අපවත් වී වදාල අස්ගිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට
සහභාගී වී ආපසු එමින් සිටි ජනාධිපති
මෛත්රීපාල සිරිසේන මහතා ගැටඹේ රාජ
මහා විහාරයට ගොඩ වී ඇත්තේ විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ
දැකීමටයි.ජනාධිපතිවරයා සමඟ ඒම අවස්ථාවට ඇමතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, එස්.බී. දිසානායකද සහභාගී වී ඇත.
මෙම පිරිස දුටු සැනින් ගැටඹේ හිමියන් ‘ආ.. මේ දෙන්නත් එක්කනෙ එන්නේ. මේ අය හිටපු ජනාධිපතිතුමාටත් වැඬේ දුන්නු අය තමයි. ඔබතුමත් පරිස්සම් වෙන්න මේ ගොල්ලොත් එක්ක එහෙ මෙහ යන්න ගියොත් වැඩි කල් යන්න වෙන්නේ නෑ’ පවසා ඇත.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා අමතමින් ‘දැන් ඔය පලිගත්ත ඇති. වැඩක් කරන්න. හැමදාම පලිගන්නව පලිගන්නවා ඉවරයක් නෑ. අපිට මේක ඇති වෙලා. දැන් ජනාධිපතිතුමා වැඩක් කරන්න’ යයිද උන් වහන්සේ පවසා ඇත.
අනතුරව ඉතා කෙටි සාකච්චාවකින් අනතුරුව පිරිස පිටත්ව ගොස් ඇත.