නාමල්ගේ සමාගම් දෙකක ගිණුම් පිරික්සයි
නාමල් රාජපක්ෂට අයත් බව කියන
ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් සමාගම් වලට අයත් බැංකු
ගිණුම්වල සාරාංශගත වාර්තා පරික්ෂා කිරිමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට
අවසර ලබාදෙන ලෙස එම බැංකුවල කළමණාකරුවන් හට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
නිශාන්ත පිරිස් (31) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ හිමිකාරිත්වය ඇතැයි කියන
ගවර්ස් සමාගම විසින් හෙලෝ කෝප් නැමැති සමාගමේ මිලියන 125 කට අධික
වටිනාකමකින් යුත් කොටස්, මිලදී ගත්තැයි කියන දේපල මුල්‍ය අපාරාධ
විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට ලක් කරයි.
මීට පෙර හෙලෝ කෝප් හා ගවර්ස් සමාගම් වල නිලධාරින් හත් දෙනෙකුට විදේශ ගමන් තහනම් කර තිබුණි.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ල ගොනු කරනු ලැබුයේ
2015.07.27 දුෂණ විරෝධී හඩ ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ
විසිනි.