පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයට ගොස් අත්අඩංගුවට ගත් ඒ හිමියන් රහස් පොලිසියේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බලපත්‍ර රහිතව හොර අලි පැටවකු තබා ගත්තැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමි ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කර තිබේ.
ඒ කොළඹ අතිරේක මේස්ත්රාත් නිශාන්ත පීරිස්ගේ නියෝගයකට අනුවයි.
උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට -
උඩුවේ ධම්මාලෝක හිමියන් අද අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඒ නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිටයි.
රහස් පොලිස් ආරංචි පැවසුවේ උන්වහන්සේ සොයා විමර්ශන කණ්ඩායමක් උන්වහන්සේ සිටින ඇළන් මැතිණියාරාමයට ගිය බවයි.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඒ පිලිබදව තමාට වාර්තා වී නැති බවය.