ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ආරම්භ කළ මෙම වැඩපිළිවෙලට සහයෝගය දක්වමින් ඊයේ වන විටත් කිහිප දෙනකුම අත්සන් තබා තිබුණි.
2016 අයවැය ලේඛනය ඉදිරිපත් කර පළමු කාර්තුව නිමවීමටත් පෙර එය අගමැතිවරයා විසින් සංශෝධනය කිරීම පදනම් කර ගනිමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට නියමිතය. එය මෙම සතිය තුළදී කථානායකවරයා වෙත භාර දෙන බව ඊයේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.