතට ඇතුළුවීමේදි 2016 මාර්තු 3 දා සිට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ පූර්ව අවසරයක් ලබා ගත යුතු බව රජය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ හරහා එම ප්‍රදේශයන් වෙනම කොටසක් ලෙස හුවා දැක්විමට සහ ප්‍රවේශ විමේදි වෙනම විසා ලබාගැනිමක් අවශ්‍ය බව එ හරහා අර්ථකතනය කරමින් තිබේ.
යාපනය, කිලිනොච්චිය, මුලතිවු, මන්නාරම (විඩුතලතීවූ වලින් උතුරට) සහ වවුනියාව (ඕමන්තෙයි වලින් උතුරට) එසේ අවසර ගෙන ඇතුලු විය යුතු ප්‍රදේශ වන අතර ඉල්ලුම් පත් යැවීම ෆැක්ස් මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි බව ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වේ.කිහිපවර ඇතුලු වීම සඳහා අවසර දෙනු ලබන්නේ තුන් මසක කාල සීමාවක් සඳහා පමණක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. 
වැඩි විස්තර සහිතයි

ෆොන්සේකා හිරේ ගියදා අනෝමා හැඩුවේ සතුටට,..!!!

නිසි අයුරින්ම රහස හෙලි නොකලද රටෙ බොහෝ දෙනෙක් දන්නා පරිදි තම හමුදා මුලස්ථානය තුලදීම ගැබිගත් කාන්තාවකගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයට ගොදුරුවීම සරත් ෆොන්සේකාගේ සල්ලාල කම නිසා සිදුවුවක් බවත් සරත් ෆොන්සේකා, යුධ හමුදා අධිකරණය මඟින් ස්ත්‍රී දුෂණ චෝදනාවකට ලක් වී ඇති පුද්ගලයකු වන අතර 1975 දෙසැම්බර් 24 වනදා දියතලාව යුධ හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී , එවකට ලූතිනන් සරත් ෆොන්සේකා විසින් දුෂණය කරන ලද්දේ ධනවතී නැමැති කාන්තාවක් බවත් අප කල අනාවරණයන් මේ වන විට තවත් තහවුරු වි තිබේ.වීඩියෝ සහිතයි

සජින් වාස් නම්වූ අපතයාගේ මැරකම් පිබිදූ යහපාලන නිවට පිළිවෙත...!!!

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු විරෝධි මහින්ද පිළේ සංවිධායකින් බිය වැද්දවිමේ මෙහෙයුමක් සජින් වාස් ගුණවර්ධන විසින් ආරම්භ කර ඇති අතර එයට ගාලු පොලිසියේද සහය ලැබි තිබේන බව අප ගාලු විශේෂ වාර්තාකරු අනාවරණයකළා.මැයි පලමුවැනිදාට ගාල්ලේ පැවැත්වෙන බෙදුම්වාදී මෛත්‍රී පිළේ මැයි රැළියට සහභාගි නොවි සිටිමටත් ඒ වෙනුවට ශ්‍රිලනීප සංවිධායකයන් ප්‍රමුඛව සමාජිකයන් කිරුළපනේදි පැවැත්වෙන මහින්ද ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනයට සහභාගි විමට ගත් තින්දුවත් සමග මෙම මැර ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින්ගෙන් 99 % ක්ම මහින්ද රාජපක්ෂ හා සිටින බැවින් ඒ අය සහභාගි වන්නේ , මහින්ද රාජපක්ෂ සහභාගි වන කිරුළපනේ පැවැත්වෙන මැයි දින රැලියට බව මේ වනවිට ප්‍රාදේශ මට්ටමින් ශ්‍රිලනීප සංවිධායිකින් තහවුරු කර තිබේ.

ගාල්ලෙන් යාපනේ ගිය බසයට අරියාලේ හිදී පහරදීලා

යාපනය අරියාල් ප්‍රදේශයේ දී නාඳුනන කණ්‌ඩායමක්‌ විසින් ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි බස්‌රථයකට පහරදීමේ සිද්ධියක්‌  (22 දා) වාර්තා විය.
ඊයේ අලුයම 2.30 ට පමණ යතුරුපැදිවලින් පැමිණි පිරිසක්‌ විසින් ආරියාලේ ප්‍රදේශයේ ලැගුම් හලක්‌ අසල නවතා තිබූ බස්‌ රථයකට මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර එම ප්‍රහාරයෙන් බස්‌ රථයට දැඩි අලාභහානි සිදුකර ඇත.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ ගාල්ල තෙලිද්දුව ප්‍රදේශයේ සිට යාපනය ප්‍රදේශයේ සංචාරයක යෙදුණු තිස්‌දෙනකුගෙන් යුත් නඩයකටය.
සම්බන්ධන් අධි ආරක්‍ෂක කලාපයට බලෙන් කඩා පනී

උතුරේ සිංහල ජනතාව වෙනුවෙන් ජාතික සංවිධාන ජාතික මෙහෙයක...!!!

