ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 31, 2016

නැවතත් සන්නද්ධ දෙමළ බෙදුම්වාදය

ලංකාවට මරණ හයක්....!!!එකක් නම් ව්‍යව්ස්ථාව හරහා රට කැඩීමයි. ඒකට අවශ්‍ය එන්ජීඕ ව්‍යවස්ථාදායක
සභාව හදලා ඉවරයි. ඕනම දේකට අත උස්සන ගොන්නු රැලක් ඉන්නවා නාමික විපක්ෂයක් එක්ක. 2/3ට 5/6ක බලයක් තියෙනවා. ඉස්සර වෙලා සහ සන්ධීය රාජ්‍යයක් හදලා ඉන් පස්සේ ජනමත විචාරණයක් හරහා

වෙන් කරන්ඩ පුළුවන් නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ කරා වගේ. කැඩුනට පස්සේ ඉතිං දේශසීමා සටන් එහෙම තමා. එකක් කැඩුන ගමන් වතුකරයේ, මුස්ලිම් ප්‍රදේශ එහෙමත් කැඩෙන්ට බලනවානේ. හරි ලස්සන කාලයක් එයි.අනෙක තමා යුධ අපරාධ නඩු කතාව. ඒකෙ ethnic cleansing උනා කියලා හයිබ්‍රිිඩ් අධිකරණයේ ලංකා ආණ්ඩුවේ සීල් එකත් එක්ක තීන්දුව ආවහම එක්සත් ජාතින්ගේ සංවිධානයේ වෙනම රටක් හදන්ඩ පුළුහන් (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුධ රථ දැනටම මෙහේ කරක් ගහන්නේ ඒකට පෙරහුරුවකට විය හැකියි).

අංකූර නාමල්ගේ හතර වරං ගැහිල්ල......!!!

නාමල්ගේ සමාගම් දෙකක ගිණුම් පිරික්සයි
නාමල්  රාජපක්ෂට අයත් බව  කියන ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් සමාගම් වලට  අයත්  බැංකු  ගිණුම්වල සාරාංශගත වාර්තා  පරික්ෂා කිරිමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර  ලබාදෙන ලෙස එම බැංකුවල කළමණාකරුවන් හට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් (31) නියෝග කළේය. 
 පාර්ලිමේන්තු මන්ත්‍රි  නාමල් රාජපක්ෂගේ  හිමිකාරිත්වය ඇතැයි  කියන ගවර්ස් සමාගම විසින්  හෙලෝ කෝප් නැමැති  සමාගමේ මිලියන 125 කට  අධික වටිනාකමකින් යුත් කොටස්,  මිලදී  ගත්තැයි  කියන දේපල මුල්‍ය  අපාරාධ විමර්ශන කොට්ඨාසය විසින්  මුදල් විශුද්ධිකරණ පනත යටතේ  විමර්ශනයට ලක් කරයි.

පිරිමි යට ඇඳුම් සොරකමේ යෙදෙන හොර බැළලියක් මාට්ටු...!!!

පිරිමි යට ඇඳුම් සහ මේස් සොරකමෙහි යෙදෙන අපූරු 'හෙරක්' පිළිබඳ පුවතක් නවසීලන්තයේ හැමිල්ටන් සිටි නගරයෙන් වාර්තා වේ.
'ටොන්කයිනීස්' විශේෂයට අයත්  'බ්‍රිජිට්' නම් බැළලියක විසින් මෙම සොරකමෙහි යෙදී තිබේ.
මාස 02ක් තුළ බ්‍රිජිට් විසින් සොරකම් කර ගෙන පැමිණි පිරිමි යට ඇඳුම් ගණන 11ක් වන අතර, සොරකම් කළ මේස් සංඛ්‍යාව 50කට අධික වන බවත් වාර්තා වේ. [PHOTOS]

රාවණා රජු නැගිටවන්න කතක් රාවණා ගුහාවට රිංගති ගුටි කති - පැන දුවති - VIDEO

ඇල්ල වැල්ලවාය කරඳගොල්ල 10 කණුව ප‍්‍රදේශයේ රාවණා ඇල්ලේ ගල්ලෙනේ සිහිමුර්ජා වී සිටින බවට ජනප‍්‍රවාදයේ කියැවෙන රාවණා රජු නැගිට්ටවීම සඳහා යැයි පවසමින් මොරටුව ප‍්‍රදේශයේ කට්ටඬි කාන්තාවක් ඇතුළු 18 දෙනකු 29 ගුහාවට ඇතුළු වීම නිසා ඒ අවට ප‍්‍රදේශයට පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි. මෙම පිරිස ගුහාව තුළට ඇතුළු වී ඇත්තේ පොලිසියට කළ පෙර දැනුම් දීමකින් අනතුරුවය. ගුහාව තුළ යම් කිසි කටයුත්තක් සිදු වන බවට ගම්වාසීන් තුළ පැතිර ගිය කතාබහක් හේතුවෙන් ගම්වාසීන් දහස් ගණනක් එම ස්ථානයට රැස්ව සිටීම නිසා පොලිස් ආරක්ෂාව යෙදීමට සිදුවිය.

Wednesday, March 30, 2016

නැගෙනහිරින් හකිම් අතුගා දැමේ..!!!

නැගෙනහිර පළාතෙන් මුස්ලිම් කොංග්‍රසය අතුගා දමන තුරු රවුෆ් හකීම්ව නායක ධුරයෙන් ඉවත් කළ

නොහැකිය”යනුවෙන් උලමා පක්‍ෂයේ නායක ආචාර්ය මුබාරක් මෞලවි ප්‍රකාශ කර තිබේ.
පක්‍ෂයේ ආධාරකරුවන් සමඟ කල්මුණේදී පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
“උලමා පක්‍ෂය නැගෙනහිර කේන්ද්‍ර කරගත් මුස්ලිම් පක්‍ෂයක් යනුවෙන් ප්‍රකාශ කරන විටදී, නැගෙනහිරට එක් පක්‍ෂයක්, උතුරට එක් පක්‍ෂයක්, දකුණට තවත් පක්‍ෂයක්ද? යනුවෙන් දේශපාලනය නොදන්නා ඇතැම් පුද්ගලයින් විමසයි. නැගෙනහිර පළාතට එක් පළාත් සභාවකුත්, අනෙකුත් පළාත් වලට එක් පළාත් සභාව බැගිනුත් පිහිටුවා ඇත්තේ පරිපාලන පහසුව සඳහාය. නැගෙනහිර පළාත පමණක් මුස්ලිම් ජනතාවගේ බලයට පත්වී ඇති පළාතකි. ඒ හේතුවෙන්, නැගෙනහිර ඡන්ද බැංකුව මගින් නැගෙනහිර ජනතාව ප්‍රතිලාභ ලැබිය යුතුය. නැගෙනහිර පළාතේ මුස්ලිම් පක්‍ෂය නැගෙනහිර නායකත්වයක් යටතේ ශක්තිමත් කර තිබුණහොත්, අනෙකුත් පළාත් වල මුස්ලිම් ජනතාවට එය ශක්තියක් වනු ඇත.

