ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 28, 2016

ඉන්දියාවෙන් ගෙන්වන වියළි මිරිස්වල වස...!!!

ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ‍්‍රලියානු රජය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී තිබේ.
මෙසේ දැනුම් දීමට හේතු වී ඇත්තේ මෙරට චිලී පේස්ට් නිෂ්පාදන ව්‍යාපාරිකයන් ඕස්ටේ‍්‍රලියාවට අපනයනය සඳහා චිලී පේස්ට් යොමුකර තිබිය දී එරට රජය විසින් කරන ලද සාම්පල් පරීක්ෂාවය. සාම්පල් පරීක්ෂාවෙන් පසුව අපනයනයට යොමු කළ චිලී පේස්ට් තොග ඕස්ටේ‍්‍රලියාව විසින් නැවත මෙරටට හරවා එවීමට කටයුතු කර ඇත.

මේ තත්ත්වය චිලී පේස්ට් නිෂ්පාදකයන්ට මෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිරිස් පරිභෝජනයට ගන්නා මෙරට පාරිභෝගිකයන්ට ද බරපතළ අහිතකර තත්ත්වයකි. ඕස්ටේ‍්‍රලියාව කරන ලද සාම්පල් පරීක්ෂණයේ දී ඔවුන් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අවශේෂ වැඩි ප‍්‍රමාණයක් චිලී පේස්ට්වල අඩංගු වී ඇති බවයි. මෙරට පරිභෝජනය සඳහා දේශීය මිරිස් නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොමැති නිසා වියළි මිරිස් හා සකස් කරන ලද මිරිස් කුඩු තොග වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. මිරිස් නිෂ්පාදනය සඳහා මෙරට තහනම් කළ කෘමිනාශක, වල් නාශක ඉන්දියාව තවමත් භාවිත කරයි. පිළිකා කාරක සහිත එම කෘෂි රසායන (ග්ලයිෆොසෙට්, ෆර්නිල්, කාබොෆියුරාන්, ක්ලෝරෝපයිරිෆෝස්, ඔගෙෆා පොස්පේට්, කාබමේට්) යොදන වියළි මිරිස් මෙරට පාරිභෝගික ජනතාව තවමත් පරිභෝජනය කරන අතර මෙම අනතුරු දායක තත්ත්වය මඟහරවාලීමට වගකිව යුතු අංශ මැදිහත් වී නැත.
ඕස්ටේ‍්‍රලියානු රජය විසින් මෙරට නිෂ්පාදිත චිලී පේස්ට් ආනයනය තහනම් කිරීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර අංශ ප‍්‍රධානී ආචාර්ය කේ.එච්.සාරානන්ද මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම ඒ බව තහවුරු කළ අතර ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන වියළි මිරිස් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට මත්තෙන් විධිමත් තත්ත්ව පරීක්ෂාවකට ලක් කර පාරිභෝගිකයන්ට ලබාදිය යුතු බව අවධාරණය කළේය.
ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන් ආහාරයට ගන්නා වියළි මිරිස්වල විෂ සහිත රසායනික අඩංගු බවත් ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් ඕස්ටේ‍්‍රලියානු රජය විසින් මුල්වරට මෙරට බලධාරීන්ට දැනුම් දී ඇත්තේ මීට වසර හතරකට ඉහත දීය. එතැන් සිට ශ‍්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන චිලී පේස්ට් ආහාරයට නොගන්නා ලෙස ඕස්ටේ‍්‍රලියානු රජය එරට ජනතාවට දැනුම් දී ඇත.
– දයා නෙත්තසිංහ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.