කොළඹ
කොටුව ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් ක්‍රිෂ් නමැති ඉන්දියන්
සමාගමට පවරාදීමේදී රුපියල් කෝටි 7 ක මුදලක් කොමිස් වශයෙන්
ලබාගත් බවට එල්ලවී තිබෙන චෝදනාවක්

රජය සතු මෙම ඉඩම ලබාදීමේදී පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකුට රුපියල් කෝටි ගණනින් කොමිස් මුදල් ලබාදී තිබෙන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස නාමල් රාජපක්ෂට දැනුම්දී තිබිණි.
ඒ අනුව නාමල් රාජපක්ෂ ඊයේ පෙරවරු 10.00 ට පමණ මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.
කොළඹ කොටුවේ පිහිටි රජයේ ඉඩමක් සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා ක්‍රිෂ් නමැති ඉන්දීය සමාගමකට පැවරීමේදී මෙම කොමිස් මුදල් වංචාව සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගමේ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.