ප්‍රහාරක යානාවල කෑලි ගලවා “යොවුන් පුරේදී” පෙන්වන්නැයි අගමැති කියලා.. ගුවන් හමුදාවේ විරෝධය...!!!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  එවකට තරුණ කටයුතු අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කළ “යොවුන් පුරය” තරුණ වැඩසටහන “අනාගතය ඇරඹුනා” තේමාව යටතේ නැවත වරක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව තරුණයන් පන්දහසකගේ සහභාගීත්වයෙන් අද සීගිරිය ගුවන් හමුදා කදවුරේදී එය ආරම්භ වීමට නියමිතය.
රැකියා දස ලක්ෂය, වොක්ස්වැගන් මොටර් රථ කර්මාන්ත ශාලාව, අඩු මිළට තරුණයන්ට මොටර් රථ, ඇතුළු පසුගිය මැතිවරණවලදී අගමැතිවරයා සහ යහපාලන ආණ්ඩුව විසින් ලබා දුන් කප්පරක් පොරොන්දු එකක්වත් ඉටු කිරීමට නොහැකිව සියල්ල කණපිට පෙරළී ඇති මොහොත ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් පවතින තරුණ අප්‍රසාදයට පිළියමක් ලෙස මේ අවස්ථාවේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ආණ්ඩුවේ උපදේශකයන් පෙන්වා දී ඇත.

අද උදේ සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් හා පුපුරණ ද්‍රව්‍ය මෙන්න (PHOTOS)


චාවකච්චේරියේ ගෙදරකින් මරාගෙන මැරෙන කොටි බෝම්බ ඇඳුමක් සොයාගත් බව චාවකච්චේරිය


පොලිසිය කියයි.සැකකරු ආගිය අතක් නැතැයි ද ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් ආරංචි පවසයි.මරාගෙන මැරෙන ඇඳුම් ගෙනා සැකකරු මෙන්න.. පුනරුත්තාපනය නොවූ කොටියෙක්.. අවුරුදු 15දී බැඳිලා..
, යාපනේ චාවකච්චේරි නිවසක තිබී අද 30 උදෑසන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන බෝම්බ අදුම් කට්ටල සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, ක්ලේමො බෝම්බ ආදියේ පින්තූර පහත දැක්වෙනවා.

ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි...!!!

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ පැතිරවීම සහ ප්‍රහාර සඳහා මේ වසරේ දළ සැලැස්ම පෙන්නුම් කරන ඉලක්කගත විදේශීය රාජ්‍ය ජාලයට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇති බවට ඇමෙරිකානු අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය, යුද ගැටුම් පිළිබඳ සමීක්ෂණය කරනු ලබන ඇමෙරිකානු ආයතනයක් වන ජාත්‍යන්තර යුද ගැටුම් අධ්‍යයන ආයතනය විසින් නිකුත් කරනු ලැබූ නවතම සිතියමක් මගින් මේ බව හෙළිවී ඇත.
පසුගිය වසරේ නොවැම්බර් එම ආයතනය විසින් අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ඉලක්ක දැක්වෙන සිතියමක් නිකුත් කර තිබූ නමුත් එහි ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආක්‍රමණය හා ප්‍රහාර සඳහා වන ඉලක්ක තුළට ඇතුළත් වී නොතිබිණි.

ISIS සමග ඇමතිවරුන් දෙදෙනෙකු සහ ව්‍යාපාරිකයන් රැසක්! බුද්ධී අංශ වාර්තාවේන් ඇත්ත හංගයි...!!!

අයි. එස්‌. අයි. එස්‌. (ISIS)ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකාවේ රැකවරණය ලබාදිමට

ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ කොළඹ ආශ්‍රිතව දැවැන්ත ව්‍යාපාර මෙහෙයවන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිටින බව බුද්ධී අංශ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවේ අනාවරණය කර තිබේ.
අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ අනාවරණය කල බවත් අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක්‌ වී තිබෙන බවද බුද්ධි අංශ පෙන්වාදුන් බවට මාධ්‍ය වාර්තා පලවුවද දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් කල අනාවරණය ජනාධිපතිවරයාගේ නියෝග මත නතර වි තිබේ.

Monday, March 28, 2016

පාස්කු ඉරිදා ලුර්දු දේව මෙහෙය....

Add caption
ප්‍රංශයේ ලුර්දු නගරයේ පාස්කු ඉරුදින සිංහල දේව මෙහෙයක් ඉතාලියේ රෝමයේ වෙසෙන කිතුනු බැතිමතුන් විසින් සංවිධානය කර තිබුණි. මෙම විශේෂ දිව්‍ය පුජාවට කිතුනු බැතිමතුන් දහස් ගණනක්  සහභාගී වූ අතර වසර 15 ක් පුරා නොකඩවා පවත්වනු ලබයි.දේව මෙහෙයෙහි අවස්ථා කිහිපයක් සහ එයට සහභාගී වූ බැතිමතුන් කිහිපයක් පහත ජායාරූප වලින් දැක්වේ.

සිංහල රටේ සිංහල අනාථයෝ....!!

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ...පක්‍ෂ පාට වැදගත් නොවේ. මනුස්‌සකමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතුය. මිනිසා, මිනිසාට ප්‍රේම කළ යුතුය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මිනිසා මිනිසාට වෛර කිරීමකි. දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බළකොටුව පිහිටා ඇත්තේ ද බෝගස්‌වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසි දහසක්‌ රහතන් වහන්සේලා සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්‌වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. එවැනි ඓතිහාසික භූමියක අද ජීවත් වන සිංහල මිනිසුන් හාමතේ මැරෙන්න යන්නේය. එහෙත් බෝගස්‌වැව මිනිසුන් ගෙවල් ඉල්ලන්නේ නැත. බඩු මලු ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් දියුණු කරගැනීමය. ගමේ පාසල දියුණු කර ගැනීමය. ලබා දීපු වගා සහනාධාරය නැවත ක්‍රියාත්මක කරලීමය.

ලංකාවේ ප්‍රදේශ 6 ක ISIS ත්‍රස්‌තයෝ....!!!

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායමට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක්‌ මෙරට ප්‍රදේශ හයක සිටින බවට බුද්ධී අංශ වෙත තොරතුරු ලැබී ඇත.
අයි. එස්‌. ත්‍රස්‌තවාදී කණ්‌ඩායම තහනම් කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා මෙම සංවිධානයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක්‌ වී තිබෙන බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.
බුද්ධි අංශ මගින් පසුගිය කාල සීමාවේදී කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ මෙරට පදිංචිව සිටි මුස්‌ලිම් අන්තවාදී පුද්ගලයන් තිහකට වැඩි පිරිසක්‌ මේ වනවිට අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමග එක්‌ව සිටින බවයි.

රට උගසට තබා උන්ගෙ හැන්දෙන් උන්ටම බෙදාගන්නා යූ.එන්.පී .යහපාලනය....!!!

මූල්‍ය අර්බූදය ඇති කලේ රාජපක්ෂද..? ආර්ථික ඔස්තාර්ලාගේ සළුපිලි සියල්ල ගැලවූ වගයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික ප්‍රකාශය පිළිබඳ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

මූල්‍ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ?
මාර්තු 08 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති පැවසුවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සැඟ වූ ණය ප්‍රමාණයක් සොයා ගත් බවත් එම ණය ගෙවීම සඳහා බදු වැඩි කිරීමට සිදු වී ඇති බවයි.  ආණ්ඩුවේ ඇමතිවරු එම බදු රාජපක්ෂ බදු ලෙස නම් කළා.  ඒ වගේම ලංකාව දැවැන්ත ණය අර්බූදයක මෙන්ම විදේශ ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති බැවින් විදේශ මූල්‍ය අර්බූදයක ද සිර වී සිටින බව අගමැති එදා පිලි ගත්තා.

