ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මාධ්‍යවේදී එස්.
ගුණරත්නම් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකට
මාධ්‍යවේදී ගුණරත්නම් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් කෙරෙහි සැලකිලිමත් වෙමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස නොතීසි නිකුත් කරන ලෙසට නියෝග කළේය.පැමිණිල්ලට අදාළව සැකකරුවකු ලෙස නම්කර ඇති ධම්මික රණතුංගට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දන්වා ඇති බවද එහෙත් ඔහු මේ වන තෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද පැවසූ පොලිසිය සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නිශාන්ත රණතුංගගේ ඇප අයදුම්පත්‍රය කැඳවූ (15 දා) කොළඹ මහාධිකරණයේ වාර්තාකරණයේ යෙදී සිටි රූපවාහිනී සංස්ථා මාධ්‍යවේදී ගුණරත්නම් මහතා වීඩියෝ ගතකරන ස්ථානයට පැමිණ ඇති ධම්මික රණතුංග ඔහුට බැණ තර්ජනය කර අතැති දුරකථනය මගින් එහි සිටි අනෙක් මාධ්‍යවේදීන්ගේ ඡායාරූප ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහි විමර්ශන පැවැත්වේ.