ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 3, 2016

එමිල් කාන්තන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට නියෝග...!!!

එල්ටීටීඊ සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ එමිල් කාන්තන් නමැත්තාට

එරෙහිව නිකුත් කොට තිබූ වරෙන්තු නියෝග යළි වහාම ක්‍රියාත්මක කිරීමට කොළඹ විශේෂ මහාධිකරණ කොමසෘරිස්‌ අයිරාංගනී පෙරේරා  ඊයේ (03 දා) නියෝග කළාය.
විත්තිකරු අත්අඩංගුවට ගැනීම අත්හිටුවමින් විශේෂ මහාධිකරණය විසින් නිකුත් කොට තිබූ වරෙන්තු ආපසු කැඳවීමේ  නියෝගය එමගින් අහෝසි කළ මහාධිකරණ කොමසාරිස්‌වරිය විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගැනීමට නීතිමය ඉඩකඩ සලසමින් එම නියෝගය නිකුත් කළාය.
මහාධිකරණය විසින් පෙර අවස්‌ථාවකදී නිකුත් කොට තිබූ වරෙන්තු ආපසු කැඳවීමේ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට විරුද්ධත්වය දක්‌වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයෝමි වික්‍රමසේකර මෙනවිය දැක්‌වූ කරුණු පිළිගත් කොමසාරිස්‌වරිය එම නියෝගය කළාය.

1998 ජුනි 30 වැනිදා කළුතරදී උල් ආයුධවලින් පහරදී හිටපු අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්ද  ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම් ඈතුළු අධි චෝදනා යටතේ පවරා ඇති නඩුවේ දෙවන විත්තිකරු වන ඔමිල් කාන්තන් අධිකරණය හමුවට පැමිණ වරද පිළිගැනීමට සූදානම් බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් දැක්‌වූ කරුණු සලකා බලා ඔහුට එරෙහිව නිකුත් කොට තිබූ වරෙන්තු නියෝග අත්හිටුවීමට එම අවස්‌ථාවේදී නීතිපතිවරයා විරුද්ධත්වයක්‌ දක්‌වා නොතිබූ බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරිය එහිදී පෙන්වා දුන්නේය.

ගරු මැතිනියනි, එම වරෙන්තු ආපසු කැඳවීම දීර්ඝ කරන්නැයි විත්තිය කරන ඉල්ලීමට නීතිපතිතුමා වෙනුවෙන් මම දැඩි විරුද්ධත්වය දක්‌වනවා යෑයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණය හමුවේ පැවැසුවාය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්‍ෂ්මන් පෙරේරා - ගරු විනිසුරුතුමනි අපි විත්තිය වෙනුවෙන් එදා එම ඉල්ලීම කළා තමයි. නමුත් ඒ සඳහා අවශ්‍ය පූර්ණ නීතිමය අවසරය අපිට ලැබුණේ පසුගිය ජනවාරි 20 වැනිදායි. කොටුව මහෙස්‌ත්‍රාත් විසින් විත්තිකරුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත්කර නොගැනීම නිසා ඔබගේ අධිකරණයෙන් අපිට ලබාදුන් අවසරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ තිබුණේ නෑ. ඒ නිසා තව කෙටි කාලයකට විත්තිකරුගේ වරෙන්තු අහෝසි කරමින් ලබාදී ඇති නියෝගය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත් විත්තියේ එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කොට එම නියෝගය නිකුත් කළ මහාධිකරණ කොමසාරිස්‌වරිය අධිකරණය හමුවේ පෙනී සිටින එම නඩුවේ සෙසු විත්තිකරුවන් සිව්දෙනා සම්බන්ධයෙන් විත්තියේ නිගමනය ලබන මැයි 18 වැනිදා තම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට විත්තියට දැනුම් දෙමින් නඩුව එදින දක්‌වා කල්තබනු ලැබුවාය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.