ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 1, 2016

අලුත්ම මත්ද්‍රව්‍ය ජාවාරමක් සමග කොටු වූ දොස්තර දියණිය

පෙබරවාරි මස 16 වැනි අඟහරුවාදා සවස වලාන දූෂණ මර්දන ඒකකයට ‍පොලිස් විශේෂ කාර්යාංශයෙන්

තොරතුරක් ලැබුණේය. එම තොරතුරට අනුව කියැවුණේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් මොහු භාවිත කරන මත්ද්‍රව්‍ය මෙරට දැක නොමැති මත්ද්‍රව්‍ය වර්ගයක් බවත්ය. ඒ අනුව සැකකරු වහාම එදින රාත්‍රියේම වලාන දූෂණ මර්දන ඒකකයට භාර කළේය. මොහු භාර කරන විටත් තරමක් මත් ගතියෙන් සිටියේය...

ඒ අනුව සැකකරු වහාම එදින රාත්‍රියේම වලාන දූෂණ මර්දන ඒකකයට භාර කළේය. මොහු භාර කරන විටත් තරමක් මත් ගතියෙන් සිටියේය.
“සර් මටත් මේ ජරාවෙන් ගැලවෙන්න ඕනෑ. දැනට විතරක් මම ලක්ෂ හතරක විතර මේවා පාවිච්චි කරලා තියෙනවා. මම සර්ලාට උදව් කරන්නම්.”
සැකකරුගේ කතාව සහ හැසිරීම ‍පොලිසියට සැකයක් ගෙනාවේ නැත. ඒ නිසාම ‍පොලිස් නිලධාරීහු සැකකරුගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාදෙන පුද්ගලයා විමසූහ.
“සර් මටත් ගෙනල්ලා දෙන්නේ සෙනුර කියලා මගේ යාළුවෙක්. මම හරියටම දන්නේ නෑ එයා ගේන්නේ කොහෙන්ද කියලා. ඒත් එයා නම් දන්නවා.”
සැකකරුගේ ප්‍රකාශ මත වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීහු මෙහෙයුමක් ආරම්භ කළහ. එනම් අල්ලාගත් සැකකරු උපාය දූතයකු ලෙස යොදවා සෙනුර නමැති මිතුරාට දුරකථන ඇමතුමක් ලැබිමට සැලැස්වීමය.
“මචං මට අද කෙල්ලෙක් සෙට් වුණා. ඒකිත් එක්ක රූම් එකකට යන්න හදන්නේ. පුළුවන් නම් අර මස්රූම් කෑලි දෙකක් ගෙනත් දියන් මම සල්ලි දෙන්නම්.” යැයි සැකකරු දුරකථනයෙන් කීවේය.
මේ කතා කරන්නේ තමාගේ හොඳම ගැනුම්කරුවකු නිසා සෙනුර සිය ගැනුම්කරුට අදාළ මත්ද්‍රව්‍ය රැගෙන ඒමට යාමට කතා කළේය. ඒ අනුව දෙදෙනාගේ හමුවීම තීරණය කළේ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් තුළය.
මේ කතාබහෙන් පසු වලාන ‍පොලිස් නිලධාරීහු සිය උපාය දූතයා ලෙස යොදාගත් සැකකරුට මෝටර් රථයක් ලබා දුන්හ. එසේම උපාය දූතයාගේ තරුණිය ලෙස ‍පොලිස් කාන්තාවක් ද සූදානම් කරන ලදී.
දිනය 17 වැනිදාය. එදින දහවල් නැවතත් සැකකරු හරහා සෙනුරට දුරකථන ඇමතුමක් ලබාදීමට සැලැස්වීය. දුරකථන කතාබහෙන් පසු එදින සවස 2.30ට පමණ දෙදෙනා හමුවීමට තීරණය කළහ. ඒ අනුව කිවූ පරිදි සවස 2.30ට පමණ දෙදෙනා හමුවූහ. හමු වී දෙදෙනා මෝටර් රථයේ නැගී නාරාහේන්පිට බලා පිටත් වූහ. ඔවුන් පිටත්වන විට ඔවුන් පසුපස වලාන දූෂණ මර්දන නිලධාරීහු ද ගියහ.
දෙදෙනාම නාරාහේන්පිට මන්ත්‍රී පෙදෙසෙහි පිහිටි සුවිසල් නිවසකට ගියහ. එලෙස පැමිණ මෝටර් රථය මග නවත්වා සෙනුර මෝටර් රථයෙන් බැස එම නිවස තුළට ගියේය. එලෙස නිවස තුළට යන අයුරු වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් වීඩියෝගත කළේ කළු පැහැති වීදුරු දැමූ වාහනයක් තුළ සිටය.
මඳ වේලාවක් ගිය පසු සෙනුර එළියට පැමිණියේ මස්රූම් කෑලි දෙකද රැගෙනය. එලෙස රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 6000ක් විය. අදාළ රුපියල් 6000 ‍පොලිසිය විසින් ලබා දී තිබූ අතර සෙනුර අදාළ මුදල් නිවසට රැගෙන ගියේය.
මේ සියලු ගනුදෙනුවලින් පසුව සෙනුර එළියට පැමිණ මෝටර් රථයට නැග දෙදෙනාම බම්බලපිටියේ පිහිටි සාප්පු සංකීර්ණය වෙත පැමිණියෝය. එලෙස පැමිණ ඔහු සමග යාමට සුදානම් වූ තරුණිය ද මෝටර් රථයට නංවා ගත්තේය. ඇය රැගෙන වැඩි දුරක් යාමට වුණේ නැත. ‍පොලිසිය වාහනය මග නවත්වා මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.
එලෙස අත්අඩංගුවට ගැනීම සිදු කළේ සෙනුරට සිය මිතුරා ගැන සැකයක් ඇති නොවන පරිද්දෙනි. ඒ අනුව දෙදෙනාව රැගෙන නාරාහේන්පිට මන්ත්‍රී පෙදෙසෙහි අංක 02 හි පිහිටි නිවස වෙත පැමිණියේය. පැමිණ ඔවුන් දෙදෙනාව රැගෙන නිවස තුළට ගියේය. නිවස තුළට යන විටත් එහි සිටියේ වයෝවෘද්ධ කාන්තාවක්, සුරූපී තරුණියක් සහ එම නිවසේ සේවකයකු පමණි. අත්අඩංගුවේ සිටි සෙනුර අත දිගුකොට සුරූපී තරුණිය පෙන්වා මත්ද්‍රව්‍ය මිලයට ගත්තේ ඇයගෙන් බව පැවසීය.
ඇය නමින් නදීශා ජයනි නමැති 21 හැවිරිදි තරුණියකි. ඇය පෙනුමෙන් උසස් පවුලක තරුණියක් ලෙස පෙනුණි. ඒ අනුව ‍පොලිස් නිලධාරීහු නිවස පරීක්ෂා කිරීම සඳහා අවසර ඉල්ලූහ.
එහෙත් ඇය එයට තරයේ විරුද්ධ වූවාය. එලෙස නිවස පරීක්ෂා කරනවා නම් ඊට අවශ්‍ය අධිකරණ අවසරය ඉදිරිපත් කරන ලෙස ඉල්ලුවාය. එහෙත් යම් සැකයක් මත එපමණක් නොව විද්‍යාත්මක සාක්ෂි සහ එවෙ‍ලේ ඉදිරිපත් කළ හැකි සාක්ෂි ඇත්නම් නිවස පරීක්ෂා කිරීමට හැකියාවක් ඇති බව ‍පොලිසිය පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව ඇය නිවස පරීක්ෂා කිරීමට අවසර ලබා දුන්නාය. තරුණිය අවසර ලබාදීමෙන් පසු ‍පොලිසිය නිවස පරීක්ෂා කරන්නට පටන් ගත්තේය. ‍පොලිසිය නිවස පරීක්ෂා කිරීමේ දී ප්‍රධාන ඉලක්කය වූයේ ඇගේ නිදන කාමරයයි. ඒ නිසා ‍පොලිසිය ඉතා ඕනෑකමින් ඇගේ කාමරය පරීක්ෂා කරන්නට විය.
