ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 28, 2016

රාජිතයත් FCID මගඅරින්න කුඩු දුමියගේ පාට් ඵක කළා වත්ද .....?

පසුගිය දිනවල රාජිත සේනාරත්න ඇමැතිවරයා වාර එකොළහකටත් වඩා එෆ්. සී. අයි. ඩී. (මූල්‍ය

අපරාධ කොට්‌ඨාසයෙන් ලද කැඳවීම් මඟහැර සිටි බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. "හදිසි අසනීපය" පිටුපස ඇත්තේ ද එය මඟහැරීම බවට ද ඇතැමුන් ප්‍රකාශ කරති. ඒ සියල්ලටම නිසි පිළිතුරු ලැබෙන්නේ "ප්‍රතිකාර" වලින් පසුව මෙරටට පැමිණෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී "කට" අරින මොහොතේය.
 රාජිතට ඇත්තටම මොකද වුණේ...

යහපාලන ආණ්‌ඩුව ගෙන එන්නට "සෑහෙන" වැඩ කොටසක්‌ ඉටුකළ අය අතර රාජිත සේනාරත්න ඇමැතිවරයාට හිමිවන්නේ මුල් තැනකි. එය බොහෝ දෙනෙක්‌ දන්නා කාරණයකි. ඇමැතිවරයාත් ඒ ගැන යම් යම් තැන්වලදී මතක්‌ කරන්නේ, ඒ පෙරළිය ගැන උපන් සතුටින් ආඩම්බරයෙන් බව පෙනෙන්නට තිබෙන කාරණයකි.

පසුගිය 19 වැනි සිකුරාදා රාජිත සේනාරත්න ඇමැතිවරයා හදිසියේ අසනීප වීම යහපාලන ආණ්‌ඩුවේ බොහෝ දෙනකුටත්, සමීපතම හිතවතුන්ටත් යම් තරමක කම්පනයක්‌ ඇති කළ බව පෙනෙන්නට තිබුණි. ඒයට ප්‍රධානම හේතුව වුණේ යහපාලන ආණ්‌ඩුව පිහිටුවීම සිදු කළ පසුත් "සෑහෙන" වැඩ කටයුතු රාශියක්‌ රාජිත සේනාරත්න ඇමැතිවරයා ඉටුකරමින් සිටීමය. කොටින්ම කීවොත් ආණ්‌ඩුව වෙනුවෙන් සමහර ප්‍රශ්නවලට "උත්තර" සැපයීම රාජිත ඇමැතිවරයා "තිතටම" කළ බව කීම වඩාත් නිවැරැදිය. මෙහෙම උත්තර බඳින රාජිත ඇමැතිවරයාගේ "උත්තර" ගැනත් "කට" ගැනත් හොඳ නරක දෙකම සමාජයෙන් ඇසුණ බව කිව යුතුයි.

කෙසේ හෝ රාජිත ඇමැතිවරයා 19 සිකුරාදා සවස 3.00 ට අසනීප වූ මොහොතේම ඔහුව නාරාහේන්පිට පිහිටි ප්‍රකට රෝහලකට ගෙන යන්නට පවුලේ උදවිය සහ සමීප හිතවතුන් කටයුතු කර තිබිණි. එහිදී මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබුණේ ඔහුට හෘදයාබාධයක්‌ වැළඳී ඇති බවයි. ඒ නිසාම අමාත්‍ය රාජිත සේනාරත්න දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන්න රෝහල් කාර්ය මණ්‌ඩලය කටයුතු කර තිබුණි. රෝහල්ගත කළ මොහොතේ සිටම බොහෝ පිරිසක්‌ අමාත්‍යවරයාගේ සුව දුක්‌ විමසීම සඳහා රෝහලට පැමිණියහ. එහෙත් ඒ කිසිවකුටත් ඇමැතිවරයා දැක තොරතුරු කතාබහ කිරීමේ අවස්‌ථාව ලැබී තිබුණේ නැත. දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ පසු ඉන් පිටතට වී සිටි පිරිස අතර ඇමැතිවරයාගේ බිරිඳ, පුතුන්, සහෝදරයන් මෙන්ම ඇමැතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්‌ඩලයේ පිරිස ද ඇතුළු බොහෝ දෙනෙක්‌ වූහ. හිරුණිකා ප්‍රේමචJද්‍ර මන්ත්‍රිවරිය ද බොහෝ වේලාවක්‌ එතැන රැඳී සිටිමින් ඇමැතිවරයාගේ සමීපතමයන් සමඟ තොරතුරු විමසමින් සිටීම කැපී පෙනෙන සිද්ධියක්‌ විය.

කෙසේ හෝ මේ සියලු කටයුතුවලින් පසුව රාජිත ඇමැතිවරයා ඉක්‌මනින්ම සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහල වෙත ගෙන යැමට සියලු දෙනා තීරණය කර තිබිණි. රාජිත ඇමැතිවරයා සිංගප්පූරුවට ගෙන යැමට සූදානමින් සිංගප්පූරුවේ සිට වෛද්‍යවරු දෙදෙනෙක්‌ පැමිණ සිටි අතර ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්‌ ද ඒ ගමනට සහභාගි වී සිටියහ. ඇමැතිවරයා සිංගප්පූරුව කරා ගෙන ගියේ වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානයකින් වීම විශේෂත්වයකි. ඇමැතිවරයා සමඟ සිංගප්පූරුව කරා යැමට ඔහුගේ බිරිඳ, සහ පුතුන් දෙදෙනා ද ඔවුන්ගේ බිරින්දැවරු ද එක්‌ව සිටියහ. ඔවුන් රාජිත ඇමැතිවරයාගේ ගුවන් යානය පිටත් වීමට පෙර වෙනත් සාමාන්‍ය ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගියහ.

සෙනසුරාදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස්‌ මවුන්ට්‌ එළිසබෙත් රෝහලට ඇතුළත් වූ රාජිත අමාත්‍යවරයා තවත් වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයකට මුහුණ දුන්නේය.

21 වැනි ඉරිදා චතුර සේනාරත්නගේ 34 වැනි උපන් දිනය යෙදී තිබුණු අතර ඔහු ඒ මොහොතෙහි සිටියේ සිංගප්පූරුවේ තම පියාගේ සුව දුක්‌ සොයා බලමිනි. මන්ත්‍රීවරයකු වීමෙන් පසු සමරන පළමු උපන් දිනය ඔහු සැමරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහලේ රාජිත සේනාරත්න ඇමැතිවරයා නතර වී සිටින කාමරයේමය.

සියලු වෛද්‍ය පරීක්‍ෂණවලින් අනතුරුව වෛද්‍යවරු තීරණය කර තිබුණේ රාජිත ඇමැතිවරයාගේ රුධිර නාල තුනක්‌ අවහිරව ඇති නිසා බයිපාස්‌ සැත්කමක්‌ සිදු කළ යුතු බවය. සැත්කම සිදුකිරීමට නියමිතව තිබුණේ පසුගිය 24 වැනි බදාදාය. එහෙත් රුධිර ඝනත්වය අඩුවන තුරුත්, ජ්‍යෙdතිෂ්‍ය විශ්වාසය නිසාත් එම දිනය වෙනස්‌ වූ බවට තොරතුරු ලැබිණි.

කෙසේ හෝ මේ පිළිබඳව සමාජයේ විවිධ කතාබහ මතුව තිබේ.

රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙරට සෞඛ්‍ය ඇමැතිවරයාය. මෙරට රජයේ හෝ පෞද්ගලික රෝහලකින් බයිපාස්‌ සැත්කමක්‌ කරගැනීමේ කිසිදු අපහසුතාවක්‌ ඔහුට පැන නගින්නේ ද නැත. මෙරට රෝහල්වල බයිපාස්‌ සැත්කම් වැරදුණු බවක්‌ වාර්තා වීද නැත. එසේ තිබියදී විශාල මුදලක්‌ වැය කොට සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් වීමේ අවශ්‍යතාව කුමක්‌ දැයි බොහෝ දෙනෙක්‌ ප්‍රශ්න කරති. සිංගප්පූරු රෝහලකින් සැත්කමක්‌ කරවා ගැනීමට, ප්‍රතිකාර ලබාගැනීමට අති විශාල මුදලක්‌ වැය වන බව අමුතුවෙන් කිවයුතු කාරණයක්‌ නොවේ. එසේ තිබියදී මේ සඳහා වැය කරන්නේ පෞද්ගලික මුදල් ද අමාත්‍යාංශයේ මුදල් ද යන්නත් බොහෝ දෙනෙක්‌ ප්‍රශ්න කරන කාරණයකි. මේ කතාවලට යම් වාසිදායක පිළිතුරක්‌ ලැබෙන කතාවක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කියා තිබිණි. ඒ ඔස්‌ටි්‍රයානු සංචාරය අතරතුරදීය. ජනාධිපතිවරයාට රාජිත ඇමැතිවරයා අසනීපව සිටින බව ආරංචි වූ විගස ඔහුට දුරකථන ඇමතුමක්‌ ගෙන තිබේ. රාජිත ඇමැතිවරයාගේ දුරකථනයට පිළිතුරු දී ඇත්තේ චතුර සේනාරත්නය. ජනාධිපතිවරයා ඔහුට කියා තිබුණේ "ප්‍රතිකාර සඳහා ඉක්‌මනින්ම කටයුතු කරන්න. සිංගප්පූරුවේ එක්‌කගෙන යනවනම් ඊට අවශ්‍ය සියලු දේ සූදානම් කරන්න. මමත් නිලධාරීන්ට කියන්නම්" යනුවෙනි.

කෙසේ හෝ පසුගිය දිනවල රාජිත සේනාරත්න ඇමැතිවරයා වාර එකොළහකටත් වඩා එෆ්. සී. අයි. ඩී. (මූල්‍ය අපරාධ කොට්‌ඨාසයෙන් ලද කැඳවීම් මඟහැර සිටි බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. "හදිසි අසනීපය" පිටුපස ඇත්තේ ද එය මඟහැරීම බවට ද ඇතැමුන් ප්‍රකාශ කරති. ඒ සියල්ලටම නිසි පිළිතුරු ලැබෙන්නේ "ප්‍රතිකාර" වලින් පසුව මෙරටට පැමිණෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී "කට" අරින මොහොතේය.

සුදත් ජාලිය ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.