
පැවති ත්‍රස්තවාදී යුද්ධය නිමා කර දෙන්නැයි කියා ඔවුන් ජීවත් වූ දෙමහල් නිවස කාලී මෑණියන්ට පූජා කළ හැටි කීවේය. ඒ සමඟම ඔහුගේ ජීවිත කතාව කීවේය. ඔහු අපට කියූ සියලු කතා දැන් අපි ඔබට කියමු. මෙතැන් සිට කතාව කියන්නේ අප නොව ජ්‍යෙතිෂවේදී ඩබ්ලිව්. ඩී. ආරියරත්නය.

‘මේ රටේ යුද්ධය ඉවර වෙලා රටට සාමය ලැබෙන තුරු මස් මාංස, කිළිවලින් වැළකිලා දෙමව්පියෝ මරණයට පත් වුණත් ඒවාට සම්බන්ධ නොවී බ්රහ්මානු ජීවිතයක් ගත කරන බව භද්‍රකාලී මෑණියන් ඉදිරියේ මම පොරොන්දුවක් දීලයි ඒ වැඩේ පටන් ගත්තේ. ඒ පොරොන්දුව මම රෝගාතුර වනතුරු නොපිරිහෙලා ඉටු කළා. ඔය කාලය අතරතුර මගේ තාත්තා නැති වුණා. අයියා නැති වුණා. ඒ එකම මරණයකටවත් මම සහභාගි වුණේ නෑ. මගේ දුවලා දෙන්නගේ විවාහ මංගල උත්වසවලට සහභාගි වෙන්න බැරිව ගියා. ඒත් මගේ ජීවිතයට නොහිතපු දේවල් ලැබෙන්න ගත්තා. පස්සේ ඒ කිට්ටුවෙන්ම දෙමහල් නිවසක්a මිලට ගත්තා.
ඔහොම කාලය ගෙවිලා යනකොට මහින්ද රාජපක්ෂයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ලෑස්ති වුණා. අතීතයේ මාව මරණයෙන් ගලවා ගත්ත එකත් හිත තියාගෙන, ඒ වෙනකොට රටේ හිටපු බලවත්ම නායකයා විදිහට, මහින්ද මහත්තයාව ජනාධිපති කරවීමට මම උදව් කරන්න ලෑස්ති වුණා. මගේ ජ්‍යෙතිෂ්‍ය දැනුමෙන් වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල දැනුමෙන් මහින්ද මහත්තයාව දිනවීමට මම ලොකු දෙයක් කළා. එහෙම කරලා මහින්දයා ජනාධිපති වුණාට පස්සේ මම එතුමාව මුණගැහෙන්න අරලියගහ මැඳුරට ගියා. ඒ මොහොතේ එතුමා මාව බොහොම හොඳින් පිළිඅරගත්තා. ඊට පස්සේ මහින්ද මහත්තයා 2006 අවුරුද්දේ යුද්ධය ඉවර කරන්න මානුෂීය මෙහෙයුම පටන් ගත්තා. එතැනදී ‘මේ යුද්ධය අධික ලේ වැගිරීමකින් තොරව නිමා කර, රටට සාම උදා කරලා දෙන්න කියලා කාලි මෑණියන්ට නැවත මම භාරයක් වුණා. ඒ දේ එහෙම වුණොත් මම පදිංචි වෙලා ඉන්න මේ දෙමහල් නිවස කාලි මෑණියන්ට පූජා කරලා දෙවොලක් කරනවා කියලත් පොරොන්දු වුණා. තුන් සිංහලේ සියලු ආගම්වල බැතිමතුන් එක තැනකට ගෙනත් විශාල ආගමික පිංකමක් කරනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඒ එක්කම බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කරන්න බුදුපිළිම වහන්සේලා පූජා කරනවා කියලත් පොරොන්දු වුණා. එහෙම පොරොන්දු වෙලා අපේ වැඩ ටික අපි කරගෙන ගියා. ඒ අතරේ යුද්දේ නිමා වුණා.
