ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපටවල විකට නළුවෙකු ලෙසින් රංගනයේ නිරත වූ උපාලි කීර්තිසේන අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතියෙකු පවසා සිටියා. පසුගිය පෙබරවාරි මස 10වනදා සිට ඔහුගේ දුරකථන ක්‍රියා නොකරන බවත් එම නිසා දින 5කට පසුව වැලිකඩ පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද කළ බව ඔහුගේ ඥාතියා අප හමුවේ වැඩිදුරටත් පවසා සිටියා.
තවත් පිරිසක් සමඟින් මොහු ශ්‍රී පාදයේ හෝ අනුරාධපුරයේ චාරිකාවක් ගොස් ඇති බවත් ඉන් පසුව ඔහු පිළිබඳව තොරතුරක් දැනගන්නට නොලැබුණු බවත් පොලිසියේ පැමිණිල්ලක් දමමින් ඥාතියා පවසා තිබෙනවා.
තවත් පිරිසක් සමඟින් මොහු ශ්‍රී පාදයේ හෝ අනුරාධපුරයේ චාරිකාවක් ගොස් ඇති බවත් ඉන් පසුව ඔහු පිළිබඳව තොරතුරක් දැනගන්නට නොලැබුණු බවත් පොලිසියේ පැමිණිල්ලක් දමමින් ඥාතියා පවසා තිබෙනවා.
කෙසේ නමුත් ඔහු සන්තකයේ රත්රන් බඩු මෙන්ම මුදල් තිබී ඇති බවත් ඔහුට යම් කරදරයක් සිදුව ඇත්දැයි සැක බවත් ඔහු පවසනවා. උපාලි කීර්තිසේන පිළිබඳව තොරතුරක් දන්නේ නම් පොලිසිය දැනුවත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියා..