තවදුරටත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදීයෙකු ලෙස සේවය
කිරිමට කැමැත්තක් ඇත්නම් ශ්‍රී ලංකා
අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගනිමින් ධම්මික රණතුංග සමග සමාදාන වන ලෙසට රුපවාහිණි සභාපතිවරයා ජාතික පච නාලිකාවේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා හරහා ගුණරත්නම් ට බලපෑම් කරමින් සිටින බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.
අමාත්‍ය අර්ජුන රණතුංගගේ වැඩිමහල් සොහොයුරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග ඊයේ (16) උදැසන කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ කොළඹ දිස්ත්‍රික් වාර්තාකරු එස්. ගුණරත්නම් ඇතුළු මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදුණේ “එක එක්කෙනාගේ මුහුණු වීඩියෝ කරන්න උඹලාට කවුද අවසර දුන්නේ. උඹලට ඕන විදිහට එහෙම අපේ මුහුණු වීඩියෝ කරන්න පුළුවන්දැ…” “වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම්” යනුවෙනි.
පසුව අදාළ තර්ජනය සම්බන්ධයෙන් පොලිසියට මාධ්‍යවේදීන් පැමිණිලි කල අතර පොලිසියට පැමිණෙන ලෙස ධම්මික රණතුංගට කල දැනුම් දිමද නොසලකා හැරිම නිසා
රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදී එස්. ගුණරත්නම් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකට කොළඹ මහාධිකරණ භූමියේදී මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට ලබන 24 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය ඊයේ (17) නියෝග කර සිටියා.
පැමිණිල්ලට අදාළව සැකකරුවකු ලෙස නම්කර ඇති ධම්මික රණතුංගට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දන්වා ඇති බවද එහෙත් ඔහු මේ වන තෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද පැවසූ පොලිසිය සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.