කාලි මෑණියන්ට පොරොන්දු වූ විදිහට 2010 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසෙ 16, 17, 18 යන දින හතර තුළ බෙලිඅත්තේ ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ විශාල ශාන්ති කර්මයක් කළා. සියලුම ආගම් නියෝජනය වන විදිහට සංස්කෘතික අංග කිහිපයක්ම ඉදිරිපත් කළා. සියක් නමක් වඩම්මවලා දානයක් දුන්නා. පිරිත් සඡ්Cධායනාවක් කළා. දේව දානයක් දුන්නා. ඒ සියලු කටයුතු කළේ තනිකර මගේ වියදමෙන්. 2011 මාර්තු මාසේ 03 වැනිදා මම ජීවත් වෙන මේ ගේ දෙවියන්ට පූජා කළා. බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කරන්න අසූ හාරදාහක බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කරන පොරොන්දුවත් ඉටු කරමින් බුද්ධ ජයන්තියට සමගාමීව බුදුපිළිම පූජාව පටන් ගත්තා. මුලින්ම කැලණි රජමහා විහාරයෙන් පටන් ගෙන පිළිම වහන්සේලා දෙදහස් හයසීයක් පූජා කළා. පස්සේ රට පුරාම මේ පින්කම සිදු කරලා පිළිම අසූ හාරදාහම පූජා කළා. නැවතත් බුද්ධ ප්‍රතිමා පූජාව ජනාධිපති මන්දිරයෙන් පටන්ගෙන රට පුරා පින්කම් දා හතරක් කළා. අපි පූජා කළේ මැටි පිළිම නෙමෙයි. කෙමිකල් එකකට ගල් කුඩු කළවම් කරලා හදාගත්ත පිළිම වහන්සේලා. ටිකක් වියදම් වැඩියි. මම හරි හම්බ කරපු සියලු සේසත වියදම් කළේ ඔය පින්කම්වලට. ඒත් නම ගියේ ජනාධිපති මන්දිරයෙන් කරන විදිහට, තාරුණ්‍යයට හෙටක් සංවිධානයෙන් කරන විදිහටයි. මම හොඳට කඩේ ගියා. ඒත් මම ඒවට දුක් වුණේ නෑ. මගේ යුතුකම් ටික මම කරගෙන ගියා. අපි ඉන්න ගේ කඩලා දේවාලය හදන්න ගත්තා. භාර වෙච්ච කිසිම දේශපාලනඥයෙක් උදව් කරන්න ආවේ නෑ. ඒ වෙනකොට මා ළඟ තිබුණු සල්ලිත් ඉවරයි. පස්සේ ගේ බැංකුවට තියලා ලක්ෂ අනූවක් අරගෙන දේවාළේ වැඩ පටන් ගත්තා. ඒත් මොනවහරි බාධක ඇවිත් වැඩේ කෙරුණේ නෑ. කාලි මෑණියන්ට භාර කරලා තියෙන්නේ මම නෙමෙයි මහින්ද රාජපක්ෂයාව. මහින්දපින්කම්වලට දායකත්වය දුන්නේ නැති නම් ඒ පින්කම් සාර්ථක වෙන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව ඒ ගැන මතක් කරන්න මම කිහිප විටක්ම ජනාධිපති මන්දිරයට යන්න ගියා ඒත් අවස්ථාවක් ලැබුණේ නෑ. පස්සේ ටිකෙන්, ටික මහින්ද මහත්තයාව ජනතාව ප්‍රතික්ෂේප කළා. රාජපක්ෂ ආණ්ඩුව ඇතුළෙ ප්‍රශ්න ආවා. අන්තිමේ නොහිතපු විදිහට එතුමා ජනාධිපති මැතිවරණයෙන් පැරැදුණා
දකුණෙන් නායකයකු බිහි කිරීම එක ගැන වැඩිහිටි කන්දේ නායක හාමුදුරුවන්ගේ හීනයක් වෙලා තිබුණා. රටේ නායකයා කරන්න මහින්ද මහත්තයා සුදුස්සෙක් කියලා නායක හාමුදුරුවො දුර තියා දැක්කා. ඊට පස්සේ මහින්දයාව නායකත්වයට ගේන්න උන්වහන්සේ විශාල වැඩ කොටසක් කළා. මහින්ද මහත්තයා සමඟ තරගයට එන සියලු දෙනාව හිර කළා. ‘ඔය බන්ධනය ලිහන්න ඉස්සර වෙලා මම මැරෙනවා. ඒ නිසා උඹ ඕක මතුරපං’ කියලා හාමුදුරුවො මට තමයි බන්ධනය මතුරන්න දුන්නේ. ඒත් මේ කරන්නේ කාටද කියලා මම දැනගෙන හිටියේ නෑ. පස්සේ තමයි විස්තරය දැනගත්තේ. 2010 අවුරුද්දේ තමයි ඕක කළේ. 2011 අප්‍රියල් මාසෙ 13 වැනිදා හාමුදුරුවෝ අපවත් වුණා. හාමුදුරුවො ළඟ තිබුණු වටිනා කියන සියලු සම්පත් මට ලැබුණා.
