ඔහු යහපාලන ඇමැති ධුරන්ධර සුචරිතවත් අර්ජුන රණතුංග
ශ්‍රීමතාණන්ගේ සහෝදරයා ය. වරාය පවතින්නේ අර්ජුනගේ අමාත්‍යාංශය
යටතේ ය. රාජපක්ෂලාගේ සහෝදර සමාගමට බැණ වදිමින් සිටි අර්ජුන
රණතුංග වරාය ඇමැති බවට පත් වූ ගමන්ම කළේ සිය අයියා වන ධම්මික
රණතුංග වරායේ සභාපති කිරීමය. ක්‍රිකට් බෝලවලට බැට්වලින්
තට්ටු කරමින් සිටි ධම්මික රණතුංග වරායක් පාලනය කිරීම ගැන
කුමක් දනිත් ද යන්න මෙහිදී ප්‍රශ්න කරනු නො ලැබේ. හේතුව ගිය
ආණ්ඩුවේ මෙන් ම මේ ආණ්ඩුවේ ද සිටින රාජ්‍ය ආයතන ලොක්කන්
වැඩි හරියක්ම තමන් යටතේ පවතින ආයතනයේ විෂය කුමක් ද යන්න දැන
නො සිටීම ය. අයියාට සැලකුවාට කමක් නැත.. එහෙත් අයියාට පිස්සු
කෙළීමට ඉඩක් මල්ලී නො දිය යුතු ය.
ත්‍රස්තවාදය පරාජය කර මුළු රටම එක සිංහ කොඩියක් යටතට ගෙනා
රාජපක්ෂ ආණ්ඩුවේ පසුකාලීන පරිහානියට හේතු වූ කාරණා කිහිපයක්
තිබේ. ඉන් පළමුවැන්න නිදහසින් පසු මෙරට පහළ වූ වඩාත් ම දූෂිත
ආණ්ඩුව ලෙස එය චෝදනා ලැබීමය. දෙවැන්න ඥාති සංග්‍රහය ය.
තෙවැන්න දේශපාලන කටහැකරයන්ගෙන් සහ දේශපාලන දාමරිකයන්ගෙන් එම
ආණ්ඩුව පිරෙන්නට පටන් ගැනීම ය. මෙය පරාභවයට අවශ්‍ය සියලු
කරුණු සම්පූර්ණ වීමකි. ඕනෑම දෙයක් කල් යන විට කුණු වෙයි.
එහෙත් මේ ආණ්ඩුව කටහැකරයන් නිසා කල් නො යාම කුණ වෙන්නට පටන්
ගෙන තිබේ. එයට ආසන්නතම උදාහරණය වරාය සභාපති ධම්මික රණතුංග
නමැති පුද්ගලයා පසුගියදා කොළඹ අලුත්කඩේ උසාවියේදී පුවත්පත්
වාර්තාකරුවන්ට බැණ වැදී ඔවුන්ගේ ඡායාරූප ගැනීම ය. ලක්ෂ්මන්
කිරිඇල්ල විසින් පසුගියදා පුවත්පත් කලාවේදියකුට දුරකථනය මගින්
කුණුහරුපෙන් බැණීම පිළිබඳ සිද්ධිය මෙහිදී සාකච්ඡා කරනු නො
ලැබේ. මන්ද ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බව මෙයට කලකට පෙර කියන
ලද්දේත් මේ කියන ලක්ෂ්මන් කිරිඇල්ලම ය. ඔහු එස්.බී.
දිසානායක, පී. හැරිසන්, මර්වින් සිල්වා යනාදීන්ගේ මට්ටමේ
යල්පැන ගිය වාචාලයෙකි. එහෙත් ධම්මික රණතුංග යනු මේ වාචාල
කියෑවිල්ලට අලුත් කෙනෙකි. කවුද මේ ධම්මික රණතුංග?
ඔහු යහපාලන ඇමැති ධුරන්ධර සුචරිතවත් අර්ජුන රණතුංග
ශ්‍රීමතාණන්ගේ සහෝදරයා ය. වරාය පවතින්නේ අර්ජුනගේ අමාත්‍යාංශය
යටතේ ය. රාජපක්ෂලාගේ සහෝදර සමාගමට බැණ වදිමින් සිටි අර්ජුන
රණතුංග වරාය ඇමැති බවට පත් වූ ගමන්ම කළේ සිය අයියා වන ධම්මික
රණතුංග වරායේ සභාපති කිරීමය. ක්‍රිකට් බෝලවලට බැට්වලින්
තට්ටු කරමින් සිටි ධම්මික රණතුංග වරායක් පාලනය කිරීම ගැන
කුමක් දනිත් ද යන්න මෙහිදී ප්‍රශ්න කරනු නො ලැබේ. හේතුව ගිය
ආණ්ඩුවේ මෙන් ම මේ ආණ්ඩුවේ ද සිටින රාජ්‍ය ආයතන ලොක්කන්
වැඩි හරියක්ම තමන් යටතේ පවතින ආයතනයේ විෂය කුමක් ද යන්න දැන
නො සිටීම ය. අයියාට සැලකුවාට කමක් නැතá එහෙත් අයියාට පිස්සු
කෙළීමට ඉඩක් මල්ලී නො දිය යුතු ය.
සමහර මිනිස්සු කල් යන විට හැදෙති. තව සමහරු කල්යන විට කට
හැකරකම නිසාම වැනසෙති. දැනට විදුලිබල අමාත්‍යාංශයේ නියෝජ්‍ය
ඇමැති ලෙස කටයුතු කරන අජිත් පී. පෙරේරා, කල් යන විට කට හදාගත්
කෙනෙකි. මෙයට කලකට පෙර රූපවාහිනී සංවාදවලට එන ඔහු ඉතා සුළු
ප්‍රශ්නවලින් ඇවිස්සී කෝපයට පත්ව භූමිතෙල් වැදුණු අර මොකාද
මෙන් නටන්නට පටන් ගැනීමේ ස්වභාවයක් තිබිණි. එහෙත් අද වන විට
ඔහු ඒ මට්ටමේ නැත. විදුලිය කැපීම සම්බන්ධයෙන් පැවැති අවසන්
පුවත්පත් සාකච්ඡාවේදී ඔහු ඉතා ඉවසිලිවන්තවත්, ප්‍රසාද ජනක
ලෙසත් උත්තර දුන්නේය. එහෙත් මර්වින් සිල්වා, ලක්ෂ්මන්
කිරිඇල්ල වැනි අය අදත් කට ඇරියොත් අසූචි බාල්දියක් හැලුවා හා
සමානය. කට යනු කෑමට සහ කතා කිරීමට ඇති අවයවයකි. කන දේ බඩට යයි.
කියන දේ පිටට යයි. ඒ නිසා කන පරිදි කතා කරන්නට ගිය විට වැඩ
වරදී. ධම්මික රණතුංග නමැති පුද්ගලයා මේ බව තේරුම් නොගතහොත්
සිදුවන්නේ කූඤ්ඤය ගැලවූ වඳුරාගේ ශරීරයේ වැදගත් කොටස් ලී කොටයට
සිරවීමෙන් සිදුවූ ඇබැද්දිය හා සමාන දෙයක් ය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, March 21, 2016
සුචරිතවත් අර්ජුන රණතුංග ශ්‍රීමතාණන්ගේ සහෝදරයා
2016-03-21T16:02:00+01:00
lankanews
arjuna ranathunge|dammika ranathunge|lankanews|lankanews online Sinhala Newspaper|nishantha ranathunge|Prasanna Ranatunga|srilanka ports authority|unp|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...