Sunday, March 27, 2016

බුද්ධි නිළාධාරීන් නිදහස් කලොත් මගේ ජීවිතය අනතුරේ.. ඔවුන් හිරේම දමා මා රකින්න – සන්ධ්‍යා එක්නැලිගොඩ

තම සැමියා වන ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කලහොත් තම ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල වන බැවින් ඔවුන් නිදහස් නොකරන්නැයි ඉල්ලා සිටින බව කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සන්ධ්‍යා එක්නැලිගොඩ  කියා සිටියාය.[Video]

Saturday, March 26, 2016

සෝභිත හිමියන් ඝාතනය කළා-සිරුරේ සියලු අභ්‍යන්තර අවයව සිංගප්පූරුවේදී ඉවත් කළා.....!!!

පසුගියදා හදිසියේම අපවත්වු සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත මරණයක් බවත් එම ඝාතනය පසුපස යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සිටින බව අප අනාවරණය කලේ මරණය සිදුවි පැය 24ක් යන්නටද මත්තේනි.
ඊට ප්‍රධාන වශයෙන්ම හේතු සාධක වුයේ සෝභිත හිමියන් හදිසියේම අපවත් විම සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ සැකයක් බව සෝභිත හිමියන් ලගින්ම සිටි උන්වහන්සේගේ ප්‍රධාන දායකයා වන (නම සදහන් නොකරන) උපාසකට ඇතිවු සැකයයි.

Friday, March 25, 2016

කඳවුරු වෙනත් තැනකට.. සාම්පූර් ඉඩම් මුදා හැරේ..!!!

2007 වසරේ සිට නාවුක හමුදාව විසින් භාවිතා කරන ලද සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් අක්කර 177ක්  මුදාහැරියේ යයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි පවසයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට එම ඉඩම් අක්කර 177  25  දිනයේ නිල වශයෙන් භාර දුන් බවත් ඔහු කියා සිටියේය. එම ප‍්‍රදේශයේ මෙතෙක් තිබූ හමුදා කඳවුරු වෙනත් ස්ථානයක ඉදි කරන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

ජනතා ඡන්ද 2000 ක් පමණක් ගෙන පාර්ළිමේන්තු ගිය පිනා හෙවත්.පැඩි ෆීල්ඩ් මාෂල් වලත්තයා ගැන ගෝඨා සිනා සිසී කථාකරයි....!!!

ෆොන්සේකා ගැන රනිල්ගේ එකල කතාවට 5000%ක් මංගලගේ කතාවට 1000%ක් එකඟයි.. ගෝටා සිනහ සිසී ඌරු මාළු ඌරු පිටේම කපයි..

 ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ වත්මන් ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එදා හමුදාපතිව සිටියදී යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ  විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් 5000%කින් එකඟ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ  පවසයි,යුධ ඔස්තාර් ලෙස පෙනී සිටින ෆොන්සේකා  යුධ හමුදාපති කාලයේ හමුදා මුලස්ථානයට පැන හමුදාපතිට බෝම්බ ගැසූ බවත් එය ලෝක ඉතිහාසයේ වූ එවන් එකම සිදුවීම බවත් ඔහු සඳහන් කරයි. ,[Video]

නොදන්න දේ කීමට ගොස් හොට බිම ඇන ගත් හොර පඬියා වියන්ගොඩ සවුත්තුවූ අපූරුව...!!!

රතන හිමිට මල පනී.. ITN ගිරයේ සජීවීව ගාමිණි වියන්ගොඩට බැණ වදී.. [Video]

 පොහොර සහනාධාරය කපා දැමීම හා වස විස නැති ගොවිතැන සම්බන්දයෙන්  ස්වාධීන රූපවාහිනියේ ‘ගිරය’ වැඩසටහනේදී පූජ්‍ය ඇතුරලියේ රතන හිමියන් විසින් පොරක්වීමට දත කන හොර පඬියා ගාමිණී වියන්ගොඩට දරුණු ලෙස බැණ වැදුනේය.වැඩසටහන මෙහෙයවන්නන්ගෙන්ද උන් වහන්සේ ඉල්ලා සිටියේ විෂය සම්බන්ධයෙන් දැනුමත් ඇති බුද්ධිමත් අය මෙවන් වැඩසටහන්වලට ගෙන්වන ලෙසයි.

පැඩි ෆීල්ඩ් මාෂල් වලත්තයාගේ සැඟවූ තවත් තොරතුරු සාක්‍ෂි සහිතව එළියට.....!!!

රණවිරුවන් දිගින් දිගටම පාවාදෙමින් ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය පමණක් නොව රනිලාට වැඳවැටී ඇමතිකමකටත් කෙලීය පැඩි ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යනු සියලුම

අතින් පාවාදෙන්නෙකු බව තවදුරටත් අපට සාක්‍ෂි ලැබී ඇත. .
 ………..සරත් ෆොන්සේකාගේ කැරැට්ටුවෙන් බිදක්……………..
ස්ත්‍රී දුෂණ
සරත් ෆොන්සේකා, යුධ හමුදා අධිකරණය මඟින් ස්ත්‍රී දුෂණ චෝදනාවකට ලක් වී ඇති පුද්ගලයකු වන අතර 1975 දෙසැම්බර් 24 වනදා දියතලාව යුධ හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී , එවකට ලූතිනන් සරත් ෆොන්සේකා විසින් දුෂණය කරන ලද්දේ ධනවතී නැමැති කාන්තාවකි.

Thursday, March 24, 2016

උතුරේදී තෛයිපොන්ගල් බත් රසයි කියපු මුන් මෙහාට විත් හැන්දෙන් කිරිබත් කන අයුරු....!!!


අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනය  (24 දා) යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් චාම් එහෙත් ගාම්භීර උත්සවයක්‌ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී තමාට සුබ පැතීමට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අගමැතිවරයා විසින් කිරිබත් කැවූ ආකාරය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට කිරිබත් කැවූ සොඳුරු මොහොතයි මේ.

ආගම පාවා දෙන බෞද්ධ පිරිස් ගිල ගන්න දේව සෙල්ලම....

අපේ රටේ බෞද්ධයින් ඊශ්‍රායල් මූලධර්මවාදී කල්ලි වලින් බේරාගනිමු..!



ඊශ්‍රායල් වල ඉන්න සමහර අයට සබාත් දවසට වැඩ නැහැ ඒ දවසට සත්තු සේවිකාව හෝ සේවකයා ඔහු හෝ ඇය සේවය කරන නිවසේ රැදෙන්නේ නැහැ .ඔවුන් එලියට යායුතුයි .මේ අය සදහා නවාතැන් දෙන අපාර්ට්මන්ට් (ශ්‍රී ලාංකිකයන් විසින් කරගෙන යන )ටෙල් අවිව් ජෙරුසලම් සහ අනෙකුත් ප්‍රධාන නගර වල තියනවා .සිකුරාදා සවස සිට සෙනසුරාදා සවස තෙක් නවාතැන් සහ කෑම දීමට ශේකල් 150 හෝ 100 ක මුදලක් පමණ (රුපියල් වලින් 5000 හෝ 3500)අයකරනවා .එහෙත් මේ බයිබල් කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබන ගුබ්බයම් වල සිංහල බෞද්ධ අය සදහා නොමිලේ නවාතැන් සහ කෑම බීම ලබාදෙනවා .