පසුගිය 17 වැනි දින ජාතික සංවිධාන එකමුතුව, ජයග‍්‍රහණය, තවලම පදනම විසින් වව්නියාව සිංහල ගම්මාන 5ක ජනතාව මුණගැසී ඔවුන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලීය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, කර්නල් අනිල් අමරසේකර, විශේෂඥ වෛද්‍ය අනුලා විජෙසුන්දර ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ගම්මානවල දහසකට අධික රෝගීන් පිරිසක් සඳහා විශේෂඥ වෛද්‍ය සායනයක් පැවත්වූහ. ඒ් සමගම කියවීමේ දුර්වලතාවය සහිත වැසියන්ට ඇස් කණ්නාඩි ලබාදීමද සිදුකෙරුණි. ඊට අමතරව මෙම ගම්වැසියන්ට වියලි ආහාර සහ රෙදි පිළි ආදිය බෙදාදීමක්ද සිදුකෙරුණි.තෛයිපොන්ගල් බත් රසයි කියමින් බත් බුදමින් රටේ කොන්වී සිටින ජනතාව අමතක කර දැමූ නිවට නියාළු දේශපාලන අහර කුක්කන් අතර  මේ මානව හිතවාදී සංවිධායකයනට අප ආචාර කරන්නෙමු.
 තව විස්තර කියවන්න...

දෙමල භාෂාවට වෙනම පලාතක්.. යෝජනාව සම්මතයි..

යහපාලුවන්ගේ නපුංසක පාවාදීම් හමුවේ විනාශ භංගව යන අපගේ ඒකීය මව් රට...!!!
උතුරු පළාත් සභාවේ පාලක පක්‍ෂය වන දෙමළ ජාතික සන්ධානය විසින් දෙමළ කතා කරන ජනතාවට වෙනම පලාතක් උවමනා බවට එම සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වී තිබේ.
උතුර හා නැගෙනහිර දෙපළාත් එක් කර ෆෙඩරල් පාලනයක් ස්තාපිත කල යුතු බවද සම්මත වූ යෝජනාවේ දැක්වෙයි.

එජාප මන්ත‍්‍රී පුතාට පාර ඉඩ නොදුන්නයි වෑන් රථයේ ගිය උන්ට දරුණු ප‍්‍රහාරයක්..!!!

හාල්පාරු තගරියන්ට ගිය රට...තවත් පාහර දේශපාලන කාළකණ්නියෙකුගේ පුතෙක් අහිංසකයනට පහර දෙයි ...

පුත්තලම දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකරගේ පුත‍්‍රයා විසින් තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මන්ත‍්‍රී පුත‍්‍රයා පැමිණි වාහනය මාර්ගය ඉඩ නොදුන්නේ යයි ඉදිරියේ ගමන් ගත් වාහනයේ සිටි දෙදෙනාට මෙසේ පහර දී ඇති අතර ඔවුන් මේ වන විට හලාවත රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

Thursday, April 21, 2016

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා අභාවප‍්‍රාප්ත වෙයි...!!

ප්‍රවීණ සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යෂකවරයෙකු වූ ආචාර්ය ඩී.බී.  නිහාල්සිංහයන් කොළඹ

පෞද්ගලක රෝහලකදී අද (21දා) අභාවප්‍රාප්ත විය.
මෙරට පළමු ටෙලිනාට්‍ය වූ 'දිමුතු මුතු'හි අධ්‍යෂකවරයා වන්නේද  ආචාර්ය ඩී.බී.නිහාල්සිංහයන්. එසේම ඔහු විසින් මෙරට පළමු සිනමාස්කෝප් චිත්‍රපටය වූ 'වැලි කතර' 1968දී අධ්‍යෂණය කරනු ලැබූ අතර එය 1971දී ප්‍රදර්ශනය කෙරුණි. 

Wednesday, April 20, 2016

කුක්කා නැවී කපුටා පුදයි...!!!

ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි තරුණයෙකු යටකර

පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ සුරතල් කුක්කා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර  පොලිස්පති ලෙස පත් කිරිමත් සමගම යලිත් රාජපක්ෂලා ඉලක්ක කර බොරු මිනිමැරුම් චොදනා වලෙන් නැගිට්ටවමින් සිටි.ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මීළඟ පොලිස්පති ලෙස පත්විම තමන්ගේ කැමත්ත පමණක් නොව ජනාධිපතිවරයාගේද එකම කැමත්ත එය බව ව්‍යවස්ථා සභාවට බලෙන් ඇතුලු වු ප්‍රා නායකයා අද වනවිට තමන්ගේ හුරතලා වන පූජිත් ජයසුන්දර  පොලිස්පති ලෙස පත්කරවිමට සමත් වි තිබේ.

ලක්‍ෂ හාරසීයක බෙන්ස් එකක් නැතිව ජනතා සේවය කරන්න බෑ.. මං රජයට ලාබ කලා..වල් වළත්ත ෆැඩි ෆීල්ඩ්ගේ නිරුවත

රුපියල් කෝටි හතරක් වටිනා මෝටර් රථයක් තමනට ලබා දෙන්නැයි කැබිනට් මණ්ඩලයේදී ඉල්ලා සිටියේ එවන් රථයක් නැතිව ජනතාවට සේවය කරන්න අපහසු නිසා යයි ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා  පවසයි.
සිරස රූපවාහිනියේ සංවාදයක එක්වෙමින් ඔහු කියා සිටියේ වෙනත් වාහනයකින් ගියහොත් තෙහෙට්ටුවට ඇඳකට වැටෙන්න සිදුවනු ඇති බවත් කී ඔහු එය මෙරට ඇති රාජතාන්ත‍්‍රික සම්ප‍්‍රදාය යයිද කියා සිටියේය.

Tuesday, April 19, 2016

කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් රිෂාඞ් බදියුදීන් හැදු වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය...!!!

විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ ෂෙයික් හමාඞ් බින් පදනම නම් වූ රාජ්‍ය

නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඞ් බදියුද්දීන් විසින් ගොඩනගන වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය.
යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඞ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද..? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් පත‍්‍රවල සදහන් කරන පරිදි පළමු අදියරේදී සුන්නි මුස්ලිමුන් සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට සුන්නි මුස්ලිම් ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී.

ප‍්‍රභාකරන්ගේ සටන සාධාරණයි.. ඉල්ලන දේ නොදුන්නොත් නොසිතන දේවල් වෙයි..

– විපක්‍ෂ නායක තර්ජනය කරයි..

කොටි සංවිධානය විසින් උතරු නැගෙනහිරට සාධාරණ විසඳුමක් ඉල්ලා වසර තිහක් තිස්සේ කල ආයුධ සන්නද්ධ සටන සාධාරණ යයි දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සමිබන්ධන්  කිලිනොච්චියේදී පැවති තමිල් අරසු කච්චි පක්‍ෂ සාකච්චාවක් අමතමින් කියා සිටියේය.

කොළඹ සිට විතැන් වූ කොටියාගේ හැටි පුල්ලියෙන් දැනේ... !!!

විලියම් ශේක්‌ස්‌පියර්ගේ ග්‍රන්ථයක එන ෂයිලොක්‌ නම් වූ යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලූ ආකාරයට විග්නේශ්වරන් ද ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට කැබලි කිරීමට සූදානම් වී ඇත.
ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ කළ යුතු යෑයි හඬනඟන විග්නේශ්වරන් ප්‍රමුඛ ද්‍රවිඩ සංධානය උතුරට වෙනම පාර්ලිමේන්තුවක්‌ ඉල්ලීම යනු බෙදුම්වාදය නොවේද?

Sunday, April 17, 2016

පැනමා පත්‍රිකා කුමක්ද කෙසේද කවරෙක්ද...?මිනිසුන් රවටමින් සිටි ලොව පුරා දේශපාලන වලත්තයන් කිහිප දෙනෙකුගේ කොටුවීම...!!!

