එල්ටීටීඊ සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ එමිල් කාන්තන්
නමැත්තාට එරෙහිව නිකුත්
කොටි ඩයස්පොරාවේ නාඩගම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන කැනේඩියානු විශේෂ වාර්තාකරු සදහන් කළේ ගෙවුනු දින 30ක පමණ කාලය තුල එල්ටීටීඊ සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානි එමිල් කාන්තන් රටවල් 5ක පමණ සංචාරය කර ඇති අතර එම සංචාර හරහා ඩයස්පොරාවට උපයා දි ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු බිලියන 7.5ක් ද ඉක්මවා ඇති බවයි.
1998 ජුනි 30 වැනිදා කළුතරදී උල් ආයුධවලින් පහරදී හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම් ඈතුළු අධි චෝදනා යටතේ පවරා ඇති නඩුවේ දෙවන විත්තිකරු වන එමිල් කාන්තන් අධිකරණය හමුවට පැමිණ වරද පිළිගැනීමට සූදානම් බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බලා ඔහුට එරෙහිව නිකුත් කොට තිබූ වරෙන්තු නියෝග අත්හිටුවීමට කොළඹ විශේෂ මහාධිකරණ පසුගිය දා තින්දු කළා.
ඒ අනුව එමිල් කාන්තන් නැමැත්තාගේ විවෘත වරෙන්තුව සහ රතු නිවේදනය විසුරුවා හැර ඇති අතර එ හරහා එමිල් සිය සංචාරය සදහා පිටත්ව ගොස් තිබේ.
ඉහත පුවත අප පළකලේ මෙසේයි....
http://www.lankanews.org/2016/03/blog-post_3.html#more