ලක්ෂ 27ක් වන්දි ගෙවීමටත් නියෝග
තමා ජා-ඇල පොලිසියේ ස්ථානාධිපති බව අඟවා වෙසක් පුන්
පොහෝදින අලුයම තම නිවසට
ඊට අමතරව අතවරයට ලක්වූ සරසවි සිසුවියට රුපියල් ලක්ෂ විසි හතක (ලක්ෂ 27) වන්දියක් ගෙවීමට සහ රුපියල් 45,000 ක දඩයක් ගෙවීමටත් විත්තිකරුට නියම විය.
මෙසේ දඬුවම් නියම වූයේ වත්තල හුණුපිටිය වේවැල්දූව පාර අංක 339 දරන ස්ථානයේ පදිංචි හේවාතන්ත්‍රීගේ නුවන් ජනක (28) නමැති අයෙකි.
විත්තිකරුට දඬුවම් නියමකරමින් මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මෙසේ පැවසුවාය.
"තමා ධනය සහ බලය පෙරටු කරගෙන සමාජය දීප්තිමත් කිරීමට සිටි අහිසංක සරසවි ශිෂ්‍යාවකගේ අනාගතය අඳුරු කළා. තමාගේ තාවකාලික ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහා පාපතර සහ තිරිසන් ලෙස සරසවි ශිෂ්‍යාවගේ අනාගතය කෙළිබඩුවක් ලෙස සලකා විනාශ කලා. මෙවැනි බරපතළ වැරදිවලට අධිකරණයෙන් උපරිම, දඬුවම් ලබා දීමට පසුබට වන්නේ නෑ".
රජයේ අධිනීඥ හංස අබේරත්න පැමිණිල්ල මෙහෙයවීය.
විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රදීපා කළුආරච්චි පෙනී සිටියාය.
විමල් කීර්ති