ලංකාවට මරණ හයක්....!!!එකක් නම් ව්යව්ස්ථාව හරහා රට කැඩීමයි. ඒකට අවශ්‍ය එන්ජීඕ ව්‍යවස්ථාදායක
සභාව හදලා ඉවරයි. ඕනම දේකට අත උස්සන ගොන්නු රැලක් ඉන්නවා නාමික විපක්ෂයක් එක්ක. 2/3ට 5/6ක බලයක් තියෙනවා. ඉස්සර වෙලා සහ සන්ධීය රාජ්‍යයක් හදලා ඉන් පස්සේ ජනමත විචාරණයක් හරහා
වෙන් කරන්ඩ පුළුවන් නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ කරා වගේ. කැඩුනට පස්සේ ඉතිං දේශසීමා සටන් එහෙම තමා. එකක් කැඩුන ගමන් වතුකරයේ, මුස්ලිම් ප්‍රදේශ එහෙමත් කැඩෙන්ට බලනවානේ. හරි ලස්සන කාලයක් එයි.අනෙක තමා යුධ අපරාධ නඩු කතාව. ඒකෙ ethnic cleansing උනා කියලා හයිබ්‍රිිඩ් අධිකරණයේ ලංකා ආණ්ඩුවේ සීල් එකත් එක්ක තීන්දුව ආවහම එක්සත් ජාතින්ගේ සංවිධානයේ වෙනම රටක් හදන්ඩ පුළුහන් (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුධ රථ දැනටම මෙහේ කරක් ගහන්නේ ඒකට පෙරහුරුවකට විය හැකියි).
තුන්වෙනි එක අයිසිස් කතාව. දැනටම මේ කණ්ඩායම් රටට රිංගලානං නැවත සිංහල
මුස්ලිම් කෝලාහලයක් ඇති කරන්ඩ පුළුවන් ඒ හරහා. ඒක වෙන්ඩ මේ ආණ්ඩුව ඉඩ දෙන
බවක් පෙනෙන්නේ. කලින් වතාවෙ වගේම මේ වතාවෙත් ඒකෙන් ගොඩයන්නේ දෙමළ
බෙදුම්වාදයයි එය මෙහෙයවන බටහිර අධිරාජ්‍යවාදයයි.
හතරවෙනි එක ජාතික ආර්ථිකය එක්ටා ගිවිසුම හරහා ඉන්දියානු අධිරාජ්‍යවාදයට
ලියලා දෙන එක. මේකෙන් ආර්ථිකය විතරක් නොවේ දේශපාලනිකවම ලංකාව ඉන්දියාවේ
යටත් විජිතයක් වෙනවා. ලංකාවෙ ජන සංයුතිය, සංස්කෘතිය වගේම අනන්‍යතාවයත් වෙනස්
වෙනවා. විනාශ වෙනවා.
පස් වෙනි එක ආර්ථිකය කඩං වැටිලා අයිඑම්එෆ් ණය උගුලේ හිර වෙන එක.
අයිඑම්එෆ් එක ණය ගෙවන්ඩ තවත් ණය දෙනවා. ඒවාට දාන කොන්දේසි වලින් ආර්ථිකය
තවත් සංකෝචනය වෙලා තවත් ණය ගන්ඩ වෙනවා. මේකෙන් ගැලවීමක් නෑ සියලුම රාජ්‍ය
සම්පත් විකිණිම සහ බදු වැඩිකිරීම සහ සහන කප්පාදුව හැර. මේකෙන් නැවතත් ලංකාව
ආර්ථික වහල්භාවයකට ඇදලා දානවා.
ඒ අස්සේ නැවතත් සන්නද්ධ දෙමළ බෙදුම්වාදයකුත් ඔලුව උස්සන බව ඊයේ පෙරේදා
ඉදං එන නිව්ස් වලින් පේනවා. බුද්ධි අංශයට බඩු බනිස් කරලා තියෙන නිසා මේවා
ගැන තොරතුරු දැනගන්ඩ ක්‍රමයකුත් නෑ බෝම්බ පත්තු වෙන්ඩ පෙර. අල්ලපු එකත්
ගංජා අල්ලන්ඩ ගිහිල්ලා කණාවට සෙට් වෙච්ච එකක්නේ. මේක තමා හයවෙනි මරණය.
මේ මරණවලින් මොකක් ඉස්සර වෙයිද කියන්ඩ බැරි තරං ත්‍රාසජනක තත්වයක්
තියෙන්නෙ. සමහර විට එක පාර මරණ දෙක තුනක් වෙන්ඩත් පුළුහන්. දැං මරණ හයක්
ඇති විට ආණ්ඩුව කරන්නේ මොකක්ද? පුළුවන් තරම් ඒ මරණ හයටම ලංකාව දක්කන එක (ඒක
සාධාරණයිනේ. ඒ මරණ ඇති කරෙත් මේගොල්ලමනේ තමන්ගේ බටහිර/ඉන්දිය
ස්වාමිවරුන්ගේ අවශ්‍යතාව අනුව). ඒක නවත්තවන්ඩ දේශපාලන නායකත්වයක් දෙන්ඩ
පුළුවන් හැකියාවක් ඇති තමන්ට ඇති එකම දේශපාලන තර්ජනය වන මහින්දට බැන බැන
ඉන්න එක. ශ්‍රිලනිපය පුළුවන් තරං එජාප අතකොළුවක් කරලා විපක්ෂයක් හැදෙන එක
නවත්වන එක. මහින්දත් වෙනම පක්ෂයක් හෝ සන්ධානයක් හදාගෙන එන එක නවත්වන්ඩ ඔහුට
සහ ඔහුගේ පවුලේ අයට බලපෑම් කරන එක. ජේවීපි, ටිඑන්ඒ, ශ්‍රීලනිප ව්‍යාජ
නාමික විපක්ෂය එක්ක බොරුවට රණ්ඩු අල්ලන එක (ඒකත් දැං කෙරෙන්නේමැ නැති තරං.
බොරුවට රගපාන එකෙත් සීමාවක් තියෙනවනේ අප්පා). නැත්තං අර ලිංග මාරු වෙච්ච
ආණ්ඩුකාරයා පත් කිරීම, කොණ්ඩයාගේ කතා වස්තුව, එච්අයිවී හැදුනේ (නැති) ළමයා,
නිදහස් චතුරස්‍රෙය් ලව් කිරීම වගේ බොරු ඉෂුස් හදලා මේ මරණ හය කකුළු ජනතාවට
අමතක කරවන එක.
-දර්ශන කස්තුරිරත්න –
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, March 31, 2016
නැවතත් සන්නද්ධ දෙමළ බෙදුම්වාදය
නැවතත් සන්නද්ධ දෙමළ බෙදුම්වාදය
2016-03-31T20:56:00+02:00
lankanews
lankanews|lankanews online Sinhala Newspaper|LTTE agenda|ltte bombs|muslim district request|Muslim extremist|muslim politics srilanka|racist tamil politician|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
