කළා.දෙමටගොඩ චමින්ද (02) දහවල් පැවැති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය අවසන් වීමෙන් පසුව බන්ධනාගාර බස් රථයේ රැගෙන එමින් සිටින අවස්ථාවේදී මාලිගාවත්ත ප්‍රදේශයේදී රථය හරස් කොට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු අතර අදාල මැරයන්ට අවශ්‍ය ටී 56 ගිනි අවිය රැගෙන පැමිණි කණ්ඩායම ඇමති ආරක්ෂක රථයක් බව සිද්ධිය ඇසින් දුටු එම ස්ථානයේ රැදි සිටි රථවාහන පොලිස් නිලධාරියකු දැක ඇති අතර මේ වනවිටත් ඔහුගේ සාක්ෂිය නොසලකා හරින ලෙසට උපදෙස් දි ඇති අතර අදාළ නිලධාරියාව මෙම පරික්ෂණ සදහා දායක නොකර සිටින ලෙසටද උපදේස් ලැබී තිබේ.දෙමටගොඩ චමින්දට වෙඩි තියන්නT56 අවිය ගෙනා ඇමති වාහනය කාගේද...?ඵම වාහනය මුදල් ඇමති කරුපයියාට අයත් වූවක් බව හෙළිවී ඇත....!!!
සංඛ ඇතුළු පිරිස විදෙස් ගත වූ අතර පසුගිය මහ මැතිවරණයේදී මෙරටට
පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ කරුපයියාගේ පාගමනක් සඳහා සහභාගි වී
සිටි බ්ලුමැන්ඩල් සංඛට වෙඩි තැබිමට උත්සාහ කළ අතර එහිදීද වෙනත් කාන්තාවක්
මිය ගියා. එම පරීක්ෂණයත් දැනට යට ගසා ඇත.
භාරත ලක්ෂ්මන් ගේ ඝාතන නඩුව විභාග වීමෙන් අනතුරුව සවස 3.40ට පමණ බන්ධනාගාර බස් රථය අධිකරණයෙන් පිට වී ඇත්තේ චමින්ද ඇතුළු සැකකරුවන් තිදෙනකු ද සමගය. එසේ රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථය මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි මුස්ලාම් සුසාන භූමිය ඉදිරිපිට වාහන තදබදයත් සමග මන්දගාමී වී ඇත. ඒ වන විටත් ඒ අසල කළු පැහැති මෝටර් රථයක් සහ යතුරු පැදියක් නවත්වා තිබි ඇත. ඒ යතුරුපැදියේ සිටි එක් පුද්ගලයකු බන්ධනාගාර බසය සමීපයට පැමිණෙනවාත් සමග චමින්ද වාඩි වී සිටි පැත්තට දැල තුළින් ගිනි අවිය ඇතුළු කොට එක දිගට වෙඩි කිහිපයක් තබා තිබේ. මෙලෙස වෙඩි තබා ඇත්තේ ටී 56 ගිනි අවියකිනි. එලෙස වෙඩි තබන විට වෙඩි උණ්ඩ 2ක් චමින්දගේ ඇලපත ප්‍රදේශයටත් උදරයටත් වැදී තිබේ.
වෙඩි තැබිම ආරම්භ වනවාත් සමගම බන්ධනාගාර බසයේ සිටි පොලිස් ආරක්ෂකයා විසින්ද සිය ගිනි අවිය යොදාගෙන වෙඩි කිහිපයක් නාඳුනන තුවක්කුකරු වෙත එල්ල කර ඇත. එලෙස වෙඩි තබන විට බන්ධනාගාර බස් රථයද නොනවත්වා ඉදිරියට ධාවනය කොට ඇති අතර ඉන් අනතුරුව වෙඩි තැබූ පුද්ගලයින් සිය ගිනි අවිය මෝටර් රථයේ සිටි පිරිසට ලබාදෙන අයුරු එහි සිටි රථවාහන පොලිස් නිලධාරියකු දැක තිබේ. එලෙස ලබාදෙන විටත් ඔවුන් අතින් උණ්ඩ පිරවූ මැගසිනය රෙදි කැබැල්ලක් සමගින් බිම වැටී ඇත.එම ගිනිඅවි ලබාදීමෙන් අනතුරුව යතුරුපැදියද මෝටර් රථයද ඉදිරියට ධාවනය වී ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයට හරවා ඇති අතර බන්ධනාගාර බස් රථය දෙමටගොඩ ප්‍රදේශයට හරවා ඇත. වෙඩි තැබූ පුද්ගලයන් අතර එක් අයෙකුට පොලිස් ආරක්ෂකයා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් වැදී ඇති අතර ලේ බින්දු වැටී තිබූ ආකාරය දැකගන්නට තිබුණු බව වාර්තා වේ.