පැනමා පත්‍රිකා  එළිදරව්ව ඇරඹෙන්නේ දක්ෂින ජර්මන් පුවත්පතෙහි (Süddeutsche Zeitung )ගවේෂණාත්මක මාධ්‍ය අංශයෙහි මාධ්‍ය වේදියෙකුට ලැබෙන ඊ-මේල් පණිවිඩයක් තුලිනි. එහි සඳහන් වන්නේ ‘හලෝ මේ කතා කරන්නේ ජෝන් ඩෝ. තොරතුරු දැන ගන්න කැමතිද? මම කැමතියි තොරතුරු දෙන්න’ මේ කෙටි පණිවිඩය ලැබීමත් සමග සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙකු කරන ආකාරයෙන් මාධ්‍යවේදියා කරනු ලබන්නේ ‘ඔව් මොනවද තියෙන තොරතුරු?’ කියා විමසීමයි.ඊළඟ පණිවිඩයෙන් නිර්ණාමික පුද්ගලයා ‘මොසාක් – ෆොන්සේකා’ නීතිඥ සමාගම ගැන දත්තයන් ප්‍රමාණයන් එවන අතර එයින් ඇරඹෙන මෙම දත්තයන් එළිදරව්ව මෙතෙක් ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලම දත්තයන් එළිදරව්වීම බවට පත් කරමින් මෙම නිර්ණාමික පුද්ගලයා මාස ගණනාවක් නොකඩවා මෙම කොම්පැණිය සහ එහි සැඟවුණු තොරතුරු පිළිබඳව දත්තයන් එවීම අරඹනු ලබයි.
මොහු එවන මෙම දත්තයන් ප්‍රමාණය ටෙරා බයිට් 2.6 ක් නැතිනම් ගිගා බයිට් 2600 ක් ඉක්මවයි. මෙතෙක් ලෝක ඉතිහාසයේ මෙපමණ දත්ත ප්‍රමාණයක් කාන්දු වූ ප්‍රථම වතාව මෙයයි. මෙහි ප්‍රමාණය තේරුම් ගැනීමට විකිලීක්ස් කාන්දු වූ ප්‍රමාණය ගිගා බයිට් 1.7 කි. මෙම දත්තයන් වල අඩංගු වූ ලිපිගොනු ප්‍රමාණය මිලියන 11 ක් ඉක්මවන අතර සමහර ලිපිගොනු සති ගණනකට වඩා පැරණි ඒවා නොවීය.

මිලියන 15 මාසික කුලියට  සබීතාගේ ගොඩනැගිල්ල ගන්න රනිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක්....!!!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සිය අමාත්‍යාංශය සඳහා මිල

ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් ගැනීමට කටයුතු කරමින් පවතින බවට පසුගියදා පුවත් වාර්තා වූ අතර එහි සුළ මුළ මේ වනවිට හෙළි දරව් වෙමින් තිබේ.
ඒ අනුව අනාවරණය වන්නේ මෙම ගොඩනැගිල් ජනප්‍රිය නිළි සබීතා පෙරේරාගේ සුවාමිපුර්ෂයාට හිමි ඩී.පී. ජයසිංහටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් ආයතනයට අයත් වූවක් වන අතර එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙන්නේ කෘෂිකර්ම ඇමතිවරයා නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  විසින් බවය.

වෙනම රාජ්‍යයකට ඉන්දිය සහය ගන්නේ නෑ-එක මගේ වැඩක්...!!!

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවිම සදහා තමන් ගෙනයන සටන සදහා ඉන්දිය රජයේ හෝ තමිල්නාඩුවේ

සහය තමන්ට අනවශ්‍ය බවත් ඒ පිළිබඳව තමන් ඉන්දියාවේ නියෝජිතයන් දැනුවත් කර ඇති බව  උතුරු මහ
ඇමැති සී. විග්නේශ්වරන්  ඉන්දිය නියෝජිතයන්ට දැනුම් දි තිබේන බව අනාවරණය වි ඇති බව පවසනවා.

ඒකිය රටක් තුළ බලය බෙදීම අසාර්ථක බවත් අවශ්‍ය වන්නේ ෆෙඩරල් ක්‍රමයක් බව උතුරු පළාත් ,ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන් ප්‍රමුඛ බෙදුම්වාදීන් පෙන්වාදෙමින් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර පසුගිය 12 වැනිදා එය  උතුරු පළාත් සභාවේදී ඡන්ද විමසීමක් පවත්වා සම්මත කර ගැනීමට මුලදි කටයුතු සුදානම් කර තිබුනද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බැගෑපත් විම හමුවේ එය 28 වැනිදා දක්වා කල්දමා තිබේ.