එහි දී විවිධ වර්ණයේ ඊයම් කොළවලින් ඔතන ලද චොකලට් සුවඳ හා චොකලට් පාට කැබලි 27ක් සොයා ගැනීමට හැකි විය. එම කැබලි චොකලට් බව තරුණිය කීවත් ඒවා සැබැවින්ම මත්ද්‍රව්‍ය බව ‍පොලිසිය දැනගත්තේ ‍පොලිසිය උපාය දූතයා හරහා මිල දී ගත්තේ ද එම මත්ද්‍රව්‍ය වීම නිසාය. එය නමින් මැජික් මස්රූම් නම් විය.
එසේම නිවසේම තවත් ස්ථානයක තිබි කුඩා කුප්පි තොගයක් සොයා ගන්නා ලදී. මිලි ලීටර් 10 බැගින් වූ කුඩා කුප්පි 42ක් මෙහි තිබුණි. එම කුප්පි තොගය ද ‍පොලිස් අත්අඩංගුවට ගත්තේය. එය ‍ප්‍රො‍පොලිස් නම් විය. එසේම තවත් ස්ථානයක තවත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16ක් ද මෙහි දී ‍පොලිසිය සොයා ගත්තේය. එසේම රුපියල් 40,000ක මුදලක් ද ඒ වන විටත් ඈ සන්තකයේ තිබුණි.
අදාළ මෙහෙයුම සඳහා පැය 03ක කාලයක් ගත වී තිබූ අතර ඇය සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය එපමණක් විය. ඉන් අනතුරුව ඇගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.
මෙම තරුණියගේ පියා රජයේ රෝහලක වෛද්‍යවරයෙකි. ඇගේ මව විශ්‍රාමික ගණකාධිකාරිවරියක වන අතර ඇගේ මවගේ වැඩිමහල් සොහොයුරා ද රජයේ රෝහලක ජනප්‍රිය වෛද්‍යවරයෙකි. වැදගත් යැයි කියන පවුලක තරුණියක වන මැය පවු‍ලේ වැඩිමලා වූවාය. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබා ඇති අතර සාමාන්‍ය පෙළෙන් අනතුරුව අධ්‍යාපනය අතරමග නවතා දමා ඇත. එලෙස අධ්‍යාපනය අතහැර දැමූ ඇය සිය පවු‍ලේ අයට පවසා ඇත්තේ ඇමෙරිකානු ක්‍රමයට වෙනම ජීවත් විය යුතු බවය. ඒ අනුව ඇය තරුණයකු සමග වෙනම ජීවත් වී ඇත. එහෙත් කාලයක් ගොස් ඔහු අතහැර දමා ඉහත කී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයකු සමග විවාහ වී ඇත. පසුව ඔහුත් සමග ජීවත් වී ඇත්තේ ඇගේ මහ ගෙදරය.
ඇගේ මවත් පියාත් බාල සොහොයුරාත් ජීවත් වී ඇත්තේ වෙනත් නිවසකය.
ඇය සඳහන් කරන ආකාරයට එක් වරක් සිය පවු‍ලේ අය සමග ඇමෙරිකාවේ ගිය අවස්ථාවක මිතුරියක් හමු වී ඇත. ඇයත් සමග මෙම මත්ද්‍රව්‍ය පානය කර ඇති අතර පසුව එම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඈ සමග කතාබස් කර ඇත. ඒ අනුව තැපැල් මාර්ගයෙන් 2014 වර්ෂයේ සිට දස වතාවක් පමණ මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වාගෙන තිබේ. එලෙස ගෙන්වන ලද මත්ද්‍රව්‍ය මේ තරුණිය විසින් රාත්‍රී සමාජශාලාවලට යන තම මිතුරන්ට විකුණා ඇති බව ද ඇගෙන් ප්‍රශ්න කිරීමේ දී ‍පොලිසිය හෙළිකර ගත්තේය.
