අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ පැතිරවීම සහ ප්‍රහාර සඳහා මේ වසරේ දළ
සැලැස්ම පෙන්නුම් කරන ඉලක්කගත විදේශීය රාජ්‍ය ජාලයට ශ්‍රී ලංකාව ද ඇතුළත්
කර ඇති බවට ඇමෙරිකානු අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය, යුද ගැටුම් පිළිබඳ සමීක්ෂණය කරනු ලබන
ඇමෙරිකානු ආයතනයක් වන ජාත්‍යන්තර යුද ගැටුම් අධ්‍යයන ආයතනය විසින් නිකුත්
කරනු ලැබූ නවතම සිතියමක් මගින් මේ බව හෙළිවී ඇත.
පසුගිය වසරේ නොවැම්බර් එම ආයතනය විසින් අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ
ඉලක්ක දැක්වෙන සිතියමක් නිකුත් කර තිබූ නමුත් එහි ශ්‍රී ලංකාව ඔවුන්ගේ
ආක්‍රමණය හා ප්‍රහාර සඳහා වන ඉලක්ක තුළට ඇතුළත් වී නොතිබිණි.
නමුත් එම සිතියමට අනුව එදා සිට මේ දක්වා අයි.එස්. ප්‍රහාර එල්ල වූ රටවල් මෙම සිතියමට ඇතුළත් වී තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලාංකිකයන් ගණනාවක් සිරියාවට ගෙන්වා ගැනීමට හා
ඔවුන්ට සම්බන්ධ මෙරට පුද්ගලයන් සමග සබඳතා පවත්වා ගැනීමට හැකියාව ලැබීමෙන්
අනතුරුව මේ වසරේදී තම ත්‍රස්ත ජාලය මෙරට තුළ ස්ථාපිත කිරීමට අයි.එස්.
ත්‍රස්ත සංවිධානය කටයුතු කර ඇති බව ද අදාළ සිතියම ඔස්සේ ඇමෙරිකානු සමීක්ෂණ
ආයතනය පෙන්වා දී තිබේ.
අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ මේ වසරේ ක්‍රමෝපායික සැලසුම්, ඉලක්ක පිළිබඳ
අනාවරණය කරනු ලබන මෙම සිතියම මගින් මේ වසරේදී ඔවුන්ගේ ඉලක්ක පිළිබඳ අනාවරණය
කරගෙන ඇත. මේ සඳහා දැනට අයි.එස්. ත්රස්තයන් ඇතුළු වී සිටින රාජ්‍ය,
ප්‍රහාර එල්ල කරන බවට කර ඇති ඇඟවීම්, ප්‍රහාර එල්ල කළ හා අයි.එස්. ත්‍රස්ත
සංවිධානයේ ආධුනිකයන් එකතු වූ රාජ්‍යයන් ද එකතු කොට තිබේ.
සිරියාව හා ඉරාකය, ජෝර්දානය, පලස්තීනය, ඊශ්‍රායලය, ලෙබනනය ආදී රටවල්
කිහිපයක් අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ මර්මස්ථාන ලෙස ද සෞදි අරාබිය,
ඊජිප්තුව, සූඩානය, ඉරානය, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය ආදී රටවල් කිහිපයක්
අයි.එස්. අභ්‍යන්තර ජාලයේ රටවල් ලෙසත්, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව, කැනඩාව,
රුසියාව, චීනය, ඉන්දියාව, ඔස්ටේ්රලියාව ඇතුළු රටවල් ගණනාවක් අයි.එස්.
ප්‍රහාර සහ සිය ත්‍රස්ත කටයුතු මෙහෙයවීමට අවශ්‍ය ජාලය ස්ථාපිත කිරීමේ
දුරස්ථ විදේශීය රාජ්‍ය ලෙස ද නම් කර ඇත.
එසේම මෙම තත්ත්වය හේතුවෙන් මෙරට තුළද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය.
ඒ අනුව රට තුළ තිබෙන ආර්ථික මර්මස්ථාන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යොදවා
විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද මෙහිදී තීරණය කර ඇතැයි සඳහන් වේ. එසේම බුද්ධි
අංශ වෙත ලද ඇතැම් නිර්නාමික දුරකථන ඇමැතුම් කිහිපයක් ඔස්සේද මේ වන විට
පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ සඳහා විශේෂ බළකාය, කොමාන්ඩෝ බළකාය,
විශේෂ කාර්ය බළකාය, ගුවන් හමුදාව, නාවික හමුදාව යොදවාගෙන ඇති බව සඳහන් වේ.
ඊට අමතරව විශේෂ සුනඛ කණ්ඩායම් ද යොදවා ඇත.
විශේෂයෙන් මෙහිදී කටුනායක ගුවන්තොටුපළත්, කොළඹ වරායත්, ලෝක වෙළෙඳ
මධ්‍යස්ථානයත් ප්‍රධාන විදුලි බලාගාර කිහිපයක් කෙරෙහි ද මෙම විශේෂ ආරක්ෂක
වැඩපිළිවෙළ යොදවා ඇතැයි ආරක්ෂක අරංචි මාර්ග පවසයි.
ආනයනය කරනු ලබන භාණ්ඩ සහ පැමිණෙන විදේශිකයන් කෙරෙහි දැඩි අවධානයෙන්
පසුවීම සඳහා අදාළ ස්ථාන වෙත බුද්ධි අංශ නිලධාරීන් අනුයුක්ත කොට ඇත.
ගයාන් ගාල්ලගේ/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, March 30, 2016
ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි...!!!
Posted by
lankanews
at
March 30, 2016
Labels: Faizer Mustapha, fiser musthapa, ISIS, lankanews, Muslim extremist, Rishad-Badurdeen, rishard, srilankan muslims, yahapalanaya
ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි...!!!
2016-03-30T09:21:00+02:00
lankanews
Faizer Mustapha|fiser musthapa|ISIS|lankanews|Muslim extremist|Rishad-Badurdeen|rishard|srilankan muslims|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