රට පලමුවරට දෙකඩ වේ-රට බෙදන යොජනා මෙන්න

ඒකිය රටක් තුළ බලය බෙදීම අසාර්ථක බවත් අවශ්‍ය වන්නේ ෆෙඩරල් ක්‍රමයක් බව උතුරු පළාත් ,ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන් ප්‍රමුඛ බෙදුම්වාදීන් පෙන්වාදෙමින් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ඉදිරිපත් කර ඇති යෝජනාවලිය  12 වනදා උතුරු පළාත් සභාවේදී ඡන්ද විමසීමක් පවත්වා සම්මත කර ගැනීමෙන් පසු , පාර්ලිමේන්තුවේ පිහිටා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත භාර දීමට නියමිතයි .
ශ්‍රී ලංකාව ප්‍රාන්ත 02 ක් ලෙස වෙන්කල යුතු බව උතුරු පළාත් සභාව යෝජනා කර තිබේ. එහි උතුරු නැගෙනහිර මුස්ලිම් ස්වාධීන ඒකකයක් ලෙසත්, දකුණේ ජනතාවට ස්වාධීන ඒකකයක් ලෙසත් අනුමත කල යුතු බව සඳහන් කර, උතුරු පළාත් සභා‍‍ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඇමතිවරු පිරිසක් ප‍්‍රභාකරන්ගේ ඇතින්නගේ මුලින්ම හිස තෙල් ගා අලින්ට හැදු කිරිබතත් කයි..

ඊයේ දිනට යෙදී තිබූ අලූත් අවුරුදු හිස තෙල් ගෑම නිමිත්තෙන් පින්නවල අලි අනාතාගාරයේදී පැවති අලින්ගේ හිස තෙල් ගෑමේ උත්සවයේදී මුලින්ම හිස තෙල් ගානු ලැබුවේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ළඟ සිට මුදා ගත් ඇතින්නගේය.මූං තණකොළ සහ පුන්නක්කු වුව කෑමට රිසි හරක් රැළක් බවට රැස්ව සිටි අය සිනාසෙමින් කියනු අපට ඇසිණ...

[Video]


මුස්ලිම් තරුණයෙක් බුදු පිළිමයට මූත‍්‍රාකර පයින් ගසයි....

දගිස්තානය කියන්නේ රුසියාවේ උතුරු කොකේසියානු ප්‍රදේශයේ කැස්පියන් මුහුද අසබඩ පිහිටලා තිබෙන ෆෙඩරල් සමුහාණ්ඩුවක්. මේ සමුහාණ්ඩුවේ 83% ක් පමණ ජීවත් වෙන්නේ මුස්ලිම් ජනතාව. රුසියානු ආණ්ඩුවට විසඳාගත නොහැකි බරපතල ගරිල්ලා යුද්ධ පවතින ප්‍රදේශයක්. සෑම දිනෙකම පාහේ ගරිල්ලා සටන්කාමීන් සහ රුසියානු හමුදාවන් අතර ගැටුම් ගැන පුවත් පත් වාර්තා කරනවා.
ඒ වගේම කල්මීකි කියන්නේ රුසියාවේ දගිස්තාන සමුහාණ්ඩුවට උතුරු දෙසින් පිහිටලා තිබෙන බෞද්ධ සමුහාණ්ඩුවක්. රුසියාවේ බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධ කල්මීකි රන් විහාරය පිටලා තිබෙන්නේ මේ කල්මීකි සමුහාණ්ඩුවේ අගනුවර වන එලිස්ටා නගරයේ.

Friday, April 15, 2016

රාජ්‍ය බැංකුවක සී-ෂෙල්ස් ශාඛාවේ ඇත්තේ ගිණුම් 03 යි...!!!

සී ෂෙල්ස් රාජ්‍යයේ ස්ථාපිත මෙරට රාජ්‍ය බැංකුවේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 03 ක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත්. කෝප් කමිටුවට අනාවරණය වී තිබෙනවා.ඒ අතර හොර නාමල් බේබි ,සහ සාටක සුණඛ බැසිල් ද සිටින බවට අපට තොරතුරු ලැබී ඇත.

ලග්ගල ආයුධ අතුරුදහන් විම පසුපස දේශපාලන හස්තයක්! පරික්ෂණ පොලිසියෙන් ඉවතට...!!!

ලග්ගල පොලිසියේ අවි සොරා ගැනීම පසුපස දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන හස්තයක් ඇති බවට පොලිස් පරික්ෂණ හරහා තහවුරු වි තිබේ.අදාළ පරික්ෂණය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් කණ්ඩායමේ සමාජිකයෙකු වාර්තාකරු අමග පවසා තිබුනේ අදාළ පොලිස් නිළධාරින්ගෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදි ඔහුන් ලබාදුන් පිළිතුරු හේතුවෙන් එය මැනවින් තහවුරු වන බවයි.අදාළ පොලිස් නිළධාරි පොලිස් ප්‍රශ්ණ කිරිම් වලට පිළිතුරු දිමට අදිමදි කල අතර ඔහුන් විශේෂ නියෝජිතයෙකුට පමණක් පිළිතුරු දිමට කැමත්ත පලකර තිබේන අතර පසුව නමුත් ඉහලින් ආ නියෝගයක් මත  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන රහහස් පොලිසියට පැවරිමට පොලිසිය කටයුතු කර තිබේ.