ඒ අයට විතරක් නෙමෙයි බන්ධනය කපාපු මටත් හිටි ගමන් පපුවේ අමාරුවක් ආවා. ඒක වුණේ පහුගිය දවසක බෙලිඅත්තේ අපේ ගෙදර ගිහින් එනකොට. ඒ මොහොතේම තංගල්ල ඉස්පිරිතාලේට ඇතුළත් කරලා තිබුණා. ඉස්පිරිතාලෙදීත් එක පාරක් හැදුනා. පස්සේ ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනකු මැදිහත් වෙලා ඒ මොහොතේම මාව කොළඹට ගෙනාව. ජාතික රෝහලේදීත් ආයෙමත් සැරයක් හාට් ඇටෑක් එකක් ආවා. තුන් පාරක් හාට් ඇටෑක් එක ආවා. වෛද්‍යවරු කිව්වා ඔපරේෂන් එක කරන්න පුළුවන්. ජීවත්වීමේ වාසනාව තියෙන්නේ 10% ක් වගෙයි කියලා. මම කිව්වා ප්‍රශ්නයක් නෑ ඩොක්ටර් ඔපරේෂන් එක කරන්න කියලා. මම පව් කරලා නෑ. මට මොනවත් වෙන්නේ නෑ කියලා විශ්වාසයක් තිබුණා. ඔපරේෂන් එක සාර්ථක වුණා. මම තවම ජීවත් වෙනවා. ඒත් මගේ ගේ තියලා ගත්ත බැංකු ණය මාස ගානක් ගෙවා ගන්න බැරි වෙච්ච නිසා බැංකුවෙන් රතු නිවේදනයත් නිකුත් කරලයි තියෙන්නේ.
මගේ දේපළ මම පූජා කළේ මට හැදෙන්න නෙමෙයි. රටට සෙතක් බලාපොරොත්තුවෙන්. ඒත් මම දේශපාලනඥයන් ඉදිරියේ මං මුලා වෙලා. දේපළ බැංකුවට සින්න වෙන්න යනවා. ඒත් මට ජනතාවට අත පාල දේවාලය හදන්න බෑ. දේශපාලනඥයො පස්සේ යන්නත් බෑ. භාර වෙච්ච අය ඇවිත් ඒ භාර ඔප්පු කරන්න ඕන. එහෙම නැතිව ජනතාව රවටන විදිහට දෙවියො රවටන්න බෑ. එහෙම වුණොත් භාර හාර වෙච්ච අයට වන්දි ගෙවන්න වෙයි. දැනටමත් පවතින ආණ්ඩුව ඇතුළෙත් අවුල්. පේන විදිහට ආණ්ඩුවට වැඩි ආයුෂ නැති ගානයි. නුදුරු අනාගතයේදී රටට අලුත් නායකයෙක් බිහි වෙනවා. එයා තමයි රට සමෘද්ධිමත් කරන්නේ…’
දෙවියෝ එක්ක වැඩ කරනවට වඩා දේශපාලනඥයෝ එක්ක වැඩ කරන එක අමාරුයි. රටේ ජනතාව තේරුම් ගත යුත්තේ එපමණයි