ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 24, 2016

ආප්ප කා රජ වූ සැටි සිරි දම්මයා වදාරයි....!!!

පිටිදුවේ සිරිධම්ම හිමියන් පසුගියදා නුගේගොඩ සිරි සදහම් ආශ‍්‍රමයේ පැවති ධර්ම දේශනාවකදී වත්මන් යහපාලන රාජ්‍ය පාලනය ඉලක්ක කරමින් අදහස් දැක්වීමක් කලහ.
එහිදී අතීතයෙන් උදාහරණ ගෙන හැර දක්වමින් ග්‍රාම සේවකයෙක් රජ වූවිට සිදුවන දෙය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
එම වීඩියෝව  නරඹන්න.
 ප‍්‍රශ්නය: ඔබවහන්සේගෙන් ශාසනයට හානියක් වෙනවා කියලා ප‍්‍රබල චෝදනා එල්ල වෙනවා.....?
 පිළිතුර: මම අහන්නෙ ඒ හානිය මොකක්ද? ශාසනය කියන්නෙ මොකක්ද? හැමෝම ශාසනය කියලා හිතාගෙන ඉන්නෙ, මේ ගොඩනැගිලි ටිකට. මම ශාසනය කියන්නෙ හිත හදා ගැනීමට. ආධ්‍යාත්මික දියුණුව භෞතික සම්පත් වලින් මනින්න බෑ. ඔය චෝදනාව මට විතරක් ආපු එකක් නෙවෙයිනෙ. වැලිවිට අසරණ සරණ සරණංකර හැමුදුරුවො වැඩ හිටපු කාලෙ ලංකාවෙ හිටියෙ ගණින්නාන්සේලා. ළමා ළපටි හදාගෙන, දරු පවුල් නඩත්තු කරගෙන, පන්සල්වල බූදල බලාගෙන, ගම්මුලාදෑනි කම් කරගෙන හිටියා. හැබැයි ඒ අය පොත් ආරක්‍ෂා කළා. සංඝරාජ හාමුදුරුවො කිව්වා මේක වැරදියි කියලා. බුද්ධාගමේ තියෙන්නෙ මේක නෙවෙයි, නිවන් දකින්න තියන මග මේක නෙවෙයි කියලා. එදා වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ටත් කිව්වා, ශාසනය විනාශ කරනවා කියලා. අර ගණින්නාන්සෙලා රටේ රජතුමාටත් ගිහින් කිව්වා, වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවො ශාසනය විනාශ කරනවා කියලා. රජතුමාත් මේ කතාව ඇත්ත කියලා හිතුවා. ‘වැලිවිට කනා - ලෝ ශාසන දෙකම නසාපි’ කියලා රජතුමාත් කිව්වා. වැලිවිට කනා කිවුවෙ සරණංකර හාමුදුරුවන්ගෙ එක ඇහැක් අන්ධයි. ඒකයි. ඒ නිසා  ඕනෑ කෙනකුට චෝදනා එල්ල කරන්න පුළුවන්. මා ඒ හැමෝටම කියන්නෙ නියම ධර්ම සාකච්ඡාවකට එන්න කියලා විතරයි.

ප‍්‍රශ්නය: ඔබ වහන්සේ විවෘත ධර්ම සාකච්ඡාවකට සූදානම්... කැමති කෙනකුට ඒ අභියෝගය භාර ගත හැකියි?
 පිළිතුර: 
ඔවු. ත‍්‍රිපිටක බුද්ධ වචනය සම්පූර්ණව කියවලා, විශේෂයෙන් සතිපට්ඨාන ධර්මය, නිවන්මග තියෙන්නෙ ඒකෙ. බුදුදහමේ තියන ගැඹුරු භාවනාව තමයි, විපස්සනා භාවනාව. ඒ ගැන මගෙන් ප‍්‍රශ්න අහන්න. හැබැයි දන්න කෙනෙක් මේ ධර්ම සාකච්ඡාවට පැමිණිය යුතුයි. මා මිථ්‍යාදෘෂ්ටිකයෙක්ය, හොරෙක්ය, තක්කඩියෙක්ය කියන එක නොවෙයි. මම එහෙම කෙනෙක්ද බලන්නත් මාත් සමග ඒ  සාකච්ඡාවට එන්න.