යාලේ සෆාරි ජිප් රථ වලට තහනමක්...!!!

යාල වනෝද්‍යානය තුළ පවතින නීති උල්ලංඝනය කරීම හේතුවෙන් සෆාරි ජිප් රථ 18කට වනෝද්‍යානයට ඇතුළු වීම සති දෙකක කාලයකට තහනම් කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පැවසීය. වනෝද්‍යානයෙන් පිටවීමේදී නියමිත කාලයට වඩා ප‍්‍රමාද වීම, වනසතුන්ට හිරිහැර වන ලෙස ජිප් රථ නැවතීම, අධික වේගයෙන් ජීප් රථ ධාවනය කිරීම ඔවුන්ට එරෙහි චෝදනා වේ. 

නේපාල-ශ්‍රී ලංකා සෘජු ගුවන් සේවා අරඹයි...!!!

නේපාලයේ හිමාලයා ගුවන් සමාගම සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ආරම්භ කර තිබේ.
එහි සමාරම්භය සනිටුහන් කරමින් පසුගිය 12 වන දින පළමු ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති බව වාර්තා වෙයි.
නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු වර්ධනය කිරීමේ අරමුණින් මෙම සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

Thursday, April 14, 2016

කොටි හිතවාදීන් නැවැත වරත් හිස ඔසවනවා. රටේ ආරක්ෂාව මදී - කරුණා අම්මාන්

නැවැතත් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් රටේ ආරක්ෂාව මීට වඩා තහවුරු විය යුතු බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැඟෙනහිර සන්නද්ධ අංශ හිටපු නායක
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසීය. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව නැවැතත් හිස ඔසවමින් සිටින බව පැහැදිලි යැයි පවසන මුරලිදරන්  රට ආපස්සට කිසිදු ආකාරයකට හැරවීමට ඉඩ නොදිය යුතු යැයි සඳහන් කළේය.
වසර තිහකට අධික කාලයක් රට තුළ ඇතිව තිබූ දරුණු යුද්ධය ආරම්භ වූයේ මෙවන් සිද්ධි එකින් එක ආරම්භයෙන් යැයි නැවැත මතක් කළ යුතු බවත් තමාද රටේ යුද්ධය නිමා කර දැමීමට සහයෝගය දුන් පුරවැසියකු නිසා රටේ ආරක්ෂාව පිළිබඳ මතයක් දැරීමට අයිතියක් තමාටද ඇති බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඊළාම් ආණ්‌ඩුවේ නියෝජිතයාට දොර විවෘත වෙයි...!!!


අග්නි සුබ්‍රමනියම් ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ තමල්නාඩු නියෝජිතයායි. රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය මෙහෙයවන්නේ ප්‍රභාකරන්ගේ

සමීපතම සගයා වූ රුද්‍රකුමාරන්ය. මෙම සංවිධානය රජය තහනම් කළ ඊළාම් සංවිධානයකි. එහෙත් අග්නි සුබ්‍රමනියම් කටුනායකදී අත්අඩංගුවට ගැනීමක්‌ සිදුවූයේ නැත. කටුනායක සිට යාපනයට ගිය අග්නි සුබ්‍රමනියම් උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.
මේ ඊළාම්වාදියා කිසිදු බාධාවකින් තොරව යාපනයට පැමිණීමෙන් සනාථ වූයේ මෙරට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වන බවයි. යාපනයේදී ඔහු කොටි සංවිධානයේ ජාත්‍යන්තර අවි ජාලයේ හිටපු ප්‍රධානී කේ. පී. හමුවී සාකච්ඡා පවත්වා ඇත.

දහම් වංචනීක අකාරයට evolution 10 මෝටර් රථයක් ගනී....!!!

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන එවලුෂන් 10(evolution 10) මෝටර් රථයක් ලක්ෂ 100ක් දි වංචනීක ආකරායට මිළදි ගැනිමේ සිද්ධියක් අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මැණික් හා ස්වර්ණාබරණ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකු වන රාජා පිරීස්ගේ පුත් පසිදු පිරිස්ට අයත් මෙම මොටර් රථය වංචනික ආකාරයට අමතර කොටස් ගෙන්වන ක්‍රමයට ගෙන්වා ලංකාවේදී නැවත සවිකොට දහම් සිරිසේනට ලක්ෂ 100කට ලබාදි තිබේ.

Monday, April 11, 2016

දින පහක එක දිගට නිවාඩුවක්.. 15ත් රජයේ නිවාඩු..!!!

