අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවකට තරුණ කටයුතු අමාත්‍යවරයාව
සිටියදී ආරම්භ කළ “යොවුන් පුරය” තරුණ වැඩසටහන “අනාගතය ඇරඹුනා” තේමාව යටතේ
නැවත වරක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව තරුණයන් පන්දහසකගේ
සහභාගීත්වයෙන් අද සීගිරිය ගුවන් හමුදා කදවුරේදී එය ආරම්භ වීමට නියමිතය.
රැකියා දස ලක්ෂය, වොක්ස්වැගන් මොටර් රථ කර්මාන්ත ශාලාව, අඩු මිළට
තරුණයන්ට මොටර් රථ, ඇතුළු පසුගිය මැතිවරණවලදී අගමැතිවරයා සහ යහපාලන ආණ්ඩුව
විසින් ලබා දුන් කප්පරක් පොරොන්දු එකක්වත් ඉටු කිරීමට නොහැකිව සියල්ල කණපිට
පෙරළී ඇති මොහොත ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් පවතින තරුණ අප්‍රසාදයට
පිළියමක් ලෙස මේ අවස්ථාවේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම
ආණ්ඩුවේ උපදේශකයන් පෙන්වා දී ඇත.
අදාළ වැඩමුළුවේදී ප්‍රදර්ශන, දේශන, ක්‍රීඩා හා විනෝදාංශ දේශන පැවැත්වෙන
අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන් යානා කොටස් ගලවා
ප්‍රදර්ශනය කිරීමට සහ තරුණයන්ට ඒ පිළිබදව පුහුණුවක් දිය හැකිදැයි
අගමැතිවරයා ගුවන් හමුදාපතිවරයාගෙන් විමසා ඇත. එය සිදුකළ හැකි බවට ගුවන්
හමුදාපතිවරයා ප්‍රකාශ කළත් ගුවන් හමුදාවේ අනෙකුත් උසස් නිලධාරීන්ගෙන් එයට
දැඩි විරෝධයක් එල්ල වී ඇත. මේ වන විට අබලන්ව ඇති ගුවන් හමුදාව සතු කෆීර් හා
මිග් ප්‍රහාරක යානා අලුත්වැඩියා කිරීමට අවශ්‍යව ඇතත් ඒ සදහා ප්‍රතිපාදන
සපයා නොදී තිබියදී එවායේ කොටස් ගලවා ප්‍රදර්ශනය කිරීමට කටයුතු කිරීම
සම්බන්ධයෙන් මෙම විරෝධය එල්ල වී ඇත.
රට තුළ උද්ධමනය, විරැකියාව තුළින් හෙම්බත්ව සිටින තරුණ තරුණියන්ගේ
ගැටළුවලට සැබෑ පිළියම් නොසොයා අධික මුදලක් වැය කරමින් මෙවැනි සංදර්ශනාත්මක
වැඩසටහන් පැවැත්වීම කාලෝචිත අවශ්යතාවයක්දැයි යන්න ගුවන් හමුදා උසස්
නිලධාරීන් අතර කතා බහට ලක්ව ඇති අතර හෙට දිනයේ රට හමුවේද එම ප්‍රශ්නයම
ඉතිරිවනු ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, March 30, 2016
ප්‍රහාරක යානාවල කෑලි ගලවා “යොවුන් පුරේදී” පෙන්වන්නැයි අගමැති කියලා.. ගුවන් හමුදාවේ විරෝධය...!!!
Posted by
lankanews
at
March 30, 2016
Labels: airforce, lankanews, lankanews online Sinhala Newspaper, ranil wickramasinge, unp, unp corruptions, yahapalanaya
ප්‍රහාරක යානාවල කෑලි ගලවා “යොවුන් පුරේදී” පෙන්වන්නැයි අගමැති කියලා.. ගුවන් හමුදාවේ විරෝධය...!!!
2016-03-30T09:38:00+02:00
lankanews
airforce|lankanews|lankanews online Sinhala Newspaper|ranil wickramasinge|unp|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
