ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියෝ මීට
සුළු මොහොතකට පෙර අපවත්වූ බව රෝහල් ආරංචි කියයි. අද හදිසියේ ඇද වැටීමකට
ලක්ව මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි උන්වහන්සේ අපවත් වන විට 95 වැනි
වියේ පසුවූහ. සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ගලගම
ශ්‍රී අත්ථදස්සි මහා නා හිමියන් උපත ලැබුවේ 1922 ජනවාරි 11 වැනිදාය.
කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා
නිළමේතුමා සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචි අම්මා කුමාරිහාමි මාතාවට දාව
උපත ලද ටිකිරි බණ්ඩා කුල කුමරු මාතලේ යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලයේ
අධ්‍යාපනය ලැබූ අතර 1936 දී උඩුරාවණ ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ
ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය.