ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 6, 2016

මී හරකාගේ තප්පුලෑම ...තමුසෙ පනත ගැන දන්නවද? මේ අහන්නේ කාගෙන්ද ?

ඕනෑ ගොනෙකුට සරසවි පනතට අභියෝග කළ හැකිද?
කිරිඇල්ල 'කිරිකලයට' කට නිසා ගොම හලාගනී

වැඩ සහ 'කට' වරද්දා ගන්නා බොහෝ දේශපාලනඥයන්, ජනමාධ්‍ය 'බයිට්‌' කරන්නට ගොස්‌ තමන්ම බයිට්‌ වී නා ගැනීමේ ආසන්නතම සහ ජනප්‍රියම උදාහරණය ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා විසින් පසුගියදා අඩු නැතිව පෙන්වා දෙනු ලැබ තිබිණි.
උසස්‌ අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල (  මූ දෙවියන් වහන්සේද....? )  පසුගිය දිනෙක කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපතිවරයාට සිය අමාත්‍යාංශ ශීර්ෂය යටතේ ලිපියක්‌ යොමුකර තිබිණි. ඒ තම හිතවතකු කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගැනීම සඳහා 'අනියම්' ලෙස බලපෑම් කරමිනි. (ඇමැතිවරයා එය සාධාරණීකරණය කිරීම ගැන වෙනම කතා කරමු.) කෙසේ හෝ සමාජජාල වෙබ් අඩවි මේ වැඩේ ඉක්‌මනින් ම 'පත්තු' කර තිබිණි. ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු මේ කාරණය ගැන විමසන්නට ඇමැතිවරයාට කතා කළ විට ඇමැතිවරයා තදින් කේන්ති ගෙන තිබිණි. අවිනීත සහ ඇමැතිවරයකුට නොගැලපෙන අසභ්‍ය වචන පවා යොදා ගනිමින් ඇමැතිවරයා බැණවදින ආකාරය සහිත එම දුරකථන සංවාදය ද මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ ඇසිය හැක.
දේශපාලනඥයන් බලය හිමිකර ගත් පසුවත් බලයට පැමිණෙන්නට වලිකන යුග වලදීත් මෙවැනි අශීලාචාර හැසිරීම් ප්‍රකට කිරීම අප කාටත් එතරම් නුහුරු දෙයක්‌ නොවේ. ප්‍රශ්නය වන්නේ මේ සියල්ල සිදුවන්නේ යහපාලනය යටතේ වීමය. එමෙන්ම තොරතුරු දැන ගැනීමේ පනත හෙට අනිද්දාම පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබියදී වීමය. කෙසේ හෝ පසුගිය 28 වැනිදා ඇමැතිවරයාගේ ලේකම්වරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මේ යෑව්වා යෑයි කියන ලිපිය බොරුවක්‌ (ව්‍යාජ) බවය. එහෙත් ඒ කතාව බොරුවක්‌ කරමින් අදාළ දුරකථන සංවාදයේදී ඇමැතිවරයා අශිෂ්ට ලෙස කියන්නේ තමන්ට කථිකාචාර්යවරුන් පත්කරන්නැයි ලියුම් යෑවීමට බලයක්‌ විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව තිබෙන බවය. එමෙන්ම තමන් යවන ලද ලිපියේ සඳහන්ව තිබුණේ සුදුසුකම් තිබේනම් පත් කරන්නැයි යනුවෙන් බවය. යහපාලනය යටතේ එවැනි ලිපියක්‌ වුව යෑවීම 'අතිශය නොගැලපෙන' කාරණයක්‌ බව උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට තවමත් තේරුම් නොයැම වෙනම කාරණයකි.

පනතේ ඇත්තේ කුමක්‌ද?

එහෙත් දේශපාලනඥයකු තබා දේශපාලන හෙංචයියකුට වුව එවැනි ලිපියක්‌ යෑවීමට කිසිදු නීතිමය හෝ පරිපාලනමය බලයක්‌ 19 වැනි වගන්තියේ නැත. එම වගන්තියෙහි සරලව සඳහන්ව ඇත්තේ මෙසේය.


''විශ්වවිද්‍යාල අධ්‍යාපනයත්, පනත සක්‍රිය කිරීමත් සඳහා වූ ප්‍රතිපාදන කොමිසම් සභාවට මාර්ගෝපදේශකත්වය දීම අමාත්‍යවරයාගේ වගකීමයි."

අපට පෙනෙන හැටියට කිරිඇල්ල අමාත්‍යවරයා හොඳටෝම වරද්දා ගෙන ඇත්තේ මේ 'මාර්ගොපදේශකත්වය' දීමය. පත්වීම් ලබාදීමට බලපෑම් කිරීම සඳහා බලයක්‌ එම පනතේ නැත. ගරු ඇමැතිවරයා මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කරන්නේ පනත කියෙව්වාද යනුවෙනුයි. පනත තමන්ට ඕනෑ හැටියට කියවාගෙන මාධ්‍යයට ගෙරවීම අවලස්‌සන කාරණයක්‌ බව ඇමැතිවරයා තේරුම් ගත යුතු කාරණයකි. එමෙන්ම ජනවාරි අටවැනිදා රටේ ජනතාව ප්‍රතික්‍ෂේප කළේ ද මෙවැනි දේශපාලන සංස්‌කෘතියක්‌ බව කිරිඇල්ල පමණක්‌ නොව ආණ්‌ඩුවේ බොහෝ උදවිය තේරුම් ගත යුතු කාරණයකි. 'ඕනෑම ගොනෙකුට යුද්ධ කළ' හැකි වුවද, ඕනෑම කෙනෙකුට විශ්වවිද්‍යාල පනතට අභියෝග කළ නොහැකි බවද කවුරු කවුරුත් තේරුම් ගත යුතුය.