එළැඹෙන 15 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කල බව ස්වදේශ කටයතු ඇමැති වජිර අබේවර්ධන  පවසයි.

රෙද්ද පල්ලෙන් බේරෙන යහපාලනයේ සැබෑ හැඩරුව...!!!

බොහෝ දේ සිදුවෙමින් පවතින්නේ නීතියට සදාචාරයට ගවු ගණනක්‌ එපිටින් වග දනිමු. මේ මජර දේශපාලන ක්‍රමය හමුවේ නීතිය වල්වදිනා වග පමණක්‌ නොව සදාචාරයට ඉඩක්‌ නොවන වගද දනිමු. මේ සටහන තැබෙන්නේ ඒ අවබෝධය ඇතිවය.
සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නොවූ එහෙත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළ පුටුවල හිරිකිතයකින් තොරව රැඳී සිටි නිලධාරීන් අධ්‍යාපනයේ තීන්දු තීරණ ගත් යුග පසුකර ඇත්තෙමු. දේශපාලන හෙන්චයියන් වූ ඔවුන් විශ්‍රාම ගියේද එම තනතුරුවල සිටිමින්ම ය. නියම සුදුස්‌සන් පසෙක දමා මේ දේශපාලන ගැත්තන්ට ඉහළ තනතුරු දීමේ අලඡ්ජි ක්‍රියාවලිය වරින් වර මතුව එන්නේය. 2002 වසරේදී කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ ගැනුණේද දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූවන්ට අදාළ සේවාවන් හි තනතුරු දැරීමට නොහැකි බවට නමුත් එම කැබිනට්‌ තීරණය මායිම් නොකරමින් නුසුදුස්‌සන් තනතුරුවල හිඳවූ ඉතිහාසය අමතක කළ නොහැක. ඒ ඉතිහාසයේ ශේෂයන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස්‌ ද නැත.

බස්‌ 50 ක සෙනඟට සජින් සියලු චොදනා වලින් නිදහස් -මෙන්න යහපාලනය....!!!

ගාල්ලේ පැවැත්වෙන මෛත්‍රීපාල සිරිසේන පිළේ මැයි රැළිය සදහා තමන් බස් රථ 50ක් පිරෙන්න සෙනග
ගෙන එමට පොරොන්දු වු බවත් තමන් ජනාධිපතිවරයාට කරන උපකාර වෙනුවෙන් තමන්ට එල්ල අන දුෂණ චොදනා වලින් තමන් නිදහස් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම අධික්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අප  වාර්තාකරු සමග පවසා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රජයේ වාහන අයුතු ලෙසින් පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වු සජින් වාස් ගුණවර්ධන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගි වෙමින් සිටියදී, බ්‍රිතාන්‍යයේ එවකට ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවිය හෙබැවූ දොස්තර ක්‍රිස් නෝනිස් ට පහර දුන් අමනයෙකි.

Saturday, April 9, 2016

"අල්ලයි මගේ පස්ස" (වීඩියෝ සහිතයි)

සීගිරිය සංචාරක පොලිසිය හා සංචාරක මග පෙන්වන්නන්ට නිල ඇඳුමක් හා හැඳුනුම්පතක් ලබා දීමේ උත්සවයට  (09) පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් වත්තල බෝලවත්ත ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.
මාධ්‍යවේදියා:බෝලවත්ත ඇවිදින මංතීරු සිද්ධියට ඔබතුමාව අත්අඩංගුවට ගන්නවා කියනවා?
අමාත්‍යවරයා:අල්ලයි මගෙ පස්ස
යනුවෙන් ඔහු පැවසුවේය ...වීඩියෝ සහිතයි

ඒ ඵදා රනිලා ...! මේ මෙදා රනිලා ....!!! දෙපිටකාට්ටු දේශපාළුවෝ

එදා තමන් බලයට ඒමට පෙර චීනයේ පෝට් සිටි ව්‍යාපෘතිය නවතා දමන බවට විරෝධ කරුවන් මධ්‍යයේ සිට ඔවුන් උසි ගැන්වූ රනිලාම මෙදා නැවත චීනයට ගොස් වැඳ වැටී පෝට් සිටි ව්‍යාපෘතිය සඳහා කිසිදු අන්දමක විරෝධතාවක් නොකරන බවට වූ පොරොන්දුව මේ වන විට ලොව පුරා මාධ්‍ය ඔස්සේ උපහාසාත්මකව ප්‍රචාරය වෙමින් පවතී.ලංකාවේ දේශපාළුවන් ගේ තරම සහ ඊට සැමදා ගොදුරුවන පක්‍ෂ , පාට සහ දේශපාළුවන් කරමත තබා ගත් ලංකාවේ අඥාණ මිනිසුන් ගැන නිදහස් මනසින් බලන්නෙකුට ඇති වන්නේ අනුකම්පාවෙකී.
මේ ඒ රනිලාගේ චීන සංචාරය ගැන පළවූ ඵක් සටහනක්....

