සෞඛ්‍ය ඇමැති රාජිත ගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බව මහීපාල අද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ‘සුරකින්නට තව වටිනා ජීවිතයක් කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්‘ තේමාවෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින් කීවේය.
ශ්‍රී ලංකාවේ ඕනෑම කඩයකින් මිලට ගත හැකි මේ රසකාරකය මොනෝ සෝඩියම් ග්ලුටොමේට් හෙවත් එම්එස්ජී යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. ආහාර රස ගැන්වීම සඳහා ලොව පුරා පාවිච්චි කරන මේ රසකාරකය නිහඬ මාරයකු බව විද්‍යාඥයෝ කියති. කාලයක් තිස්සේ මේ රසකාරකය මිනිස් සිරුරට ඇතුළු වීමෙන් ස්ථුලභාවය, ඇස්වලට හානි, ආතතිය, මහන්සිය, ආමාශගත රෝග, හිරිවැටීම, දැවිල්ල, මුහුණේ පේශීන් තදවීම, පපුවේ අමාරුව, හිසරදය, වමනය, ඔක්කාරය, හදවතේ ගැස්ම වැඩිවීම, නිදිමත ගතිය වැඩිවීම, ඇඟපත පණ නැති වීම, ඇඟ පුපුරු ගැසීම ආදී රෝග ඇතිවිය හැකිය. ජනපති මෛත්‍රිපාල සිරිසේන ද මේ රසකාරකය වෙළඳපොළින් ඉවත් කළ යුතු බවට පසුගියදා සෞඛ්‍ය බලධාරීන් හා පැවැති සමාලෝචන රැස්වීමකදී පැවසීය.
අවන්හල්වලින් කෑම ගන්නා අය මෙම රසකාරකයේ අහිතකර බලපෑම් වලට ලක්වෙතියි වෛද්‍යවරු කියති. මෑතක සිට මෙම රසකාරකය වල් නාශකයක් ලෙස භාවිතයට ගන්නා බවටද තොරතුරු වාර්තාවේ.
වකුගඩු බද්ධ කිරීමේ නව ප්‍රතිපත්ති හඳුන්වා දීම වෙනුවෙන් සම්මන්ත්‍රණය පැවැති අතර පළමු වරට වකුගඩු බද්ධ කිරීමේ අරමුණ ප්‍රකාශ කිරීමේ ආකෘති පත්‍රයක් සහ කාඩ් පතක් හඳුන්වාදීමද අද සිදු කැරිණි.
බෝ නොවන රෝග අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් සීනි පරිභෝජනය අවම කිරීමට ඉදිරි දෙසතිය තුළ රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කීය.
අජිණ මොටෝ ගැන අප ලංකා නිව්ස් හී පළවූ ලිපියක්....!!!
http://www.lankanews.org/2014/07/blog-post_26.html