යහපාලනයට පිංසිදුවන්නට ඉක්මනින්ම ලංකාවට පැමිණි පාතාල නායකයන් යලිත් සිය ඝාතන භුමිය හසුරුවමින් සිටින අතර පසුගිය මහා මැතිවරණය සමයේ දෙමටගොඩ චමින්දගේ පාර්ශ්වය විසින් එක්සත් ජාතික පක්ෂ මහා බැංකු හොරා වන කරුපයියා
ගේ පාගමනක් සඳහා සහභාගි වී සිටි බ්ලුමැන්ඩල් සංඛට වෙඩි තැබිමට උත්සාහ කළ අතර එහිදිද පාතාලයන් කිහිප දෙනෙකුම තුවාල ලැබුවා.
භාරත ලක්ෂ්මන්ගේ ඝාතන නඩුව විභාග කිරීමෙන් පසුව (02) පස්වරු 3.40ට
පමණ බන්ධනාගාර බස් රථය අධිකරණයෙන් පිට වන විටම ඒ සම්බන්ධයෙන් වෙඩි තැබූ
පාර්ශ්වයට කිසිවකු විසින් තොරතුරු ලබා දී ඇති බවට සැක පලවී තිබෙනවා.
බස් රථය මාළිගාවත්ත මුස්ලාම් සුසාන භූමිය ඉදිරිපිට වාහන තදබදය නිසා සෙමින්
ගමන් කර ඇති අතර කළු පැහැති මෝටර් රථයක් සහ යතුරු පැදියක් ඒ ආසන්නයේම
නවත්වා තිබි තිබෙනවා.
යතුරුපැදියේ සිටි එක් අයෙක් බන්ධනාගාර බසය අසලට පැමිණ දෙමටගොඩ චමින්ද සිටි
පැත්තතේ දැල අස්සෙන් තුවක්කුව ඇතුළු කර එක දිගට වෙඩි කිහිපයක් තබා
ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාර බසයේ සිටි පොලිස් ආරක්ෂකයා ද වෙඩි කිහිපයක් නාඳුනන තුවක්කුකරු
වෙත එල්ල කර ඇති අතර බන්ධනාගාර බස් රථයද නොනවත්වා ඉදිරියට ධාවනය කර
තිබෙනවා.
වෙඩි තැබූ පුද්ගලයින් තම ගිනි අවිය මෝටර් රථයේ සිටි අයට ලබාදෙන අයුරු එම
ප්‍රදේශයේ සිටි රථවාහන පොලිස් නිලධාරියකු දැක ඇති අතර ඔවුන් අතින් උණ්ඩ
පිරවූ මැගසිනය රෙදි කැබැල්ලක් සමගින් බිම වැටී ඇත්තේ එම අවස්ථාවේදීයි.
යතුරුපැදිය සහ මෝටර් රථය පසුව වැල්ලම්පිටිය ප්‍රදේශයට හරවා ගොස් ඇති අතර
සැකකරුවන් ගමන් ගත් මාර්ගයේ තැන් කිහිපයක ලේ බින්දු වැටී තිබූ ආකාරය
දැකගන්නට තිබුණු බව පොලිස් නිලධාරීන් පවසනවා.
මෙම වෙඩි තැබිම පාතාලයේ තවත් පිරිසක් සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරන
අතර ඊට හේතු වී ඇත්තේ දෙමටගොඩ චමින්ද සහ බ්ලූමැන්ඩල් සංඛ අතර කාලයක පටන්
ආරවුල් පැවතීමයි.
මීට පෙරද බ්ලූමැන්ඩල් සංඛ, මාකිලංගමුවේ සංජීව සහ ආමි සම්පත් යන පිරිස
දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට පැමිණි අතර එහිදී දෙමටගොඩ චමින්දගේ පිරිස
අතින් මෝටර් රථය ධාවනය කර පැමිණි සංඛගේ ගෝලයෙක් ඝාතනයට ලක් වුණා.
අනතුරුව සංඛ ඇතුළු පිරිස විදෙස් ගත වූ අතර පසුගිය මහ මැතිවරණයේදී මෙරටට
පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ කරුපයියාගේ පාගමනක් සඳහා සහභාගි වී
සිටි බ්ලුමැන්ඩල් සංඛට වෙඩි තැබිමට උත්සාහ කළ අතර එහිදීද වෙනත් කාන්තාවක්
මිය ගියා. එම පරීක්ෂණයත් දැනට යට ගසා ඇත.