ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 5, 2016

තාජුඩීන් ඝාතනයට මේජර් තිස්ස හමුදා භාරයට....!!! නාමල් බබා නිදැල්ලේ...!!!

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල වී ඇති ශ‍්‍රී ලංකා යුද හමුදාවේ
කැප්ටන් තිස්ස විමලසේන සම්බන්ධ වගකීම ශ‍්‍රී ලංකා යුද හමුදාව භාරගත යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා යුද හමුදාවට දන්වා ඇතැයි වාර්තා වේ. මොහුගේ ජීවිතය සම්බන්ධ වගකීම මෙන්ම මෙරටින් බැහැර යා නොදී තාජුඩීන් ඝාතනය සම්බන්ධ නඩු විභාගයේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම ද යුද හමුදාව මේ අනුව භාරගත යුතුය.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත යුතුව ඇති නමුත් මොහුව උතුරු පළාතේ හමුදා කඳවුරක ආරක්ෂාව යටතේ රඳවා තබාගෙන ඇති බව පොලීසිය විශ්වාස කරයි. මේ වන විට මොහු මෙරටින් බැහැර යාම වළක්වාලීමට අධිකරණ නියෝගයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇත. කැප්ටන් තිස්ස මහින්ද රාජපක්ෂගේ සමීපතම ආරක්ෂකයකු ලෙස සේවය කළ තැනැත්තෙකි.
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි යටපත් කිරීමේ චෝදනාව එල්ල වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක  හා මේ මරණය සම්බන්ධයෙන් ව්‍යාජ අධිකරණ වෛද්‍ය වාර්තාවක් සැකසූ බවට චෝදනා එල්ල වී ඇති රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර ඇතුළු කිහිප දෙනකු ඉදිරි සතියේ දී අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

  ප‍්‍රභූ රියදුරාගේ තවත් මැරකම් හෙලිවේ

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ රියදුරු වූ තිස්ස නැමත්තාගේ අතීත කෙරුම් පිිළිබදව තවදුරටත් තොරතුරු හෙලිවෙමින් පවතිනවා. මොහු ජනාධිපති අංශයේද කටයුතු කර ඇති අතර තාජුඩීන් ඝාතනය වූ අවස්ථාවේ එහි රැදී සිට ඇති බවටයි මේ වන විට පොලිස් ආරංචි මාර්ග අනාවරණ කර ඇත්තේ. මේ ඔහු සම්බන්ධ වෙනත් අපරාධ සිද්ධීන් පිළිබද විශ්වාසනීය ආරංචි මාර්ග අනාවරණ කළ තොරතුරු එකතුවක්.
2012 වසරේ ෆූටා මහා පාගමනට සමගාමීව අන්තරය විසින් නුවර සිට පාගමනින් එද්දී මෝටර් සයිකල් අනතුරක් ලෙස පෙනුනු සිද්ධියකින් ජානක බණ්ඩාර සහ සිසිත ප්‍රියංකර සිසුන් දෙදෙනාගේ මරණ සිදුවිය. එහෙත් එම සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බවත් , මෙම තිස්ස නැමැත්තා හා රේල්පාරේ සංජීව නැමැති පාතාළ සාමාජිකයා එක්ව මෙම ඝාතන පසුගිය රජයේ ප‍්‍රබලයකුගේ අණින් සිදුකර ඇති බවටයි හෙලිවෙමින් පවතින්නේ. මෙම සිද්ධියෙන් මරණයට පත්වූ සිසුන්ගේ හිස්වලට දැඩිව හානි සිදුව තිබූ අතර ඒවා රිය අනතුරකින් සිදුවූයේද යන්න පිළිබදව විශේෂ අවධානයක් යොමුව තිබුණා.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ගේ අපත පුත් මාලක සිල්වාට ඔඩෙල් ආයතනයේ රථගාලක් තුලදී පහරදී පැහැරගෙන යාමට තැත් කිරීමේ සිද්ධියද මෙම තිස්ස නැමැත්තා විසින් මෙහෙයවන ලද්දක් බවයි හෙලිවෙමින් පවතින්නේ.
අධිකරණ සේවා කොමිසමේ හිටපු සභාපති විනිසුරු මංජුල තිලකරත්න ට ගල්කිස්සේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද තිස්ස නැමැත්තා චෝදනා ලැබ සිටිනවා.
කැප්ටන් තිස්ස ලෙසත් මේජර් තිස්ස ලෙසත් හඳුන්වනු ලබන  ඝාතකයාගේ ගම ඇලහැර දෙහිවත්ත ප්‍රදේශයයි. ගමේදී හඳුන්වන්නේ ‘පොඩි තිස්ස’ යනුවෙනි. මොහු නිත්‍ය යුද හමුදාවේ සාමාජිකයෙක් නොවේ. ඔහුම පවසා ඇති පරිදි ‘මහින්ද මහත්තයාගේ වැඩ නිසා 10 වතාවකට වඩා රිමාන්ඩ් වී’ ඇති මැරයෙකි. මෙම මැරයා ජනාධිපති ආරක්ෂක අංශයට බඳවාගෙන පසුව මේජර් හෝ කැප්ටන් තනතුරක් පුදා ඇත. එසේ නොමැතිව මොහු නිත්‍ය යුද හමුදාවට බැඳී පුහුණුව ලබා විභාග ලියා මේජර් හෝ කැප්ටන් ධූරයකට පත් වූවෙක් නොවේ. නිත්‍ය ආරක්ෂක සේවාවකට බැඳෙන ඕනෑම අයෙක් තම ඇඟිලි සලකුණු, රජයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දිය යුතු වුවද පීඑස්ඩීයට බඳවා ගත් රාජපක්ෂගේ මැරයන් කිසිවෙක් එලෙස ඇඟිලි සලකුණු ලබා දී නැත.
මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාරයන්ට පවා මෙකී තිස්ස නමැති ඝාතකයා රැගෙන යන අතර රාජපක්ෂ නොදන්නා ස්ථාන වලින් කෑම ගැනීමට පෙර වස දමා තිබේදැයි රාජපක්ෂට පෙර කා බලන්නේ ද තිස්ස නමැති මෙම පුද්ගලයායි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.