ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 5, 2016

කුඩු රජාගේ කතා වස්තුව ...!!! NARCOS

ලොව ඉතිහාසය නැවත නැවත පුනරුත්ථාපනය වෙමින් පැවතීම සාමාන්‍ය සිදුවීමකි.එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් විවිධ රටවල ජන සමාජයට හානිකර නරුමයන් බිහි වන්නෝය.බොහෝ විට ඔවුන් දේශපාලුවන්ගෙන් යැපෙති. නැතිනම් දේශපාලනයට ඒමට පොර බදිති.පසුගිය සියවසේ අග භාගයේදීත් මේ සියවසේ ආරම්භයේදීත් පටන් විවිධ අපතයෝ සමාජ සේවකයන් ලෙසින් වෙස් වලාගෙන ජනතාවට රටට වින කරමින් අසාමාන්‍ය ලෙස මුදල් උපයමින් ජිවත් වන්නාහුය.
ලංකාවේ ද කුඩු ව්‍යාපාරය තුළ රජ වෙමින් සමාජය ඉදිරිපිට මහා සුදනුන් මෙන් හැසිරෙන අපතයන් දේශපාලනය තුළටද ඇතුළු වී ඇත. රටම දන්නා පරිදි ආප්ප කඩයක් පවත්වාගෙන ගිය එකෙකු අද මහා මාධ්‍ය ජාලයක් පවත්වා ගෙන යමින් ඌගේ සොයුරා දේශපාලකයෙකු ලෙසින්ද කටයුතු කරමින් පවතී.කෝටි ගණන් මුදල් එහා මෙහා විසි කරමින් මහා සමාජ සේවකයන් මෙන් පෙනී සිටින මේ අපතයන්ගේ කළු මුදල් සුදු කිරීමට ,ඒවායින් පෝෂණය වීමට රජයේ නිලධාරින් මෙන්ම දේශපාලුවන්ද පුරුදු වී සිටිති.

එකී දේශපාලන කුඩ්ඩා  කොළොන්නාවේ පෙර කුඩු හදුන්වා දුන් මහා කුඩ්ඩා  මරා සිය ආධිපත්‍ය ගෙන ගියේය.මාස තුනක් නාඹර නිළි ගණිකාවන්ගේ පහස ලබමින් රටේ රජ කල ගොන් රජාගේ අනුග්‍රහයෙන් රෝහල් ගතව සුව පහසුව සිටියේ සමස්ත ජනතාවද අන්දවමිනි.
මේ රිලා නාටකය රඟ දැක්වීම සඳහා කෝටි ගණනක මුදලක් ඌ සතු විය.එදා තැනින් තැන කුලී නිවෙස්වල ජිවත් වූ අහිකුන්ටකයන් ලෙසින් සිටි උන් කුඩු ව්‍යාපාරයේ බල මහිමයෙන් අද වන විට පැලවත්තේ අති සුඛෝපභෝගී මහා මන්දීරවල වැඩ වෙසෙන්නේ කුඩු සල්ලි වලිනි.උන්ට එදත්, අදත් කිසි නඩුවක්, කිසි හෙනයක් නොමැත්තේ පවතින සෑම රජයකම දේශපාලුවන් සහ නීතිය රැකීමට බැදී සිටින මහා උන් මුදල් බලයෙන් නම්මවාගෙන සිටින නිසායි.
නැවතත් මු පාර්ලිමේන්තුවට ආවොත් එය පුදුම විය යුතු නැත.උන්ගේ කෝටි ගණන් වියදම්කර කරන බොරු මැතිවරණ ප්‍රචාර වලට අපගේ ගොන් හරක්ද සැමදා රැවටේ.උන්ගේ කුඩු වාහිණිය කෝටි,ප්‍රකෝටි ගණන් වියදම් කොට සම්මාන උළෙලවල් පැවැත්වීමේදී ඊට සහභාගී වන විදෙස් නළුනිළියන්ගේ ඇදුම් ආයිත්තම් වලට මුවා වී රේගුවේද ඇස්වසා මත්ද්‍රවය කිලෝ දහස් ගණනක් මෙරටට ආ අයුරු කාට බොරු කෙරුවද අපට නම් රහසක් නොවේ.ඒ එකෙකි.
අනෙකා සිටින්නේ මිගමු ප්‍රදේශයේය.ඌ ද මහා හයිරන් කාරයෙකු මෙන් පෙනී සිටින කුඩු රජෙකි.එමෙන්ම තක්කඩි දේශපාලුවෙකි.
ඌ සතුව කුලියට මිනී මරන්නාවූ මැරවර හමුදාවක්ද ඇත.ඌ ගිය ආණ්ඩුවේ මෙන්ම මේ ආණ්ඩුවේද ඇමැතියෙකි.ජනතාව මේ තක්කඩි යහපාලන නඩේන්ද අපේක්ෂා කළේ සුපිරිසිදු චරිත ඇති අය හට පාර්ලිමේන්තුවේ ඇමතිකම්දෙනු ඇති කියාය.නමුත් පසුගිය රජයේ ගොන් රජාගේ පුද්ගලික මිතුරන් වූ මේ තක්කඩි දෙදෙනාම අදත් දේශපාලනයේ වැජඹේ.
මේ මුන්ගේ කථාව හා සමානව කථාවක් කොලොම්බියාවේ තිබී ඇත.ඒ අපතයාගේ නම පැබ්ලෝ එස්කොබාර් ය.ඒ කාලකණ්නියා ඉපදුනේ 1949 දීය.ඌ මරා දමන ලද්දේ 1993 දීය.මේ පැබ්ලෝ ගැන නිර්මාණය කොට ඇති විශිෂ්ට ගණයේ සිනමා කෘතියක් අද පටන් කොටස් වශයෙන් ඔබගේ "ලංකානිවුස් " අඩවියෙන් ඉදිරිපත් කෙරේ.මෙම කථාව අංග සම්පුර්ණයෙන් අද වර්තමාන ශ්‍රී ලාංකීය  සමාජයටද එක ලෙසින් සමායෝජනය වේ.
මේ තුළින් යම්කිසි ජන මෙහෙයක් , ජනතා අවදී වීමක් මතවාදයක් , අවබෝධයක් ලබා ගන්නේ නම් එයයි අපගේ නිරාමිස සතුට.
මෙය වඩාත් සුදුසු වැඩිහිටියන් සඳහා පමණි.

 මෙම අඩවියේ දකුණු පස ඉහළ කොළමේ ඡායාරූපය මතින් දර්ශණ තලයට පිවිසෙන්න....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.