අයි. එස්. අයි. එස්. (ISIS)ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන්
ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට
අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ අනාවරණය කල බවත් අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වී තිබෙන බවද බුද්ධි අංශ පෙන්වාදුන් බවට මාධ්‍ය වාර්තා පලවුවද දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් කල අනාවරණය ජනාධිපතිවරයාගේ නියෝග මත නතර වි තිබේ.
ඒ අනුව අදාළ අමාත්‍යවරුන් දෙදෙනා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා සහ කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදුයුදින් වන අතර කොළඹ සහ නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මෙම ISIS සටන් කාමින් පසුපස සිටින බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් සැකය යොමුවිමට ප්‍රධාන හේතුව වි ඇත්තේ විවිධ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් පිළිබඳව ගුවන් තොටුපළ හරහා ලංකාවට ඇතුලත් විම සදහා විවිධ බලපෑම් කිරිම හරහාය.
අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී අතර කොලන්නාව, සාලමුල්ල, දෙහිවල, කුරුණෑගල සහ නැගෙනහිර පළාතේ ද අයිඑස් අනුගාමිකයන් සිටින බවයි. අයිඑස් අනුගාමිකයන් ශ්‍රී ලංකාව තුළ සිටින බව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගියදා විමර්ශන වාර්තාවක් රජයට ඉදිරිපත් කරමින් අනතුරු අඟවා තිබිණි.
බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක් මේ වනවිට අයි. එස්. අයි. එස්. සංවිධානය සමග එක්ව සිටින බවයි.
අනාවරණය –
ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට අනාවරණය
ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බව ඔත්තු සේවා අනාවරණය කර තිබු ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ISIS ත්‍රස්තවාදී සමග ඉතා සමිප සම්බන්ධතාවයක් ඇති බවට ඔත්තු සේවා අනාවරණය කර තිබේ.
මේ වනවිටත් ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයන් පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ කණ්ඩායමද මේ වනවිට ලැබි තිබේන තොරතුරු ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබේ.
ප්‍රථම ලාංකීය ISIS සාමාජිකයා ගුවන් ප්‍රහාරයක් මගින් සිරියාවේදී මරණයට පත්විමත් ඔහුට පාකිස්ථානයේ උපාධියක් ලබා ගැනිම සදහා නීතිඥ ෆයිසර් මුස්තාපා අවස්ථාව ලබාදි තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.
පසුගියදා මිය ගිය Abu Shuraih Sailani නැමැති ISIS ශ්‍රි ලාංකික සාමාජිකයා නීති විද්‍යාලයේ අධ්‍යාපණය හදාරමින් සිට ඇති අතර නමුත් ඔහු එම පාධමාලාව සම්පුර්ණ කිරිමට ඔහු සමත්ව නෑ.මේ අතරතුල කාලයේ ෆයිසර් මුස්තාපා සමග සමීප සබඳතාවයන් මෙම පුද්ගලයා පවත්වා ඇති අතර ඒ හරහා ඔහු පාකිස්ථානයටත් පසුව එතැනින් සිරියාවටත් පැන ගොස් තිබේ.
මිට අමතරව තවත් මුස්ලිම තරුණයන් 5 දෙනෙකු පමණ ෆයිසර් මුස්තාපාගේ අනුග්‍රහය යටතේ රටින් පිටුවහල් කර තිබේන බවත් අනාවරණය වි තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට පෙර කාලසිමාවේ ෆයිසර් මුස්තාපාගේ ක්රියාපාටිපාටිය සම්බන්ධයෙන් මුස්ලිම් නායකයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ආරක්ෂක ලේකව්ම්වරයාට සැකපහල කර තිබේන අතර පසුව ඒ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදුකරමින් සිටියදි ෆයිසර් මුස්තාපා යහපාලනය ගොඩ නැගිම සදහා එක්සත් ජාතික පක්ෂ සමග එකතු වුනා.නමුත් එක්සත් ජාතික පක්ෂයේන් මහා මැතිවරණයට තරග වැදිමට අවස්ථාව අහිමිවිම සහ අර්ජුන රණතුංග සමග ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් පසුව ෆයිසර් මුස්තාපා මෛත්‍රීපාල සිරිසේන ගේ නීති කටයුතු පිලිබද උපදේශක පත්කර ගනු ලැබුවා.
ISIS ගැන තවත් අනාවරණයක්-
කොළඹ 12 හමීඩ් අල් හුසේන් පිරිමි විද්‍යාලයේ විදුහල්පති පාසල තුල විවිධ කණ්ඩයම් ලවා ISIS අන්තවාදී මතවාද පතුරුවා හැරිමට කටයුතු කරමින් සිටින බව පාසලේ සිංහල, මුස්ලිම් දරුවනේගේ හා ගුරුවරුන් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.
අපගේ ස්තූතිය ලංකානිව්ස් ටුඩේ වෙතට