ප්‍රශ්ණ පත්‍රයෙන් හෝ මහින්දගේ මරණය දකින්න ආශා කරන රට කන හිවල්ලු...!!!

‘තමා විසින් කරන ලද සියලූ යහපත් ක‍්‍රියා සිය පින් පොතෙහි සටහන් කරමින් මරණාසන්න මොහොතේදී එය

කියවා තමා විසින් නිර්මාණය කරන ලද අවසන් විහාර කර්මාන්තය බලා අවසන් හුස්ම හෙළන ලද පරසතුරන්ගෙන් ලක්දිව බේරාගත් ශ්‍රේෂ්ඨ පාලකයා වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂද, ප‍්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනද, දුටුගැමුණු මහ රජතුමාද නැතිනම් මහා පරාක‍්‍රමබාහු රජතුමාද ’’යනුවෙන් වයඹ පළාතේ පාසල්වල දහ වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිටින සිසු සිසුවියන්ගෙන් විමසා තිබූ අපූරු ප‍්‍රශ්න පත‍්‍රයකට ඊයේ දිනයේදී වයඹ පළාත පුරා පිහිටි පාසල්වලදී එම සිසු සිසුවියන් විසින් පිළිතුරු සපයනු ලැබූහ.
තවමත් යහතින් ජීවත් වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අවසන් හුස්ම හෙළා ඇති ශ්‍රේෂ්ඨ පාලකයෙකු බවට පත් කර තිබූ මෙම ප‍්‍රශ්නපත‍්‍ර නිර්මාණය කර තිබුණේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.

ආප්ප කා රජ වූ සැටි සිරි දම්මයා වදාරයි....!!!

පිටිදුවේ සිරිධම්ම හිමියන් පසුගියදා නුගේගොඩ සිරි සදහම් ආශ‍්‍රමයේ පැවති ධර්ම දේශනාවකදී වත්මන් යහපාලන රාජ්‍ය පාලනය ඉලක්ක කරමින් අදහස් දැක්වීමක් කලහ.
එහිදී අතීතයෙන් උදාහරණ ගෙන හැර දක්වමින් ග්‍රාම සේවකයෙක් රජ වූවිට සිදුවන දෙය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
එම වීඩියෝව  නරඹන්න.

Wednesday, March 23, 2016

ගල් කබ්බන්ද මාධ්‍ය හමු පවත්වති....!!!

ප්‍රවෘත්ති  කියවු නිවේදකයෝ පවා දේශපාලනයේ නිරතවී සිය බඩ ගෝස්තරය සරිකර ගෙන ඇත.ඵවැනි හාල්

පාරුවන් සිය මොළවල් සෝදා ගත් ඇබිත්තක් ගේ ඡන්දයෙන් උඩට විත් ලොකු ඵවුනට දණ ගසා වැඳ වැටී මදක් ඉහළට විත් පොර ටෝක් දෙන මෙබඳු ගල් කබ්බන්ගෙන් ජනතාව ප්‍රවේශම් විය යුතුය.

මහින්ද අපේ අනුශාසකයෙක්‌:
ඔහුගේ වැඩ ශ්‍රීලනිපයට බාධාවක්‌ නොවේ බාධාවක්‌ නොවේ

මනුෂ කිය
යි...!!!

චූන්වූ පාන් සහ යහපාලන හොර හැත්ත...!!!

පසුගිය 21 වැනි සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රෑම් 450 ක්‌ බරැති පාන් ගෙඩියක මිල රුපියල් හතරකින් ඉහළ දැමීමට සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කර තිබිණි. මේ නිසාම

රටේ ජනතාවගේ හිස මතට පැටවෙන බර ග්‍රෑම් 450 කට වඩා වැඩිවන බව කිව යුතුය. අපේකම ගැන හැඟීමෙන් පාන් පිටි ත්‍රස්‌තවාදයක්‌ ගැන කතා කරන නමුත් රටේ ජනතාවගෙන් බහුතරයක්‌ පාන් සමඟ ඇති බැඳීම සැඟවිය නොහැක්‌කකි.
1994 වර්ෂයේ චන්ද්‍රිකා ( ඵකැස් චෞරිය) ගේ ජනාධිපතිවරණ පොරොන්දුවක්‌ වූයේද තමා බලයට පත්වූ පසු රුපියල් තුනයි පනහට පාන් රාත්තලක්‌ ලබාදෙන බවය. එය ස්‌ථාවර පොරොන්දුවක්‌ නොවිණි. ඉතාම කෙටි කාලයක්‌ තුළ එම මිල නැවත වැඩි විණි. කෙසේ හෝ මේ ප්‍රශ්නය එදිනෙදා කීයක්‌ හෝ හරි හම්බ කරගෙන පාන් කාලක්‌ කා ප්ලේන්ටියක්‌ බී ජීවිතය ගැටගහගන්නා උදවියට බරපතළ එකක්‌ වන බව නියතය. පාන් පෙත්තක්‌ සමඟ මාළු පෙත්තක්‌ කා මෝල්ට්‌ පානයක්‌ ඒ උදේ පාන්දර ටොරින්ටන් වටරවුමේ, දියවන්නාවේ ශාරීරික ව්‍යායාම් සඳහා යන එන බොහෝ උදවියට "රුපියල් හතර" වැඩිවිම කඡ්ජක්‌ නොවන්නට පුළුවන.

එක්නැළිගොඩගේ අතුරුදහන් විම අතුරුදහන් කරයි...!!!

ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරිමෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ  ඔහුගේ රාජ්‍ය නොවන බලු කුක්කන්හට වහාම නියෝග කර තිබේ.ඒ අනුව ප්‍රගීත් අතුරුදහන් කිරිම කරේ

තබාගනිමින් පසුගිය ආණ්ඩුව පෙරලිමට රටවටේ ප්‍රගීත් විකුණමින් කටයුතු කල රනිල්ගේ රාජ්‍ය නොවන සංවිධාන බලු කුක්කන් ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් නොවනු ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
ප්‍රගීත් එක්නැලිගොඩ ත්‍රස්තවාදීයෙකු බව අනාවරණය විමත්,හමුදාවට සිරිසේන-රනිල් කරන කුහකකම් හමුවේ ආණ්ඩුවට මරු කැන්දවන බවත් වටහාගත් යහපාලක ආණ්ඩුව වහාම ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පරික්ෂණ නතර කර දමා සැකපිට අත් අඩංගුවට ගත් හමුදා සෙබලුන් සියලුම දෙනා ඉදිරි දින කිහිපය තුල නිදහස් කිරිමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
ඒ අනුව එක්නැළිගොඩ ත්‍රස්තවාදීයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැක පිට මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට මීළඟ නඩු විභාගයේ දී ඇප නියම කිරීමට වහාම කටයුතු කරන ලෙස ජනාධිපති නීතිපතිවරයාට නියෝග කර තිබේ.

Tuesday, March 22, 2016

ජාතික ලැයිස්‌තු පිනා චාන්ස්‌ ලක්‌ෂ්මන් යාපාට සාක්ෂී සහිත අල්ලස්‌ චොදනාවක්...!!!