ප‍්‍රශ්නය: රටේ පොදු මහජනතාව අතර මුල්බැසගත් භික්ෂුවගේ සම්ප‍්‍රදායක් තියනවා. නමුත් ඔබවහන්සේගේ ඇතැම් ඡායාරූප දැකීමෙන් පොදු ජනතාව මහත් ආන්දෝලනයකට පත් වුණා. විශේෂයෙන් ටී ෂර්ට් ඇඳ සිටි ඡායාරූප එහෙම දැකීමෙන්....?
 පිළිතුර:
 හොඳ ප‍්‍රශ්නයක්. අපි බොහෝ විට රටකට යනකොට යටින් ටී ෂර්ට් එකක් අඳිනවා. නුවරඑළිය වගේ ප‍්‍රදේශයකට ගියත් එහෙමයි. මේක  ඕනැම හාමුදුරුනමක් කරන දෙයක්. ඒක අඳින්න  ඕනැ සිවුරු පාටින්. වෙන පාටකින් අඳින්න බෑ. මට මඩ ගහන්න මගක් ඔය චෝදනා නගන පිරිස්වලට අවශ්‍ය වුණා. එක්තරා පිරිසක්, මීට අවුරුදු දෙකකට විතර කලින් මේ පන්සලට ඇවිත්, පන්සලේ තිබුණු සියලූම කාමර කඩලා, හිටපු අයටත් ගහලා, මෙහෙ තිබුණු කැමරාවක් ගත්තා. ඒ කැමරාවෙ තිබුණා ඔය ටී ෂර්ට් ඇඳපු ඡුායාරූපය. මම රිටිගල කැලේට ගිහින් මම නාන්න සූදානම් වෙලා ටිකක් වාඩිවෙලා ඉන්නකොට එතන හිටපු කෙනෙක් ඔය ඡුායාරූපය ගත්තා. එදා අපි ආවෙ නුවර එළියෙ ඉඳන්. ඒකයි ටී ෂර්ට් එකක් ඇඳන් හිටියෙ. අපි එක්ක ගිය ළමයි තුන් හතර දෙනෙක් හිටියා. වන සංරක්‍ෂණ මහත්තුරු හිටියා. පොලිසියෙත් මහත්තුරු කීපදෙනෙක් හිටියා මට මතකයි. මේ වෙච්ච දේ සාමාන්‍ය දෙයක්. ඔය ඡායාරූපය තමයි මට මඩ ගහන්න යොදා ගත්තෙ. භික්ෂුවකට සීතලට යටට ඇඳුමක් අඳින්න පුළුවන්. පරිසරයට අනුව භික්ෂුවකට වුණත් හැඩගැහෙන්න වෙනවා. පිටරට ගියාමත් එහෙමයි. මඩ ගහන අයට මේකත් හේතුවක්.
 ප‍්‍රශ්නය: මම බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මෙතන හරියට මාළිගාවක් වගේ. ඇයි මේ ආකාරයට මෙතන ගොඩනගාගෙන තියෙන්නෙ...?
 පිළිතුර:
 ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිතුමා ජීවත් වුණ වලව්ව තමයි මේ. දැන් අපි මෙතනට ඇවිත් අවුරුදු 9ක් විතර වෙනවා. අප මේ ස්ථානය සල්ලි දීලා ගත්තා. දායකයන්ගේ උදව් උපකාර ඇතිව මෙතන ලස්සන ආරාමයක් හැදුවා. ඔබ දැක්කෙ පහළ මළුව විතරනෙ. උඩ මළුවට ගිහින් බලන්න. චෛත්‍යය, අරහත් මණ්ඩපය, ත‍්‍රිපිටක ධර්ම මණ්ඩපය (ත‍්‍රිපිටකය කොටසින් කොටස චිත‍්‍ර වශයෙන් දක්වලා තියනවා) අසූමහා ශ‍්‍රාවකයන්, අටවිසි බෝධින් වහන්සේලා, මෙතන මම හිතන්නෙ පන්සලකට වඩා විශ්වවිද්‍යාලයක්. බාහිරින් දකින දේ බලලා කිසිවක් තීරණය කරන්න එපා. ඇවිදලා බලන්න. ඔබත් යන්න. අනෙක් අයටත් ඇවිත් බලන්න කියන්න.
 ප‍්‍රශ්නය: ඔබවහන්සේට ආපු ප‍්‍රශ්නත් එක්ක ඔබවහන්සේ ළඟ හිටපු දායකයොත් ඈත්වෙන්න ඇති නේද..?
 පිළිතුර: 
කෙනකුට බනිද්දි කොටසක් අයින් වෙනවා. කොටසක් එකතු වෙනවා. දායකයො වුණත් හැමදාම ඉන්න අය නෙවෙයිනෙ.
