ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 9, 2016

බන්ධනාගාරයට ගොස්‌ කොටි සැකකරුවන්ගෙන් අත්සන් ගත් නීතිඥවරිය මුදාහරී...!!!

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පැවැති සමයේ බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කරමින් හොරොව්පොතාන ප්‍රදේශයේ දී පොලිස්‌ නිලධාරීන් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින කොටි සැකකරුවන් සිව් දෙනෙකුගෙන් එම චෝදනාවලට වරද පිළිගන්නා බවට ලේඛන කිහිපයකට අත්සන් ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබූ නීතිඥවරිය මුදාහැරීමට  (9 දා) අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්‌වර්ණාධිපති  නියෝග කළාය.
බෝම්බ ප්‍රහාරයට අදාළ නඩුව පසුගියදා කැඳවූ අවස්‌ථාවේ දී විත්තිකරුවන්ගෙන් මහාධිකරණ විනිසුරුවරියට දැන ගැනීමට ලැබුණේ, නීති කොමිෂන් සභාවේ අනුරාධපුර කාර්යාලයේ නීතිඥවරියක්‌ අනුරාධපුර බන්ධනාගාරයට ගොස්‌ විත්තිකරුවන්ගෙන් ලේඛන කිහිපයකට අත්සන් ලබාගත් බවය. මාසික අනිවාර්ය සිරදඬුවමක්‌ විඳීමට හා වසරක කාලයක්‌ පුනරුත්ථාපනය වීමටත් යටත්ව තමන්ට එරෙහිව ඇති චෝදනාවලට අධිකරණයේදී වරද පිළිගැනීමට කැමැති බවට එම ලේඛන මගින් කියා සිටි බවත්ය.
නීතිපති දෙපාර්තමේන්තුවට, නීති ආධාර කොමිෂන් සභාවට හෝ වෙනත් ස්‌වාධීන ආයතනයකට අධිකරණ කටයුතුවලට සම්බන්ධවීමට බලයක්‌ නොමැති බවත් අත්සන් ගත් ලේඛනය සම්පූර්ණයෙන්ම අපේ රටේ නීති ක්‍රියා පටිපාටියට පටහැනි බවත් මහාධිකරණ විනිසුරුවරිය එම නියෝගය ලබාදෙමින් සඳහන් කළාය.

බෝම්බ ප්‍රහාරයට අදාළ නඩුව මේ මස 29 වැනිදා යළි කැඳවන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය. එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවීන්ද්‍ර  නම්වූ පාදඩයෙක් ( මුදලට ) අධිකරණයට කරුණු දැක්‌වීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.