පසුගිය මහින්ද රාජපක්‌ෂ රජය සමයේ සිදු වූ වංචා, දූෂණ සහ හොරකම් සොයන්නට වත්මන් යහපාලන

රජයට ලොකු උනන්දුවක්‌ තිබේ. ඇත්ත වශයෙන්ම වැරදි සිදුව ඇත්නම් කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක වීම ගැන කාටවත් ප්‍රශ්නයක්‌ නැත. එහෙත් මහින්ද රාජපක්‌ෂ රජය යටතේ සිදු වුවත්, මේ යහපාලන රජයට එක වී සිටින අය සහ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවටත් යහපාලන රජයට විරුද්ධ අයට නීතිය අකුරට, ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක කරන බවටත් වත්මන් රජයට චෝදනාවක්‌ තිබේ. ඒ නිසා මේ රජයේ හොරු ඇල්ලීම තනිකර දේශපාලන ව්‍යාපෘතියක්‌ද යන ප්‍රශ්නය බොහෝ දෙනෙකුට මතුව තිබෙන්නකි. එහෙත් එය එසේ සිදු විය යුතු නැත.
අප මේ කියන්නට යන්නේ පසුගිය මහින්ද රාජපක්‌ෂ රජයේ ඇමැතිකම්, සියලු වරප්‍රසාද ලබා සිටි, දැන් යහපාලනයට එක්‌ වී සිටින ඇමැතිවරයෙක්‌ ගැනය. ජනතාව නම් මෙවර ඔහුව පාර්ලිමේන්තු එව්වේ නැත. ජාතික ලැයිස්‌තු පිනා චාන්ස්‌ එකෙන් පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය ඇමැති වාසනාවක්‌ද උදා කරගෙන සිටින මේ ඇමැතිවරයාට මේ වන විට අල්ලස්‌ චෝදනාවක්‌ ඉදිරිපත්ව තිබේ.

හන්තානත් ඈවරයි.. මහ ඉඩමක් ප‍්‍රබල ඇමතියෙකුට පවරන්න යයි..

ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලඥයෙකු වෙත හන්තාන කදුවැටිය ආසන්නයේ පිහිටි අක්කර අටක භූමියක් නිදහස් කීරීමට සූදානමක් ඇති බව හන්තාන සුරැකීමේ සංවිධානය පවසයි.
එම සංවිධානයේ පරිසරවේදී අමිත් සේනානායක පවසන්නේ මෙම භූමි ප‍්‍රදේශයේ ෆයිනස් ගස් 20480ක පමණ වගාවක් පවතින බවත් ඒවායේ පමණක් වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ් වන බවත්ය.

Monday, March 21, 2016

සුචරිතවත් අර්ජුන රණතුංග ශ්‍රීමතාණන්ගේ සහෝදරයා

ඔහු යහපාලන ඇමැති ධුරන්ධර සුචරිතවත් අර්ජුන රණතුංග ශ්‍රීමතාණන්ගේ සහෝදරයා ය. වරාය පවතින්නේ අර්ජුනගේ අමාත්‍යාංශය යටතේ ය. රාජපක්‍ෂලාගේ සහෝදර සමාගමට බැණ වදිමින් සිටි අර්ජුන රණතුංග වරාය ඇමැති බවට පත් වූ ගමන්ම කළේ සිය අයියා වන ධම්මික රණතුංග වරායේ සභාපති කිරීමය. ක්‍රිකට්‌ බෝලවලට බැට්‌වලින් තට්‌ටු කරමින් සිටි ධම්මික රණතුංග වරායක්‌ පාලනය කිරීම ගැන කුමක්‌ දනිත් ද යන්න මෙහිදී ප්‍රශ්න කරනු නො ලැබේ. හේතුව ගිය ආණ්‌ඩුවේ මෙන් ම මේ ආණ්‌ඩුවේ ද සිටින රාජ්‍ය ආයතන ලොක්‌කන් වැඩි හරියක්‌ම තමන් යටතේ පවතින ආයතනයේ විෂය කුමක්‌ ද යන්න දැන නො සිටීම ය. අයියාට සැලකුවාට කමක්‌ නැත.. එහෙත් අයියාට පිස්‌සු කෙළීමට ඉඩක්‌ මල්ලී නො දිය යුතු ය.

රුපියල් හතරකින් පාන් මිල වැඩි කෙරේ…!!!

ග‍්‍රෑම් 450 සාමාන්‍ය පාන් ගෙඩියක් අද මධ්‍යම රාත්‍රියේ පටන් රුපියල් 04.00කින් ඉහල නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන  පවසයි.
ඒ අනුව මෙතෙක් රුපියල් 54ක් වූ පාන් රාත්තලක නව මිල රුපියල් 58ක් වෙයි.

Sunday, March 20, 2016

නොමිලේ අධ්‍යාපනය අවසන්..පාසල් සිසුන්ගෙන් මුදල් අයකරන චක‍්‍රලේඛණය එයි..

ලංකාවේ මෙතෙක් තිබූ නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමට මේ යහපාලකයන් ලෙසින් පෙනී සිටින යූ.ඵන්.පී  රජය කටයුතු කරගෙන යති.පාසල් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම සඳහා රජය විසින් 5/2015 නිකුත් කර ඇති  චක්‍රලේඛය නිසා මෙතෙක් මෙරට පැවති නිදහස් අධ්‍යාපනය අහෝසි වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
මේ බව සඳහන් කරමින් එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්  විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

නිළියන් යැයි කියා ගන්නා ඵළදෙන්නෙකුගේ ඡායාරූප හිඟමන...!!!

දැන් සිටිනා බොහෝ නිළියන්ගේ කිසිදු චාරයක් නැත,මෙළෝ හසරක සමාජ දැනුමක් නැත.දන්නා

රංගනයකුද නැත.උන් මහපාරේ රණ්ඩු වෙති , සොරකම් කරති ...මේ සියල්ලටම වඩා මහන්සි නොවී හාන්සි වීමේ කලාව  පමණක් සහජ හැකියාව  ඇති මුං සමහරු දැන් උන්ගේ හෙළුවැලි ජංගම දුරකථන ඔස්සේ අලෙවි කිරීමට තටමති .ඒ කථාවයි මේ.

මෙන්න අන්තර්ජාලයේ නිළියන්ගේ අලුත්ම සෙල්ලම

‘මහජනයා හූල්ලද්දී මන්ත්‍රී වැටුප් වැඩිකරගැනීම ලැජ්ජාවක්‘ (වීඩියෝ සහිතයි)


මහජනයා හූල්ලමින් දුක් විඳිද්දී ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම ලජ්ජාවට හේතුවකියි මන්ත්‍රී විදුර වික්‍රමනායක  කියයි.


හතර වටෙන්ම හොඳට කනවා මදිවට
නීතියෙන් තවත් බෙදාගෙන ජනතාවගේ පිහිටෙන් ...
තමන්ගේ සැප වැඩිකරගත් මනිත්‍රීවරුන්ගේ කෙරුවාව මෙන්න...රට බරපතල ආර්ථික අර්බුදයක තිබෙන නිසා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට නව බදු සංශෝධන රැසක්‌ හඳුන්වා දී තිබිණි. අපට තේරෙන පරිදි මේ බදු වැඩි කිරීමේ අර්බුදය වැඩියෙන්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටය. ඒ නිසාම බදු සංශෝධන ගෙන ඒමෙන් පසු ඉතාම කෙටි කාලයක්‌ තුළ රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාට මේ වන විට ලැබෙන වරප්‍රසාද හා දීමනා වැඩි කිරීමට වත්මන් රජය තීන්දුවක්‌ ගෙන තිබිණි.වැඩි විස්තර පහතින්

කඩේ ගිය කපුවාගේ පාපෝච්ඡාරණය ...!!!