නාගදීප බුදුපිළිමය ,සිංහල විදුහල ආරම්භ කිරීම...,ද්‍රවිඩයන්ට තර්ජනයක්‌ලු...!!!

නාගදීප බුදුපිළිමය ස්‌ථානගත කිරීම ඊළාම් ද්‍රවිඩයන්ට තර්ජනයක්‌ලු
* යාපනයේ සිංහල විදුහල ආරම්භ කිරීමටද අකුල් හෙලති

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට යෝජනාවක්‌ සම්මත කර ජිනීවා මානව

හිමිකම් කවුන්සිලය වෙත යෑව්වේ උතුරු පළාත් සභාවයි. උතුරින් හමුදාව ඉවත් කළ යුතු බවට පුන පුනා පවසන්නේද එකී පළාත් සභාවයි. එහෙත් උතුරු පළාත් සභාව හා එහි සිටින පළාත් සභා මන්ත්‍රීවරු ගෙන යන ක්‍රියාමාර්ග මෙරට බහුතරයෙන් වසන් වී ඇත. රජය සංහිඳියා ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී තිබියදී උතුරු පළාත් සභාවේ සංහිඳියා විරෝධී ක්‍රමවේදය ගැන රජයේ යාන්ත්‍රණය නිහඬ වී සිටී.
සංහිඳියා යාන්ත්‍රණයේ අයිතිකරුවන් යෑයි හඳුන්වා ගත් හා හිටපු නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ කටවල් පවා වැසී ඇත. මේ සතියේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වූ බාලචන්ද්‍රන් ගජදීපන් හා වින්තන් කනගරත්නම් නාගදීපයට ගොස්‌ නිරීක්‍ෂණ චාරිකාවක යෙදී අඩි 61 ක්‌ උසැති බුද්ධපිළිමය ඉදිවන ස්‌ථානය නිරීක්‍ෂණයට ලක්‌කරනු ලැබීය.
ජනතාවගේ ඉල්ලීම මත තමන් නාගදීපයට ගිය බව ඔවුන් පවසා තිබුණි.

ගජදීපන් හා කනගරත්නම් තවදුරටත් පවසා ඇත්තේ අඩි 61 ක බුදුපිළිමය ද්‍රවිඩ නිජබිමේ සිටින ද්‍රවිඩ ජනතාවට තර්ජනයක්‌ බවයි. එහෙත් සිංහල ප්‍රදේශවල ඇති හින්දු කෝවිල් සිංහල ජනතාවට තර්ජනයක්‌ යෑයි සිංහල ජනතාව කිසිදිනෙක ප්‍රකාශ කර නැත.

Friday, April 8, 2016

කවි බණ පුවතින් සුව ලොක්කන්ගේ හිත උණුවේ


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල  වෙබ් අඩවියේ පුවත දැකීමෙන් පසු අදාළ දරුවන්ගේ පියාට කථා කර ඇති අතර ඔහුගේ බිරියගේ සැත්කම කොළඹ ජාතික රෝහලේ සිදුකිරීමට යන බව දන්වා ඇත.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නටද මේ බව දන්වා ඇති අතර සැත්කමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි කියති.

අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා අලෙවි කළ තායිලන්ත සිසුවියෝ...!!!

බැංකොක් නුවර ඇතුළත අන්තර්ජාලය යොදා ගනිමින් පාරිභෝගිකයන් සොයා සිය කය විකිණූ තරුණියන් විශාල පිරිසක් පසුගියදා අත් අඩංගුවට ගෙන ඇති අතර ඒ සමග විශ්වවිද්‍යාල සිසුවියන්ද සිට ඇත.මිස් චෙරී,මිස් ඇමී වැනි නිර්ණාමික නම් වලින් පෙනී සිට ඇති මොවුන් වරකට තායි බාට් 8000 ක මුදලක් අය කොට ඇතැයි පැවසේ.මෝස්තර නිරූපණ ශිලපීන් සහ නවක රූපවාහිණී නිළියන්ද ඒ අතර වේ.මෙම ලිංගික සංගමයේ සාමාජිකයෙකු වීමට තායි බාට් 2000 අයකොට ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.