‘මේ ආණ්ඩුව අසමත්. අසමත් නිසා තමයි වීරවංශලාට රැස්වීම්වල මෙහෙම කෑගහන්න අවස්තාව උදාවෙලා
තියෙන්නෙ. මේක සමත් ආණ්ඩුවක් නම් විමල් ඇතුළු කෑගහන කට්ටිය ඉන්න ඕනෙ හිරගෙදර.’
තියෙන්නෙ. මේක සමත් ආණ්ඩුවක් නම් විමල් ඇතුළු කෑගහන කට්ටිය ඉන්න ඕනෙ හිරගෙදර.’
දූෂණ විරෝධී පෙරමුණේ උලපනේ සුමංගල හිමි මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
‘මේ කෑගහන විමල් වීරවංශ තමයි පහුගිය ආණ්ඩුව කාලෙ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස තමන්ගෙ හෙංචයියන්ට තුට්ටු දෙකට ලබාදුන්නෙ’ යැයිද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළේය.
ජනවාරි අටවැනිදා පෙරලියෙන් පසු රටේ ජනතාව බලාපොරොත්තු උනේ දූෂිතයන්ට, හොරුන්ට, වංචාකාරයන්ට දඬුවම් ලැබෙනු ඇති බවත් එහෙත් දූෂණ අක්‍රමිකතා, මුල්‍ය වංචා සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබාදී තිබියදීත් ඒ පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබාදීමේ යම් ප්‍රමාදයක් සිදුවන බවද සුමංගල හිමියෝ ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් ,
ඉන්දියාවේ ක්‍රිෂ් කියන සමාගම කොළඹ කොටුවේ හිල්ටන් හෝටලය ඉදිරිපිට හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා. මෙම ගිවිසුම අත්සන් කළේ 2012 වසරෙදි. මේ ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 650 ක්.
මේ ගිවිසුමෙන් රුපියල් මිලියන 450 ක මුදලක් නාමල් රාජපක්ෂට අයත් සිංගප්පූරුවේ ගිණුමකට බැර වී තිබෙනවා. ක්‍රිෂ් සමාගම සමග ගිවිසුම් අත්සන් කළ නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රිෂ් සමාගමට කියනවා ගිවිසුමට අනුව රුපියල් මිලියන තවත් රුපියල් මිලියන 450 ක් ලැබිය යුතු බව. සමාගම ප්‍රකාශ කළේ සියලු මුදල් ගෙවා අවසන් බව.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් හෙලිදරව් වන්නේ 2013 වසරෙදි. ඒ ක්‍රිෂ් සමාගම නාමල් රාජපක්ෂට අයත් සිංගප්පූරු ගිනුමට මුදල් බැර කළ රිසිට් පත එලියට ආපු නිසා. අපිට මතකයි ඒ දවස්වල මන්දනා ස්මයිල් අබේවික්‍රම මාධ්යෙව්දිනියගේ නිවසට පැනලා කිසියම් පිරිසක් බලහත්කාරයෙන් පරීක්ෂා කළා. ඒ ක්‍රිෂ් ගනුදෙනුවේ ලියකියවිලි ඇති බවට සැකයක් නිසා.
අවසානයේදී නාලක ගොඩහේවා විසින් ක්‍රිෂ් සමාගමට නැවත රුපියල් මිලියන 400 ක් ගෙවනවා. මේ වනවිට අදාල රිසිට්පත් සම්බන්ධයෙන් හා නාලක ගොඩහේවාගේ දුරකතන කෙට් පණිවිඩ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.
මෙම මිලියන 400 ක මුදල නැවත ක්‍රිෂ් සමාගමට ගෙවීම කොමිස් මුදල් බව පැහැදිලියි.