මහින්දගේ ගුරුකම් කළ කපු මහතාගේ හෙළිදරව්ව....!!!මැරිලා ඉපදුනා, හා සමානය. දෙවිවරු වැනි වෛද්‍යවරු නොසිටින්න, පින් රැස්‌කර නොතිබෙන්න අද ඔහු මෙලොව නැති වෙන්නට ඉඩ තිබිණ. එහෙත් ඔහු තවමත් සම්පූර්ණ සුවය ලබා නැත. වෛද්‍ය උපදෙස්‌ මත ඔහු සිටින්නේ විවේක සුවයෙන්ය. වචන පිට කිරීම ද දෙපලු කළ හදවතට වේදනාවකි. එහෙත් කැපුම් තුවාලවලටත් වඩා ඔහුගේ හදවත රිදවන්නේ දේශපාලනඥයන් ඉදිරියේ රැවටුණු රැවටිල්ලටය. යථාර්ථය තේරුම් ගත් ඩබ්ලිව්. පී ආරියරත්න  හදවත පාරවන වේදනාව සඟවාගෙන සමාජය ඉදිරියේ රැවටුණු හැටි අපට කීවේය.

මෙන්න තවත් යූ.ඇන්.පී දේශපාලන අපතයෙක්...!!!

හර්ෂණ රාජකරුණා යකා වෙයි.. ගුටි දී අයෙක් රෝහලේ..එජාප මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් කරන ලද පහර දීමකින් තුවාල ලද  නුගේගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට අතුළු කර තිබේ.

Saturday, March 19, 2016

මෙන්න ගුබ්බෑයමේ හොරු රංචුවේ වැඩ....? හෙළිදරව්ව

පාර්ලිමේන්තුවේ සිය දෙනකුට බාර් – 50 කට ෂෙඩ් 

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 100කට ආසන්න පිරිසක් මත්පැන් අලෙවි සැල් හිමිකරුවන් බව සති අන්ත ජාතික පුවත්පතක් හෙළිකරයි.

ඵදා නිලූක අද නිලූකා වූ අයුරු....? හෙළිදරව්ව...

මිනිසෙකු ගැහැණියක වීම හෝ ගැහැණියක මිනිසෙකු වීම අද

වර්තමානයේදී නම් ඵතරම් සමාජ ප්‍රශ්ණයක් නොවේ .අද ආණ්ඩුවේ ඉහළ සිට පහළටම වැඩිපුර ඇත්තේද සමලිංගිකයන්වේ.
නමුත් මේ කථාවේදී පට්ට හොරෙකු ගැහැණියක වී ඇත්තේ කෝටි ගණනක බැංකු ණයෙන් මිදීමටය .අද මොහු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වූයේ ගැහැණියක ලෙසිණි.මේ ඒ යහපාලන කථා වස්තුවයි..!!!

නාමල් සම්බන්ධ දූෂිත ගණුදෙණුවේ සාක්ෂි මෙන්න

‘මේ ආණ්ඩුව අසමත්. අසමත් නිසා තමයි වීරවංශලාට රැස්වීම්වල මෙහෙම කෑගහන්න අවස්තාව උදාවෙලා
තියෙන්නෙ. මේක සමත් ආණ්ඩුවක් නම් විමල් ඇතුළු කෑගහන කට්ටිය ඉන්න ඕනෙ හිරගෙදර.’
දූෂණ විරෝධී පෙරමුණේ උලපනේ සුමංගල හිමි මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
‘මේ කෑගහන විමල් වීරවංශ තමයි පහුගිය ආණ්ඩුව කාලෙ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස තමන්ගෙ හෙංචයියන්ට තුට්ටු දෙකට ලබාදුන්නෙ’ යැයිද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළේය.
ජනවාරි අටවැනිදා පෙරලියෙන් පසු රටේ ජනතාව බලාපොරොත්තු උනේ දූෂිතයන්ට, හොරුන්ට, වංචාකාරයන්ට දඬුවම් ලැබෙනු ඇති බවත් එහෙත් දූෂණ අක්‍රමිකතා, මුල්‍ය වංචා සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබාදී තිබියදීත් ඒ පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබාදීමේ යම් ප්‍රමාදයක් සිදුවන බවද සුමංගල හිමියෝ ප්‍රකාශ කළේය.

Friday, March 18, 2016

ෆොන්සේකා පාවිච්චිය - රනිල් හා මහින්දගේ වෙනස. !!!

මහින්ද රාජපක්ෂ  2005 දී ජනාධිපතිවරයා වන විට සරත් ෆොන්සේකා වල් විදානේ (ෆොනී ) සිටියේ

යුධ හමුදාපතිධූරය පෙනි පෙනී විශ්‍රාම යන අවස්ථාවකය. පත්වූ අලුත් රජයන් හමුදාපතිධූරය බාර දෙන්නට තරම් ඔහු ආණ්ඩු බලය ලබාගත්ත පාර්ශවයේ විශ්වාසය දිනාගත්තෙක් නොවීය.(අද දවස ඔහු කුමක් කීවත් ) 2009 යුද්ධය අවසන් වූ සමයේ සරත් ෆොන්සේකාවල් විදානේ (ෆොනී )ම හෙළි කරන ලද ආකාරයට ඔහුට අවසන් යුද්ධය සඳහා සම්බන්ධ වන්නට අවස්ථාව හිමි වන්නේ මහින්ද -ගෝඨා සුසංයෝගය නිසාය.සරත් ෆොන්සේකා වල් විදානේ (ෆොනී ) යුධ හමුදාපතිධූරයට පත් කරද්දී ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා ඒ පිළිබඳ අකමැත්ත සහ සැක පළ කර තිබිණ.

අප වෙනුවෙන් දුක්‌ විඳින මැති ඇමැතිවරුන් ...!!!

අපතයන් ලබාගත් දීමනා...!!!
 (මැතිඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීම ගැන නැවත කියෑවීමකි.)

මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා ලබා දෙන බව වාර්තා වූයේ පසුගිය සතියේ ය. දැනට වාර්තා වන ආකාරයට එවැනි සුපිරි දීමනා ලබාදීමක්‌ පිළිබඳව තවමත් එකඟතාවකට පැමිණ නැතැයි කියෑවේ. එහෙත් මේ සුපිරි දීමනාවලට අයත් නොවන තවත් සුපිරි වරප්‍රසාදයක්‌ එම මැති ඇමැතිවරුන්ට අනිවාර්යයෙන් ම හිමිවීමට නියමිතය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ඇමරිකන් ඩොලර් 62,500 ක්‌ බැගින් වූ තීරුබදු රහිත වාහන බලපත්‍ර (වාහන පර්මිට්‌)ය. දේශපාලනඥයන් මේ වන විට මහජන සේවයට කැප වී සිටින්නේ දුෂ්කරතා රැසක්‌ මැද ය. ඒවා රටේ ජනතාවට තබා වනේ වන හතුරෙකුටවත් විඳින්නට නොලැබේවා යන්න අපේ ප්‍රාර්ථනාවය. මේ හදිසියේ වාහන ගෙන්වන්නට තදියම මොකක්‌දැයි මේ ගැන හාංකවිසියක්‌වත් නො දන්නා මෝඩ තකතීරුවන්ට ප්‍රශ්නයක්‌ විය හැකිය. අපි ඒ ගැන පැහැදිලි කර දෙන්නෙමු. දිලිසෙන්නට ඔප දමා, ෆුල් කන්ඩිෂන් පිට අපට පෙනෙන්නට තිබෙන බොහෝ වාහන ඇත්තටම අබලන් ය.