 ප‍්‍රශ්නය: වෙච්ච දේවල් එක්ක ඔබවහන්සේ කළකිරීමට පත්වෙන්න ඇතිනෙ......?
 පිළිතුර:
 මම මොකටද කළකිරෙන්නෙ, මම මිනිස්සුන්ගෙන් යහපතක් බලාපොරොත්තු වුණා නම් මම කළකිරෙන්න  ඕනැ. ඉස්සර මට මිනිස්සු හොඳ කිව්වා. මට එතකොට අමුතු හැඟීමක් ආවෙත් නෑ. දැන් ඒ සමහර මිනිස්සු මට බනිනවා. ඒ මිනිස්සු හොඳ කියද්දි මම භාරගත්තා නම්, බනිනකොට භාරනොගෙන ඉන්නවා නම් මම මහ මෝඩයෙක්. මම මේ දෙකම භාරගන්නෙ නෑ. ‘ඵුට්ටස්ස ලෝක ධම්මෙහි - චිත්තං යස්සන කම්පති’ කිවුවටම බෑ. කරන විදිහ පෙන්නන්න  ඕනැ කරලා පෙන්නන්නත්  ඕනෙ.
 ප‍්‍රශ්නය: ඔබවහන්සේ මාර්ග ඵලයක් ලැබූ බව ප‍්‍රකාශ කරල තිබුණා. මොකක්ද ඔබවහන්සේ අවබෝධය ලැබූ මාර්ග ඵලය...?
 පිළිතුර:
 මම සත්‍ය අවබෝධ කරලා ඉන්නෙ. මම නිවන් දැකපු කෙනෙක්. කවුරු හරි කියනවා නම් මම සත්‍යය අවබෝධ කළේ නෑ කියලා එයා මා ළඟට ඇවිත් නිගමනය කරලා බලන්න  ඕනෙ. එහෙම නැතුව යමක් ප‍්‍රකාශ කිරීම වැරදියි. මා නිවන් දැක්කා කියලා මම කියනවා නම් ඊට සම්බන්ධ සියලූ දේ මගෙන් විමසිය යුතුයි. ගෞතම බුදුහාමුදුරුවො සම්බුද්ධත්වයට පත්වුණා. උන්වහන්සේ පස්වග මහණුන් සොයාගෙන වැඩම කළා. මගදි උපක හමුවුණා. උපක අහනවා ‘ඔබවහන්සේගේ ඉන්ද්‍රිය ප‍්‍රසන්නයි, ඔබවහන්සේ කවුද’ කියලා. එතකොට උපකට බුදුහාමුදුරුවො කියනවා, ‘මේ ලෝකයේ සිටින එකම රහතා මම වෙමි, සම්මා සම්බුද්ධ වෙමි. දම්සක් පැවැත්වීම සඳහා කසීරට බලා වැඩම කරමි’. උපක ඒ කතාවට හිනා හුණා. ‘එහෙනම් ඔය තමුන්නාන්සෙ කියන්නෙ අනන්ත ජින කෙනෙක් කියලනෙ. ආ..... වෙන්න ඇති’ කියලා ඔලූව වනලා ගියා. ලෝකයේ සත්‍යාවබෝධය කළ සියලූම උතුමන්ට ජීවත්ව ඉන්න මිනිස්සු පහර දෙනවා. මැරිල ඉවර වුණාම වඳිනවා.
 ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිර්වාණාවබෝධය කළා කියනවනෙ. ඒ සඳහා භාවනා වැඩුවද?
 පිළිතුර:
 නිර්වාණාවබෝධය කරන්නේ භාවනා කරලා නොවෙයි. විපස්සනා මාර්ගයකින්. විපස්සනාවෙන් තොර නිවනක් නෑ. සතර සතිපට්ඨානය වඩන්න  ඕනැ යම් භික්ෂුවක්, යම් ගිහියෙක් සතර සතිපට්ඨානය වැඩුවේද එක්කො ඒ භික්ෂුව අනාගාමී වෙනවා. එක්කො ඒ භික්ෂුව රහත් වෙනවා. මම දේශනා කරන්නෙ සජීවී දහමක්. ඒක මළ දහමක් නෙවෙයි. සම්ප‍්‍රදායට ගැතිකම් කරන මෝඩයන්ට ඒකට පණ දෙන්න බෑ. ඥානවන්තයන්ට ඒ මාර්ගය විවෘතයි.
