වී ගොවිතැන ගොවියන්ට පාඩුයි.. ගොවිතැන් කරනවාට වඩා කඩෙන් හාල් කන එක ලාබයි..නිවැරදිව ගණන් හිලව් සලකා බැලුවහොත් බදුල්ල, රත්නපුර, නුවර එලිය හා මහනුවර දිස්ත්‍රික්කයන්හි වී ගොවිතැන වසර 15ක් 20ක් තිස්සේ ශුද්ධ පාඩු ලබා ඇති බව සමාජ සවි බල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක නම් කුප්‍රකට වාචාලයා ( අපතයා ) පැවසීය.වාචාලයා එසේ පැවසුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොලඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අරම්භවූ ‘ වස විස නැති රටක් ‘ ජාතික මහෝත්සවය හා ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේදීය..
රසායනික පොහොර භාවිතයෙන් තොර කාබනික පොහොර සහිත ගොවිතැනකට රට ගෙන යාමේ ජාතික මහෝත්සවයට පැමිනසිටි සමෘධි නිලධාරීන් ඇතුළු 4000 කට අධික පිරිසක් අමතමින් මේ බව පැවසූ ඇමැතිවරයා එම දිස්ත්‍රික්කයන්හි ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැනට හුරුකර අස්වැන්න විදේශ වෙළෙඳපොලට යොමු කිරීමෙන් ඉහල ආදායම් ලබා ගත හැකි බවද පැවසුවේය.
අද ගම්මාන වල බොහෝ ගොවියන් ගිනි පොලී මාෆියාවට ගොදුරුවී ඇති බවත්, එවැනි අයට සමෘධි බැංකු හරහා අඩු පොලී ණය ලබාදී ඔවුන් ගිනි පොලී කරුවන්ගෙන් බේරාගන්නා බවත් කී ඇමැතිවරයා තවමත් මෙරට පවුල් 14 ලක්ෂයක් අඩු ආදායම් ලාභී සමෘධි සහන ලබන අය බවත්, මෙරට ලක්ෂ 25ක් පමණ වන වැඩිහිටියන්ගෙන් ලක්ෂ 04ක් පමන දෙනා හට මාසිකව අධාර මුදල් ලබා දෙන බවත් හෙලි කළේය.
ඇමැති එස්. බී. දිසානායක වාචාලයා මෙසේද කීවේය.
අපේ රටේ හැම වසරකම පාහේ වී අතිරික්තයක් තිබෙනවා. අද වී වලට රු 40ක 45ක සහතික මිලක් රජය දෙනව කිව්වත් රජයට මිලදී ගන්න පුලුවන් ඉතා සීමිත වී ප්‍රමාණයක් පමනයි. මේ අතිරික්තය නිසා වී මිල රුපියල් 20 ටත් පහල ගිහින්. හැබැයි කාබනික පොහොර යොදා දේශීය වී වර්ග වගා කලොත් ගොවියාට ඉහල ආදායමක් ගන්න පුලුවන්. එවැනි දේශීය සහල් කිලෝවකට රු.150ක් ලෙහෙසියෙන් මෙරටදී ලබා ගන්න පුළුවන් වගේම ඒවා කිලෝවක් ඩොලර් 04-05 කට විදේශීය වෙළෙඳපොලට යවන්නත් පුළුවන්.
උඩරට ප්‍රදේශවල අපේ වැඩිහිටියෝ වී ගොවිතැන පාඩු වුනත් දිගටම කරගෙන යන්නේ අපි කඩෙන් හාල් කන්නේ නෑ කියන අභිමානයටයි. බදුල්ල, මහනුවර වගේ ප්‍රදේශවල වී ගොවිතැන් කරනවට වඩා කඩෙන් හාල් ගෙනත් කන එක ලාබයි.
– සංජය දසනායක