කෝටි 7ක කොමිස්‌ චෝදනාවක්‌ ගැන එෆ්සීඅයිඩිය නාමල්ගෙන් ප්‍රශ්න කරයි....!!!

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක්‌ ක්‍රිෂ් නමැති ඉන්දියන් සමාගමට පවරාදීමේදී රුපියල් කෝටි 7 ක මුදලක්‌ කොමිස්‌ වශයෙන් ලබාගත් බවට එල්ලවී තිබෙන චෝදනාවක්‌


සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය  නාමල් රාජපක්‌ෂ ගෙන් (17 වැනිදා) ප්‍රශ්න කර ඇත.
රජය සතු මෙම ඉඩම ලබාදීමේදී පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකුට රුපියල් කෝටි ගණනින් කොමිස්‌ මුදල් ලබාදී තිබෙන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

පාදඩ ධම්මිකට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න- SLRC සභාපතිගෙන් මාධ්‍යවේදියාට බලපෑම්....!!!

තවදුරටත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදීයෙකු ලෙස සේවය කිරිමට කැමැත්තක් ඇත්නම් ශ්‍රී ලංකා

වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට එරෙහිව කරන ලද පැමිණිල්ල ඉවත් කර ගැනිමට වහාම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම් මහතාට බලපෑම් කරමින් සිටින බව අනාවරණය වි තිබේ.
අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගනිමින් ධම්මික රණතුංග  සමග සමාදාන වන ලෙසට රුපවාහිණි සභාපතිවරයා ජාතික පච නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා හරහා ගුණරත්නම් ට බලපෑම් කරමින් සිටින බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.

ධම්මිකට නොතීසි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම්  ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකට

කොළඹ මහාධිකරණ භූමියේදී මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංගට ලබන 24 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා  (17 දා) නියෝග කළේය.
මාධ්‍යවේදී ගුණරත්නම්  විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නොතීසි නිකුත් කරන ලෙසට නියෝග කළේය.

අසත්‍යය තම වංචාව සඟවා ගැනීමට කෑ මොරදේ...

ලාංකීය ඉතිහාසයේ ප්‍රථමවරට කිසිදු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව කොළඹදී පැවැත්වූ දැවැන්තම ජනතා රැළිය

මාර්තු 17  පැවැත්විණි. යුනියන් පෙදෙසේ‍ සිට දසතින් බැලූ විට ඔසුසල දක්වාද, ටී. බී ජයා මාවත දක්වාද, වොක්ෂෝල් වීදියද එකම හිස් ගොඩක් විය. එමෙන්ම මෑත ඉතිහාසයේ විපක්ෂය මගින් සංවිධානය කරන ලද රටේ ඕනෑම තැනක පැවති උද්යෝගිමත් සහ ජවසම්පන්න රැළියද එය විය. මෙයට පෙර විපක්ෂය
සංවිධානයකල උද්යෝගිමත් රැස්වීමක් ලෙස විපක්ෂයේ පක්ෂ 5ක්වූ ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජය, නව සමසමාජය සහ බාල තම්පෝගේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය 1979 අගෝස්තු මස හයිඩ් පිටියේදී එජාප ආණ්ඩු‍වේ ත්‍රස්තවාදී මර්ධන පනතට එරෙහිව පැවැත්වූ ජන රැළියද හැදින්විය හැකිය. එම රැස්වීමේ එදා මුලසුන දැරුවේ ජවිපෙ උපතිස්ස ගමනායක වන අතර එම ඒකාබද්ධ විපක්ෂයේ කථිකයන් වූයේ රෝහණ විජේවීර, පීටර් කේනමන්, වාසුදේව නානායක්කාර , අතාවුද සහ බාල තම්පෝය.

Thursday, March 17, 2016

“වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා...ධම්මික රණතුංග

තවමත් අප මාධ්‍ය වේදීන් මෙවන් පාදඩ සුණඛයන් ගැන කථා කරනුයේ තුමා ,ඵතුමා ,ඔබතුමා ,මහතා වැනි


වැදගත් වචන යොදා ගනිමිනී. මේ මාධ්‍ය සංස්කෘතිය වෙනස් කළ යුතුය.උන් පාදඩයන් නම් තරා තිරම නොබලා උන් සමාජයට හෙළි කළ යුතුය.සුදු රෙදි පොරවා ගත් පළියට අත්වල පිරිත් නූල් ගැට ගසා ඇති පළියට උන් මහත්වරු නොවේ උන් මහත් හොරුන්‍ ය .අප සැවොම එකවන්වූ මනුෂ්‍යයයෝය .මේ නිසාම අපගේ ලංකානිව්ස් මහතා හෝ මහත්මිය ලෙසින් හඳුන්වනුයේ සැබෑ මිනිසුනට පමණී.
“වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. “සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම මෙක පොඩි සිද්ධියක් විතරයි..” යනුවෙනි…. තමන් එම් ස්ථානයේ නොසිටි බවත් මාධ්‍යවේදීන් වැඩි හරියක් කියන්නේ බොරු බවත්….අර්ජුන් පවසා තිබේ.වීඩියෝ
බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම් යෑයි කියමින් මාධ්‍යවේදීන්ට ගෙරවු පාදඩ පන්තියේ ධම්මික රණතුංග තවදුරටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස තබා ගන්නේද යන්න අප විශේෂ වාර්තාකරු ධම්මික සොහොයුරු අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් කල විමසිමකදි අර්ජුන පවසා ඇත්තේ

“බඩගින්නට කදුළු බොන උතුරේ අපේ සිංහලයෝ” වීඩියෝ

උතුරේ පදිංචි සිංහල ජනතාවට අද සිදුවී ඇති දේ....!!! ජාතිවාදීන් දෙමළුන්ට පමණක් සලකන යහපාලන හොර හැත්ත...!!!  සම්පුර්ණ වැඩ සටහන…


පසුගිය 15 වනදා මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා වවුනියාව, බෝගස්වැව සිංහල ගම්මානයේ සංචාරයක යෙදුනා.
එහිදී ඇසුණු කදුළු කතා සමගින් අප මාධ්‍ය කණ්ඩායමේ දෑස් කදුලින් තෙත්ව ගියා..
මේ සෝමාලියාව හෝ ඉතියෝපියාවනම් නොවෙයි.. මේ අපේම රටේ අපේ සිංහල මිනිසුන් ගෙවන කටුක ජීවිතයයි…වීඩියෝ

උතුරේ පදිංචි සිංහල ජනතාවට අද සිදුවී ඇති දේ....!!! වීඩියෝ සහිතයි

ජාතිවාදී දෙමළුන්ට පමණක් සලකන යහපාලන හොර හැත්ත...!!! 

 කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව....!!!
 -අපේ හාමුදුරුවෝ බණ කියනවා – හිත පිනවනවා. එත් අපේ බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ –
 ඊයේ මාර්තු 15 මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා මුලතිව් සහ වවුනියාව, බෝගස්වැව යන ප්‍රදේශයන්හි සංචාරයක යෙදුනා. එහිදී ඇසුණු කදුළු කතා සමගින් අප මාධ්‍ය කණ්ඩායමේ දෑස් කදුලින් තෙත්ව ගියා.. මේ සෝමාලියාව හෝ ඉතියෝපියාවනම් නොවෙයි.. මේ අපේම රටේ අපේ සිංහල මිනිසුන් ගෙවන කටුක ජීවිතයයි…වීඩියෝ සහිතයි

Wednesday, March 16, 2016

විකට නළු උපාලි කීර්තිසේන අතුරුදන් වෙයි - මාසයකින් කිසිම තොරතුරක් නෑලු....!

ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපටවල විකට නළුවෙකු ලෙසින් රංගනයේ නිරත වූ උපාලි කීර්තිසේන අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතියෙකු  පවසා සිටියා. පසුගිය පෙබරවාරි මස 10වනදා සිට ඔහුගේ දුරකථන ක්‍රියා නොකරන බවත් එම නිසා දින 5කට පසුව වැලිකඩ පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද කළ බව ඔහුගේ ඥාතියා අප හමුවේ වැඩිදුරටත් පවසා සිටියා.
තවත් පිරිසක් සමඟින් මොහු ශ්‍රී පාදයේ හෝ අනුරාධපුරයේ චාරිකාවක් ගොස් ඇති බවත් ඉන් පසුව ඔහු පිළිබඳව තොරතුරක් දැනගන්නට නොලැබුණු බවත් පොලිසියේ පැමිණිල්ලක් දමමින් ඥාතියා පවසා තිබෙනවා.

ආරේ ගති නෑරේ ....!!! ධම්මික රණතුංග මාධ්‍යවේදීන්ට බැණවදී.....!!! වීඩියෝ


සීඑස්එන් නාලිකාවේ හිටපු අධ්‍යක්ෂ නිශාන්ත රණතුංගට ඇප ඉල්ලුම අද අලුත් කඩේ උසාවියේ දී විභාගයට

ගැනීමට නියමිතය.
ඔහුගේ සොයුරු වරාය සභාපති ධම්මික රණතුංග එහි පැමිණෙද්දි මාධ්‍ය ඡායාරූප ශිල්පීහු ඡායාරූප ගත්හ. තම ඡායාරූප නොගන්නා ලෙසත්, ඒවා පළ නොකරන ලෙසත් ඔවුනට කුණුහරපෙන් බැණ මරණ තර්ජනය කළ ධම්මික රණතුංග .වීඩියෝ

ඊළාම් හදන්න පොට්‌ටුඅම්මාන් ඉන්දියාවේ සිට වැඩ...!!!

යහපාලන බෙදුම්වාදීන්ගේ ඉන්දිය ගණුදෙනුවේ තවත් පියවරක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.ඒ දෙමළ බෙදුම්වාදී සටනේ ප්‍රභාකරන්ගේ න්‍යාචාර්‍යවරයා ලෙසට කටයුතු කරමින් සිට පොට්‌ටු අම්මාන් ඉන්දිය රජයේ සහය මත  තමිල්නාඩුවේ සැගවි සිටිමින් සිය බෙදුම්වාදී මෙහෙයුම දියත් කරන බව තහවුරු වි තිබේ.කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් “කුරුටි” යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව අනාවරණය වි ඇති අතර
වන්නි මෙහෙයුමේදී පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකියාවක් නොලැබුනු අතර පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකියාවක් ලැබුනේ නෑ.

Tuesday, March 15, 2016

ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න තරුණයාගේ දේහය කොළඹට ....ඡායාරූප

පොලිසිය සමග ගැටුමකදී මියගිය බව කියන ඇඹිලිපිටියේ සුමිත් ප‍්‍රසන්න තරුණයාගේ දේහය අද (15) ගොඩගත්තා. එම දේහය කොළඹට ගෙන ඒමට තීරණය කර ඇති බවයි පවසන්නේ.
ඔහුගේ දේහය මෙලෙස ගොඩගැනුනේ අධිකරණ නියෝගයකට අනුවයි. දේහය ගොඩගන්නා අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින්.

මහදැන මුත්තගෙ තියරිය වෙනස් කළ මිනිස්සු...!!! ඡායාරූප සහිතයි

ජන කථා සාහිත්‍ය තුළ මහදැන මුත්තා කථා පුවත් ඉතා ජනප‍්‍රිය ඒවාය’ එහි එන එක් කතාවක් සිහි ගැන්වෙන ඡායාරූප පෙළක් මේ දිනවල අන්තර් ජාලයේ සැරිසරමින් තිබේ’ එසේ සිහි ගැන්වෙන්නේ මහදැන මුත්තාගේ කතා මාලාවේ ඇති මුට්ටියකට ඔළුව ඔබාගත් එළුවෙකු බේරා ගැනීමට ගිය මහදැන මුත්තා කළ හරියය’එහිදී මහදැන මුත්තාගෙන් එම ගැටලූවට මැදිවූ අය ඉල්ලා සිටියේ එළුවා හා මුට්ටිය යන දෙකම බේරා ගැනීමට උපදෙස්‍ය’ කෙසේවුවද මහදැන මුත්තාගේ උපදෙස් අනුව එළුවාගේ ගෙල කපා එළුවාද මරා දැමුණු අතර එළුවාගේ ඔළුව එළියට ගැනීමට මුට්ටිය ද බිඳ දමුවේය’ ඡායාරූප සහිතයි

Monday, March 14, 2016

හරිම බඩු තුනක් කොළඹදී නැටවේ....!!!

පුනම් පාණ්‌ඩේ සහ මල්ලිකා ෂෙරාවත්ගෙන් පසු මාර්තු 27 වැනිදා තවත් ඉන්දියානු ගිනිසිළුවක්‌ කොළඹට පැමිණෙයි. ඒ ද කොළඹ පිහිටි ඉහත සඳහන් කැසිනෝවටමය. ඇගේ නම ඉෂා කෝපිකාර් ය. ඇය මේ වන විට ඉන්දියානු චිත්‍රපට 45 ක චරිත ඉදිරිපත් කර තිබේ. එම චිත්‍රපටවලින් 6 ක්‌ සම්මාන උළෙල 6 ක්‌ සඳහා නිර්දේශ වූ අතර ඒවායින් 2 කට සම්මාන ලැබී ඇත. 
පුනම් පාණ්‌ඩේ තව දින 13 කින් එනම් මේ වසරේ මාර්තු 26 වැනි සෙනසුරාදා උදේ නැවත වරක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ය. ඒ ශ්‍රී ලංකාවේ විශාලතම කැසිනෝ ක්‌ලබ් එකේ පැවැත්වෙන ෂෝ එකක්‌ සඳහාය. එහෙත් ඇය දැකබලා ගැනීමට ලැබෙන්නේ ඒ කැසිනෝවේ සාමාජිකයන්ට පමණි. කැසිනෝ ක්‌ලබ් එකක සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වන්නේ හොඳට කන බොන කැසිනෝ ගහන අයට පමණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.