ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 11, 2016

උඩුවේ ලෝක හිමියන්ට ඇප

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියනට දැඩි කොන්දේසි මත ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  නියෝග කළේය.
රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඒ හිමියන් මුදාහරින ලෙසත් ඔවුන්ගේ පදිංචිය සනාථ කරන ලෙසත් සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත් ධම්මාලෝක හිමියනට නියෝග කැර ඇත.

සාක්කිකරුවන්ගේ වත්කම් සහතික ඉදිරිපත් කරන ලෙසද නියෝග කැරිණි.
 http://www.lankanews.org/2015/01/blog-post_828.html

පරණ නිව්ස්
 
"අලි නඩුවට" නීති ආධාර ලබා ගැනීම සඳහා රුපියල් 10/= ක්‌ හෝ පරිත්‍යාග කරන්නැයි උඩුවේ ධම්මාලෝක හිමියන් තමන්ගෙන් බණ පදයක්‌ ඇසූ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

තම විහාරස්‌ථානයේ දමා ගොස්‌ සිටි අලි පැටවකු නිසා අනපේක්‌ෂිත නීති ගැටලුවකට තමන් වහන්සේ මුහුණ පා සිටින සිටින බවයි උන්වහන්සේ පවසන්නේ. නාරාහේන්පිට සිරි ඇලන්මැතිනියාරාමයේ ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ධම්මාලෝක හිමියන් මේ බව සඳහන් කළා.

 "මම සියලු සත්ත්වයන්ට ආදරය කරුණාව දක්‌වනවා. මේ නිසාම මම ආපු දවසේ ඉදලා මේ පන්සලට බල්ලෝ ගෙනත් දානවා. හරක් ගෙනත් දානවා. ඒවිදියටම අලි 20ක්30ක් ආපු පින්කමකදි ඉතිරි වෙච්ච, ගෙනත් දාපු අලි පැටියා තමයි මෙහෙ හිටියේ. යම් පිරිසක් මා හිර කිරීමට උත්සාහකරන් වග මට දැනෙනවා. එසේ වරදක් කර ඇත්නම් වහා මා අතඩන්ගුවට ගන්න.මම අත්අඩංගුවට ගන්නා තුරු ඇලන්මැතිනියාරාමයේ වැඩ ඉන්නවා."

මෙහිදී මාධ්‍යවේදීන් ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රශ්න කිහිපයක්ද විමසුවා.

පෙරහැරට ගෙනා අලි පැටියෙක්‌ පන්සලේ දමා ගොස්‌ ඇති බව විෂය භාර අමාත්‍යතුමා දැනුවත් කළ බව ඔප්පු කරන්න පුළුවන්ද?

මම දුරකථනයෙන් තමයි මේ දැනුවත් කිරීම කළේ. ඒ හැරෙන්න වෙන සාක්‌ෂි මගේ ළඟ නෑ.

 පෙරහැරකට අලින් සම්බන්ධ කර ගන්නෙ පෙර සූදානමකින් නේද? ඒ නිසා අලි පැටියා ගෙනාවේ කව්ද කියල හඳුනා ගන්න බැරිද?

අපේ රටේ අලි ඇතුන් සම්බන්ධ වන පෙරහැර කීපයක්‌ තිබෙනවා. විශේෂයෙන් දළදා පෙරහැරේවත් ගමන් කරන අලි ඇතුන් කාගේද කියල වෙන වෙනම හඳුනා ගන්න බෑ.

ඔබ වහන්සේ අලි පැටියාට අයිතිවාසිකම් කියන්න ලියකියවිලි ඉදිරිපත් කළා නේද?

 නෑ. මට කිසිම ලියවිල්ලක්‌ තිබුණේ නෑ. අලි පැටවා අත්අඩංගුවට අරගෙන අරන් ගියේ අමාත්‍යවරයෙක්‌ ඇවිල්ලා.

 බොහෝ පිරිසකට බණ දේශනා කරන ඔබ වහන්සේ මේ අලි පැටවාගේ නීත්‍යානුකූලභාවය ලබාගන්න කල්පනා නොකළේ ඇයි?

 මගේ පන්සලේ අතරමං වූ සතෙක්‌ මගේ නීත්‍යානුකූල සතෙක්‌ බවට පත් කරගන්නේ ඇයි? මේක ලොකු වරදක්‌ විදියට දකින්නේ බටහිර අධිරාජ්‍යවාදයට ගැති අයයි. ඉංග්‍රීසින් මේ රට අල්ලාගෙන එක්‌ සුද්දෙක්‌ අලි 2500 ක්‌ වෙඩි තියල මැරුවා. අදත් වර්ෂයකට වරක්‌ එයාගේ නුවරඑළිය තියෙන සොහොනට හෙණ වදිනවා. බේකර්ස් ඇල්ල සොයා ගත්තු විදේශිකයා අලි දහස්‌ ගණනක්‌ මරා දැම්මා. පන්සලෙන් අලි ඇතුන් ඈත් කරලා දළදා පෙරහැරටත් අලි ඇතුන් නැති කරන වැඩ පිළිවෙළකට අපේ ඇත්තෝ දැන හෝ නොදැන වැඩ කරනවා කියල මේ වැඩවලින් පැහැදිලියි.

 ඔබ වහන්සේට මේ චෝදනාව එල්ල වුණාම ජනාධිපති තුමා කතා කළා නේද?

 ඔව්. එතුමා කතා කරලා කිව්වා මේ ප්‍රශ්නය සමථයකට පත් කර ගන්න එතුමා උදව් වෙනවා කියලා. නීතිය එතුමාටත් ඉහළින් තිබෙන නිසා වෙන්න ඇති මට වැරදි කරුවෙකු ලෙස චෝදනා ඉදිරිපත් කරන්න හදන්නෙ. මම නීතිගරුකයි. මම බණ දේශනා කළේ නීතිගරුක විනයගරුක සමාජයක්‌ හදන්නයි. මට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නෙ මේ ප්‍රශ්නය නීතියෙන් විස ගන්නයි. ඒකට මුදල් අවශ්‍යයයි. මට රුපියල් 10/= කින් හෝ ආධාර කරන්නැයි මගෙන් බණ අහපු පිංවතුන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

 පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද තම මැතිවරණ කටයුතු සඳහා මහජනතාවගෙන් රුපියල් 100ක මුදලක් එකතුකරනු ලැබුවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.