ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 25, 2016

“ඉරාජ් ඉස්ලාමයට අපහාස කරා.. ගීතය තහනම් කරනු” තව්හිද් ජමාත්, ISIS පන්නයේ වීඩියෝවක් නිකුත් කරමින් කියයි....!!!

සංගීත ශිල්පී ඉරාත් වීරරත්නගේ “මනුසතා” ගීත වීඩියෝවෙන් මුස්ලිම් ජාතිකයන් ගැන වැරදි පණිවිඩයක් සමාජයට ලබා දෙන බවත් එමගින් ඉස්ලාමයට අපහාසයක් සිදු කර ඇති බවත් වහාම එම ගීත වීඩියෝව තහනම් කළ යුතු බවත් පවසමින් “තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය” වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
“සංගීතය යනු මිනිසාට කිසිදු ප්‍රතිලාභයක් නොමැති, මිනිසාගේ විචාර බුද්ධිය හා මිනිසාට සිතා බලා තීරණ ගැනීමේ හැකියාව මොට කරන දෙයක්” බවයි එම සංවිධානය පවසන්නේ. සංගීතය ව්‍යාකූල දෙයක් බවත් එමගින් මිනිසාගේ මනස අවුල් වියවුල් වී යන බව විද්‍යානුකූලව ඔප්පු කිරීමට තමන්ට හැකි බවත් පිරිසිදු ඉස්ලාමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වී සිටින බව පවසන එම සංවිධානය පවසයි.
 ISIS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයද සිය මතයට විරුද්ධවාදීන්ට තර්ජනය කිරීම සදහා මෙවැනි වීඩියෝ පට නිකුත් කරනු ලබනවා. “ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය” අරාබි රටවල් කිහිපයක මුල්‍ය දායකත්වයෙන් මුලධර්මවාදී රැඩිකල් ඉස්ලාමය මෙරට මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කරමින් සිටින බව මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජාතිකයන්ගෙන්ද චෝදනා එල්ලවනවා.

ඉග, සුග, ලැම වැනි වචන තිත්ත කුණුහරුප බවත් එවා ගීත සදහා යොදා ගැනීම නිසා මිනිසුන්ගේ මනස විකෘති වී ඇති බවත්, එබැවින් එවැනි ගීත ඉස්ලාම් ධර්මයෙන් ප්‍රතික්ශේප කර තිබෙන බවත් ප්‍රකාශ කරන එම වීඩියෝ පටයේ පෙනී සිටින පුද්ගලයා ගායන ශිල්පී ඉරාජ් වීරරත්නවද දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.
කෙසේ වෙතත් ගෝත්‍රවාදී ආගමික අන්තවාදී අදහස් සහිත මෙම වීඩියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
ISIS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයද සිය මතයට විරුද්ධවාදීන්ට තර්ජනය කිරීම සදහා මෙවැනි වීඩියෝ පට නිකුත් කරනු ලබනවා. “ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය” අරාබි රටවල් කිහිපයක මුල්‍ය දායකත්වයෙන් මුලධර්මවාදී රැඩිකල් ඉස්ලාමය මෙරට මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කරමින් සිටින බව මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජාතිකයන්ගෙන්ද චෝදනා එල්ලවනවා.
ශ්‍රී ලංකා කදිරියා ඉස්ලාමීය ඒකකයේ ප්‍රධානියෙක් මීට ඉහතදී  ප්‍රකාශ කර සිටියේ තව්හීද් ජමාත් සංවිධානය මෙරටට ගෙන්වීමට සූදානම් වූ ඔවුන්ගේ ප්‍රධානියා වන ජයිනුල් ආබ්දීන් නම් දකුණු ඉන්දීය දේශකයා ISIS ත්‍රස්ත සංවිධානයේ මත ප්‍රචාරය කරන ජාත්‍යන්තර ඉස්ලාමීය මූලධර්මවාදී කණ්ඩායම් සමග සබදතා පවත්වන අයෙක් බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.