ප්රවෘත්ති කියවු නිවේදකයෝ පවා දේශපාලනයේ නිරතවී සිය බඩ ගෝස්තරය සරිකර ගෙන ඇත.ඵවැනි හාල්
මහින්ද අපේ අනුශාසකයෙක්:
ඔහුගේ වැඩ ශ්‍රීලනිපයට බාධාවක් නොවේ බාධාවක් නොවේ
මනුෂ කියයි...!!!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් දේශපාලන වැඩපිළිවෙළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවලට බාධාවක් නොවන බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර යන මහත්හොරු සඳහන් කළහ.
කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ ඉසුර දේවප්‍රිය හා මනුෂ නානායක්කාර යන මහත්හොරු මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු බවත් මහින්ද විරුද්ධ පක්ෂයේ සිටියදී මේ අන්දමින් සංවිධානාත්මක ලෙස හා ක්‍රියාකාරීව දේශපාලනයේ නියෑලීම හැමදාමත් සිදුකෙරුණක් බවත් පැවසූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය මෙන්ම ප්‍රබලම විරුද්ධ පක්ෂ කණ්ඩායම නියෝජනය කිරීම සතුටට කරුණක් බවද පැවසූ ඔවුහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ උපදෙස් මත මේ සියලු පාර්ශ්ව ඒකරාශී කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පුළුල් සන්ධානයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙල දැනටමත් අරඹා තිබෙන බවද පැවසූහ.
මේ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය යටතේ සියලු පළාත් පාලන ආයතනවල බලය ලබා ගනිමින් 2020 වසරේදී සන්ධාන රජයක් පිහිටුවීම පක්ෂයේ එකම අරමුණ බවද ඔවුහු පැවැසූහ.
ඒකාබද්ධ විපක්ෂය මගින් ඉකුත් 17 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වූ දැවැන්ත රැළියට සහභාගිවූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට විවිධ ප්‍රකාශ සිදුකෙරුණද ඒ පිළිබඳ ගතයුතු පියවර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරනු ඇතැයි මෙහිදී සඳහන් කළ මනුෂ නානායක්කාර එම රැළියට පෙර එයට සහභාගි නොවන ලෙස බලකරමින් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට කිසිදු ලිපියක් නොයෑවුණු බවද අවධාරණය කළේය.