තොරතුරු දැන ගැනීමේ පනත

පසුගිය තුන්වැනිදා "උසස්‌ අධ්‍යාපනයේ නව ප්‍රවණතා සහ රාජ්‍ය නොවන අංශයේ කාර්යභාරය'' නම් වූ වැඩමුළුවකට සහභාගි වෙමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල නම් හරක්  ඇමැතිවරයා මේ ගැන 'අලුත්' අදහස්‌ කිහිපයක්‌ ප්‍රකාශ කර තිබිණි.

"මාධ්‍යවේදීන්ට ලියන්න අයිතියක්‌ ඇතිවා සේ ම මට අදහස්‌ ප්‍රකාශ කිරීමට අයිතියක්‌ තිබෙනවා. අවුරුදු 20 ක්‌ විපක්‍ෂයේ ඉඳලා එක්‌සත් ජාතික පක්‍ෂයට වැඩ කළ අයෙකුට සුදුසුකම් පරීක්‍ෂා කර තනතුරක්‌ ලබා දීම යහපාලනය කඩාකප්පල් කිරීමක්‌ නොවේ."

මේ කිරිඇල්ල අමාත්‍යවරයාගේ කතාවේ සංක්‍ෂිප්තයයි. කිරිඇල්ල ඇමැතිවරයා එහිදී ඇත්තම කතාව කියා තිබේ. අප කියන්නේ ඒ කියන ඇත්ත යහපාලනයට නොගැලපෙන බවය. අවුරුදු 20 ක්‌ පක්‍ෂයට වැඩ කළ අයෙකුට සුදුසුකම් සොයා බලා තනතුරක්‌ දෙන්නට යෑයි කීම ම දැන හෝ නොදැන යහපාලනය කඩාකප්පල් කිරීමකි. 19 වැනි වගන්තියට අනුව පැහැදිලිවම අධ්‍යාපනය හා පරිපාලනය සම්බන්ධයෙන් මඟ පෙන්වීමේ වගකීමක්‌ මිස මෙවැනි ලිපියක්‌ යෑවීම විශ්වවිද්‍යාල පනතත්, යහපාලනයත් අවභාවිත කිරීමක්‌ බව කිව යුතුය.

මාධ්‍යවේදීන්ට ලිවීමේ නිදහස ඇතිවා සේම තමන්ට ද අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියක්‌ ඇති බව කීම සම්පූර්ණයෙන් ම 'පාර්ලිමන්ට්‌ ජෝක්‌' එකකි. බොහෝ දේශපාලනඥයන් වරද්දා ගන්නා 'පොට' කිරිඇල්ල ඇමැතිවරයා ද වරද්දාගෙන තිබේ. මාධ්‍යවේදීන් ලිවීමේදී හෝ අදහස්‌ ප්‍රකාශ කිරීමේදී දේශපාලනඥයන් තරම් 'අශිෂ්ට' ලෙස කටයුතු නොකරන බව තමන්ගේම හඬ සහිත දුරකථන සංවාදයට ඇහුම්කන් දී අවබෝධ කර ගන්නා මෙන් අපි ඇමැතිවරයාට ගෞරවයෙන් සිහිපත් කර සිටිමු. ඇත්තෙන්ම 'මාධ්‍යවේදීන්ට ලිවීමට ඇති අයිතියට ගරු කිරීමක්‌ තිබුණේ නම් කිරිඇල්ල ඇමැතිවරයාට මීට වඩා විනයගරුකව කටයුතු කළ යුතු බව ද කිව යුතුය.

මේ සියලු නොපනත්කම් රඟ දැක්‌වෙන්නේ තොරතුරු දැන ගැනීමේ පනත ද ගෙන ඒමට නියමිතව තිබෙන පසුබිමකය. 'තොරතුරු දැන ගැනීමේ' ක්‍රියාවලිය පිළිබඳව මීට පනස්‌ වසරකට පමණ ඉහතදී ඉන්දීය අධිකරණයක්‌ මගින් ප්‍රකාශයට පත් කළ කාරණයක්‌ සඳහන් කළ යුතුය.

"තොරතුරු වාරණය, අත්තනෝ මතිකත්වය සහ බලය අනිසි ලෙස මෙහෙයවීමට හේතුවේ. පාරිශුද්ධභාවයේ හා වගකීම පිළිබඳව ප්‍රශ්නයක්‌ ඉන් මතු වේ. රටක සංවර්ධනයට වාරණයෙන් තොර තොරතුරු සන්නිවේදනයක්‌ තිබිය යුතුය. එයින් විවෘත ආණ්‌ඩුවක්‌ පාරිශුද්ධ පාලනයක්‌ වෙත යැම බලවත් වේ. එවැනි ආණ්‌ඩුවක්‌ කාර්යක්‍ෂමය."

රුසෝ නම් දාර්ශනිකයාට අනුව පාලකයාට මහජන කැමැත්තෙන් තොරව ස්‌වෛරී පාලනයක්‌ කළ නොහැක. මේ කැමැත්ත වඩාත් සාධනීය වන්නේ තොරතුරු සැපයීමේ පහසුව මතය.

ගරු උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා 'තොරතුරු විමසන විට' ලේ රත් කර ගැනීම සමාජයේ කොමඩියක්‌ බවට පත්වන්නේ ඉහත කාරණා ගැන ඇමැතිවරයා නැතත් රටේ ජනතාව දැනුම්වත් වී සිටින නිසාය.
 
උදේශ සංජීව ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.