මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහු වටා සිටි මන්ත්‍රීවරුන් අයතා ලෙස මුදල් ගනු දෙනු කළ ආකාරය සහ ජනතා දේපළ, රාජ්‍ය සම්පත් අයතා ලෙස පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා ස්වර්ණවාහිණී නාලිකාවේ පැවති මහජන සේවය පිණිසයි දේශපාලන වැඩසටහනට එක්වෙමින් හෙළිදරව් කර සිටියේ ය.
එහිදී විජිත හේරත් මෙහිදී හෙළිදරවු කර සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යැයි පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් කුලියට ගන්නා ලද රථ වාහන ජාතික නිදහස්පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතා සඳහා යොදවා ඇති බව ය. VIDEO
වත්මන් ප්‍රාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදලින් කුලියටගෙන ඇති PB645 ඩබල් කැබ් රථය ඔහුගේම බිරිඳගේ SHASHI WEERAWANSA නමට ඇති කැබ් රථයක් බවත් එම රථය යොදවා ඇත්තේද ජාතික නිදහස් පෙරමුණේ අවශ්‍යතා සඳහා බවත් විජිත හේරත් මහතා එහිදී විශේෂයෙන් හෙළිදරව් කර සිටියේ ය.
ජනතා දේපළ විනාශ කළ මෙවැනි අය ගැන හෙළිදරව් කරන විට ජනතා දේපළ විනාශ කළ අය ජවිපෙට එරෙහිව විවිධ අවලාද නගන බවත් විජිත හේරත් වැඩිදුරටත් පවසා සිටියේ ය.