‘තමා විසින් කරන ලද සියලූ යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කරමින්
මරණාසන්න මොහොතේදී එය
තවමත් යහතින් ජීවත් වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවසන් හුස්ම හෙළා ඇති ශ්‍රේෂ්ඨ පාලකයෙකු බවට පත් කර තිබූ මෙම ප්‍රශ්නපත්‍ර නිර්මාණය කර තිබුණේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.
වයඹ පළාතේ පිහිටි පාසල්වල පළමු වාර විභාගයන් (23 දා ) ආරම්භ වූ අතර ඊට අදාළ ප්‍රශ්නපත්‍ර වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සකස්කර මුද්‍රණය කිරීමෙන් පසුව පාසල් වෙත යැවීමට කටයුතු කර තිබිණි. මහින්ද රාජපක්ෂ මහතාගේ නමද ඇතුළත්ව මුද්‍රණය කර තිබූ ඉහත ප්රශ්නය ඇතුළත් වී තිබුණේ 10 වැනි ශ්‍රේණිය වෙනුවෙන් සකස් කළ බුද්ධ ධර්මය ප්‍රශ්න පත්රයටය.
ප්‍රශ්න පත්‍ර රටාවන් වෙනස් කිරීම, විෂය නිර්දේශයට අයත් නොවන කොටස්වලින් ප්‍රශ්න නිර්මාණය කර තිබීම, නිර්දේශිත කෘතිවලින් ප්‍රශ්න නිර්මාණය කර නොතිබීම, නියමිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රශ්න ප්‍රමාණයක් සහිතව ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර තිබීම, ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට පාසල්වලට නොලැබීම ඇතුලු දෝෂ ගණනාවක් හේතුවෙන් ඊයේ ආරම්භ වූ වාර විභාගයන්ට මුහුණදුන් වයඹ පළාතේ සිසු සිසුවියන් දැඩි දුෂ්කරතාවයකට පත් වූහ.
වාර විභාගය යටත් ඊයේ දිනයේදී සිසුන් වෙත ලබා දී තිබූ 11 වැනි ශ්‍රේණිය ක්‍රිස්තියානි ධර්මය බහුවරණ ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න හතලිහක් ඇතුලත් විය යුතු නමුත් සිසුන් අතට පත් වී තිබුනේ ප්‍රශ්න 20 කින් යුත් බහුවරන ප්‍රශ්න පත්රයකි. එමෙන්ම 12 වැනි ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න අංක 01 (ඉ) කොටසින් රාසාස්වාදයක් කිරීම පිණිස ඇතුළත් කර ඇති දිවා භෝජනය නැමැති කවි පන්තිය 13 වැනි ශ්‍රේණියෙහි විෂය නිර්දේශයට ඇතුළත් කවි පන්තියක් බවද උසස්පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරු කියති. එමෙන්ම එම ප්‍රශ්න පත්‍රයෙහිම 02 වැනි ප්රශ්නය යටතේ තෝරාගෙන පිළිතුරු සැපයීම සදහා ප්‍රශ්න දෙකක් ලබා දී ඇතත් එම ප්‍රශ්න දෙකම සද්ධර්ම රත්නාවලිය ආශ්රයෙන් නිර්මාණය කර ඇති ප්‍රශ්න දෙකක් වන බැවින් තෝරාගැනීමක් කළ නොමැතිව බොහෝ සිසුන් අපහසුතාවය පත් වූ බවද වාර්තා වෙයි. එමෙන්ම එම ප්‍රශ්න පත්‍රය සදහා 12 වැනි ශ්‍රේණිය විෂය නිර්දේශය යටතේ නිර්දේශිත නවකතාව සහ වේදිකා නාට්‍ය ඇසුරෙන් සැකසූ ප්‍රශ්න ඇතුලත් වී නොතිබුණු බවත්, ඒ හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න දෙකක අඩුවක් පවතින බවද සිසුහු කීහ. එමෙන්ම 13 වැනි ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රයෙහි මේ හා සමාන ගැටලු ගණනාවක් පවතින අතර එම ප්‍රශ්න පත්‍රයද මුද්‍රණය කර ඇත්තේ ප්‍රශ්න දෙකක අඩුවක් සහිතව බව වාර විභාගයට මුහුණ දුන් සිසුහු කීහ.
මේ පිළිබදව වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ජේ. ජී. එන්. තිලකරත්න මහතාගෙන් විමසීම සදහා (24 දා) වයඹ පළාත් අධ්‍යාපන අධ්‍ය්‍යක්ෂ කාර්යාලයට ගත් දුරකථන ඇමැතුමකට පිළිතුරු දුන් අයෙකු ප්‍රකාශ කළේ අධ්යක්ෂවරයා නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බවකි. වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාගේ ජංගම දුරකථනයද විසින්ධි වී තිබිණි.