චොකලට් කැබැල්ලක් වැනි මෙම මස්රූම් මත්ද්‍රව්‍ය දකුණු ඇමෙරිකාව, මැ‍ලේසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල්වල සෑදෙන හතු විශේෂයකින් සකසනු ලබන බවත් එම හතු මනුෂ්‍ය පරිභෝජනයට නොගන්නා බවත් මෙහි දී හෙළි වී ඇත. එලෙස හතු සමග කොකේන් මිශ්‍ර කොට මෙම චොකලට් කැබැල්ල සකසනු ලබන අතර විදෙස් රටවල්වල විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එය භාවිතයට ගත් පසු බාහිර ලෝකය විවිධ වර්ණවලින් පෙනෙන බවයි. එසේම මෙය මානසික රෝගීන් සඳහා ඖෂධයක් හැටියට භාවිත කරන බවත් සඳහන් වේ. මෙම තරුණිය මෙම එක් කැබැල්ලක් විකුණනු ලබන්නේ රුපියල් 3000කට බව ද හෙළිවිය.
එසේම එය නමින් ‍ප්‍රො‍පොලිස් නම් විය. මත්ද්‍රව්‍ය කුප්පිය ද ඖෂධයක් වන අතර එහෙත් එය ලංකාවේ භාවිත නොකරන බව ඇගේ පියා විසින්ම ‍පොලිසියට දන්වා ඇත. මීමැස්සන්ගේ වද සහ තවත් ද්‍රව්‍ය යොදා සකසන මේ බෙහෙත ද මානසික රෝගීන් සඳහා ලබා දෙන බව සඳහන් වේ. ඇය මෙම කුප්පියක් ද රුපියල් 3000කට විකුණනු ලබන බව සඳහන් වේ.
කෙසේ වෙතත් නෑෂ් නමැති මත්ද්‍රව්‍ය ගංජා කොළයේ මතුපිට ඇති බූව යොදාගෙන සකසන අතර එය ද තරමක් මිල අධික මත්ද්‍රව්‍යයක් බව සඳහන් වේ.
ඇගෙන් ප්‍රශ්න කරන විට ඇගේ ස්වාමි පුරුෂයා ද එම ස්ථානයට පැමිණ ඇත. එහෙත් ඔහු ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නැත.
දැනට හෙළි වී ඇති ආකාරයට මැය මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී නොමැත. එහෙත් ඇය ජාවාරමේ යෙදී ඇත.
කෙසේ වෙතත් දෙමාපියන්ගේ නිසි රැකවරණයෙන් මිදී තනි ජීවිතයක් ගත කිරීමට ගොස් මේ වන විට ඇගේ ජීවිතය නන්නත්තාර වී ඇත. අවසානයේ ඇගේ සුහුඹුල් යෞවන සමය ‍පොලිසියේ කූඩුවක් තුළ ගත කිරීමට ඇයට සිදුවිණි.
කෙසේ වෙතත් ඇයට තවමත් වයස ඇත. ඒ නිසා ඇගේ ජීවිතය යහමගට ගැනීමට දෙමාපියන්ටත්, ‍පොලිසියටත් අනන්ත අප්‍රමාණ අවස්ථා ඇත. ඉන් එක් අවස්ථාවක් හෝ ප්‍රයෝජනයට ගතහොත් ඇයට පවු‍ලේ තත්ත්වයට සරිලන රැකියාවක් කිරීමේ හැකියාව තවමත් ඇත.
මෙම ජාවාරම පිළිබඳ පරීක්ෂණ වලාන දූෂණ මර්දන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ සහකාර ‍පොලිස් අධිකාරී ආර්.එම්. කුලතුංග මහතාගේ උපදෙස් මත උප ‍පොලිස් පරීක්ෂකවරුන් වන ආර්.ඒ. ජනිත කුමාර, ආර්.එම්.ඒ. කරුණාරත්න, සැරයන් (34546) වික්‍රමරත්න, කොස්තාපල්වරුන් වන (428) ජයලාල්, (61659) අසංක, (84889) උදය කුමාර, (78981) ප්‍රබුද්ධ, (76146) මුණසිංහ, (13045) නිමල්, (47886) විජේකෝන්, කාන්තා කොස්තාපල්වරියන් වන (7858) ප්‍රියදර්ශනි, (9478) දුලිකා, ‍පොලිස් රියැදුරු (15932) බණ්ඩාර, (81178) දිසානායක යන අය විසින් සිදුකර ඇත.
ගයාන් ගාල්ලගේ
ඡායාරූප – චමිල කරුණාරත්න

Thanks Rivira 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.