 ප‍්‍රශ්නය: නිවන් දැක්කට පස්සෙ යළි ඉපදීමක් නැති බව බුදුදහමේ ඉගැන්වෙනවා. ඉතින් ඔබ වහන්සේත් යළි උපදින්නේ නෑ.... ඒක නේද ඇත්ත....?
 පිළිතුර:
 මා යළි උපදින්නෙ නෑ කියලා මට විශ්වාසයි. එච්චරයි. හැබැයි මම උපදින්නෙ නෑ කිවුවට ඔබ ඒක පිළිගන්න එපා. එතකොට ඔයා මෝඩයි. ඔයා ඒක පිළිගන්න නම් මා විසින් වඩන ලද විපස්සනා මාර්ගය මගෙන් අහන්න  ඕනෙ. උපදින්නේ නැති බව තීරණය කළ විදිහ, අහන්න  ඕනැ මේක එකපාර කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පුද්ගලයා මරණය ජය ගන්න  ඕනැ.
 ප‍්‍රශ්නය: සමන්ත භද්‍ර හාමුදුරුවො මරණය ජය ගත්ත කෙනෙක්....?
 පිළිතුර:
 කිසිම මනුෂ්‍යයෙක් මරණය සතුටින් පිළිගන්න කැමති නෑ. යමෙක් මරණය සන්තෝෂයෙන් පිළිගන්න සූදානම් නම් ඔහුට මරණය මගුලක් බවට පත්වෙනවා. මරණය මගුලක් කර ගන්න. ඒකයි මගේ ධර්මය. අපි තෙමගුල කියන්නෙ මේකටයි. මම මරණය ජය ගත්තා.
 ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිවන් දැක්කාට පස්සෙ ඇතැම් මාධ්‍ය ඔබ වහන්සේට වැහුනානෙ....?
 පිළිතුර: 
සමහර මාධ්‍ය වැහුණා. ඒක හරි. සමහර සම්ප‍්‍රදායික භික්ෂූන් වහන්සේලා මාධ්‍යවලට ගිහින් කිව්වා, මෙයාට මාධ්‍යවල ඉඩ දෙන්න එපි කියලා. ඒ මාධ්‍යවල යමක් කමක් හිතන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒ අය මගේ දේශනා අහන්න පටන් ගත්තා. ඒවා අහල ඒ අය තීරණය කළා, මෙතෙක් කලක් අපි නාහපු ධර්මයක්, මොකක්දෝ හැංගිච්ච දෙයක් කියනවා. ඒ නිසා මේකට අපි ඉඩ දෙන්න  ඕනැ කියලා. මා කියන්නෙ, ඔය මාධ්‍යත් මම කියන දේ අහන්න. මම කියන දේ හරි ගැඹුරුයි. ඒක ලේසි පහසු නෑ. එකවර තේරෙන්නෙ නෑ. ටිකක් වෙලා අහනකොට තේරෙනවා, මොකක්ද කියන්නෙ කියලා. මම දේශනා කරන හැම දහම් කරුණම ත‍්‍රිපිටක බුද්ධ වචනයේ තියන තැන පෙන්වනවා. සම්මුති බුද්ධ වචනය හා පරමාර්ථ බුද්ධ වචනය කියලා දෙකක් තියනවා. මේ දෙකම අහන්න  ඕනැ එකක් විතරක් පිළිගන්න එපා. මේ දෙකම ත‍්‍රිපිටකයේ තියනවා. මා දේශනා කරන්නේ ඒ ධර්මයයි.
 ප‍්‍රශ්නය: ඔබ වහන්සේ නිවන් ලැබූ බව ඔබවහන්සේම දේශනා කරනවනෙ. එහෙනම් එදා හිටපු පිටිදුවේ හාමුදුරුවන්ට වඩා අද සමන්ත භද්‍ර හාමුදුරුවො වෙනස්. නිවන් ලැබීමත් සමග අවබෝධය පහළ වන බව ධර්මයේ සඳහන් වෙනවා....?
 පිළිතුර:
 මගෙ මානසික වෙනසක් වෙලා තියනවා.  ඕන කෙනකුට මගෙන් ප‍්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප‍්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. මට හොඳට සිහිය තියනවා. මුල, මැද, අග මට මාරුවෙන්නෙ නෑ. මාරු කරන්නත් බෑ. පිටිදුවෙ හාමුදුරුවො වෙනස් වෙලාද කියලා ඔබ මගෙන් අහන්න එපා. එදා සහ අද මගෙ දේශනා, සාකච්ඡා, දෙන උත්තර සංසන්දනය කරන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.