ඇල්ල වැල්ලවාය කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයේ රාවණා ඇල්ලේ ගල්ලෙනේ සිහිමුර්ජා වී සිටින බවට ජනප්රවාදයේ කියැවෙන රාවණා රජු නැගිට්ටවීම සඳහා යැයි පවසමින් මොරටුව ප්‍රදේශයේ කට්ටඬි කාන්තාවක් ඇතුළු 18 දෙනකු 29 ගුහාවට ඇතුළු වීම නිසා ඒ අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි. මෙම පිරිස ගුහාව තුළට ඇතුළු වී ඇත්තේ පොලිසියට කළ පෙර දැනුම් දීමකින් අනතුරුවය. ගුහාව තුළ යම් කිසි කටයුත්තක් සිදු වන බවට ගම්වාසීන් තුළ පැතිර ගිය කතාබහක් හේතුවෙන් ගම්වාසීන් දහස් ගණනක් එම ස්ථානයට රැස්ව සිටීම නිසා පොලිස් ආරක්ෂාව යෙදීමට සිදුවිය.
මීට ඉහතදීද මෙම ගුහාව සොයා ගැනීම සඳහා කට්ටඬියකු ඇතුළු පිරිසක් පැමිණි බව ගම්වාසීහු කියා සිටිති. මෙම කට්ටඬි කාන්තාව දුටු සිහිනයකට අනුව ඇය ඇතුළු පිරිස පොලිසියට දන්වා මෙම ගුහාවට පිවිසීමට පැමිණ තිබේ. තමන්ට සිහිනෙන් පෙනුණ දෙවියන් කියා සිටියේ සිහිමුර්ජා වී සිටින රාවණා අවදි කළ හැක්කේ ඔබට පමණක් බවත් අපේ‍්‍රල් මස 10 වැනිදාට පෙර රාවණා රජු අවදි කරන ලෙස දෙවියන් පැවසූ බව ඇය කියා සිටින්නීය.
ඇය සමග ගුහාවට ඇතුළු වී ඇති පිරිස රාවණා පරපුරෙන් පැවත එන අය බවද ඒ හේතුවෙන් එම පිරිස ගුහාවට කැඳවාගෙන යන බවද ඇය පැවසුවාය. එලෙස ගමන් ගත් පිරිස අතර මන්ද මානසික පුද්ගලයෙක්ද විය. මෙම කට්ටඬි කාන්තාව මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අනිකුත් පුද්ගලයින් රටේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. මන්ද මානසික පුද්ගලයා රාවණ ඇල්ල ආශ්රිත කරඳගොල්ල ගමේ පදිංචිකරුවෙකි.
එම පිරිස 29 පෙරවරු 7.30ට පමණ ගුහාව තුළට ඇතුළු වී ඇත. එම අවස්ථාවේ ගම්වාසීන් ගුහාව ආසන්නයට පැමිණ සිටි අතර ඔවුන් පාලනය සඳහා ඇල්ල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු ද යොදවා තිබිණි.
ගුහාව තුළට ගිය කට්ටඬි කාන්තාව කියා සිටියේ රාවණ රජු එහි සිටී නම් ප්‍රතිකාර කර 31 පැමිණෙන බවත් නොසිටී නම් 29 සවසම පැමිණෙන බවයි. මෙම ගුහාව ඇතුළත අඩි හාරසියයක පමණ ප්රපාතයක්ද ඇති අතර ඇතුළත විශාල පොකුණක්ද තිබෙන බව එහි ගිය ගම්වාසීහු කියා සිටිති.
ඇතැම් ගම්වාසීන් ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ගෙන් මුදල් අය කර ගුහාව තුළට කැඳවාගෙන යන බවද පැවසේ. 30 රාවණා ඇල්ල ප්‍රදේශයට දැඩි වර්ෂාවක්ද පැවැති බවත් එවැනි අවස්ථාවක ගුහාව තුළට යෑම අවදානම් සහගත බව ගම්වාසීහු පැවසූහ.
මෙම ගමන සම්බන්ධව බදුල්ල පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙකුගෙන් අප කළ විමසුමකදී කියා සිටියේ මේ පිළිබඳව සොයා බැලීමට ප්‍රදේශයේ පුරා විද්‍යා නිලධාරීන් දැනුවත් කර ඇති බවය. ගුහාව තුලට ගිය පිරිස ඊයේ පස්වරු 6.15ට පමණ ගුහාවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් 500ක් පමණ එකතුවී ඔවුන්ට පහරදී ඇත. කට්ටඩ කාන්තාව වෙනත් මාර්ගයකින් පලායාම උත්සාහ කළද එය ව්‍යවර්ථවී තිබේ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, March 31, 2016
රාවණා රජු නැගිටවන්න කතක් රාවණා ගුහාවට රිංගති ගුටි කති - පැන දුවති - VIDEO
Posted by
lankanews
at
March 31, 2016
Labels: lankanews, lankanews online Sinhala Newspaper, myth of rawana, rawana ella, rawana history, rawana power
රාවණා රජු නැගිටවන්න කතක් රාවණා ගුහාවට රිංගති ගුටි කති - පැන දුවති - VIDEO
2016-03-31T01:45:00+02:00
lankanews
lankanews|lankanews online Sinhala Newspaper|myth of rawana|rawana ella|rawana history|rawana power|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
