ලක්ෂ ගණන් වටින සිව් රු පොරවා ගත්. ව්‍යාපාරික උඩුවේ බය වෙලා...!!!
තමා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම වළකාලීමේ අතුරු තහනමක් නිකුත් කරන්න - උඩුවේ ධම්මාලෝකයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලති.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ බි.ආර්.එස්.ආර්. නාගහමුල්ල. එම දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න. පොලිස්පති එන්.කේ.ඉලංගකොන් හා රජයේ නීතිපතිවරයාද නම්කොට ඇත.
පසුගිය ජනාධිපතිවරණය අවසන් වූ පසු තම විහාරස්ථානයට පොලිසිය අවස්ථා ගණනාවකදීම පැමිණ විවිධ කරුණු පිළිබඳව ප්‍රශ්න නැගූ බවත් අවසානයේ වනජීවී නිලධාරීන්ද හා සමඟ පැමිණ විහාරස්ථානය භාරයේ රඳවා සිටින අලිපැටියකු පිළිබඳව විමසූ බවත් ධම්මාලෝකයා සිය පෙත්සමෙන් ප්‍රකාශ කරති.
2014 වර්ෂයේ පැවැත්වූ පෙරහර පූජෝත්සවයේදී විවිධ ප්‍රදේශවලින් විවිධ පුද්ගලයින් තම අලි ඇතුන් රැගෙන විත් පෙරහරට සහභාගි කරවූ බවත් එලෙස පෙරහර සඳහා සහභාගී කරවූ එක් අලිපැටවකු දීර්ඝ කාලයක් ගතවනතුරුත් අයිතිකරු ආපසු රැගෙන නොගිය බවත් ධම්මාලෝකයා පවසති.
මෙලෙස පෙරහර කටයුතු සඳහා රැගෙන එන අලි ඇතුන් සමහර අවස්ථාවලදී මාස ගණනක් විහාරස්ථානය භාරයේ රඳවා සිට ඊළඟ පෙරහරක් පැවැත්වෙන විටෙක කෙළින්ම එම ස්ථානයට රැගෙන යාම සිදුකෙරෙන බවත්, එලෙස ක්‍රියාකරන්නේ ඈත දුරකට ආපසු ගෙන යාමට හා නැවත එහි සිට ඊළඟ පෙරහර පැවැත්වෙන ස්ථානයට ගෙන යාමට විශාල වියදමක් මෙන්ම සතාට විශාල වෙහෙසක්ද සිදුවන නිසා බවද ධම්මාලෝකයා ප්‍රකාශ කරති.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසු උදාවූ දේශපාලන උණුසුම හේතුවෙන් මෙම අලි පැටියා හිමිකරු හිතාමතාම ආපසු ගෙන නොයන්නට ඇතැයි තමන් අදහස් කළ බවත්, ඒ අනුව එම සතා රැකබලා ගැනීම කළ බවත් ප්‍රකාශ කර සිටිති.
මෙම තත්ත්වය ප්‍රයෝජනය ගනිමින් එම අලිපැටියා රජයේ පොදු දේපළක් බවත් රුපියල් ලක්ෂ පහළොවක් වටිනා බවත් පවසමින් රාජ්‍ය හෝ පොදු දේපොළ අයුතු පරිහරණය යන චෝදනාව නිසා තමන් අත්අඩංගුවට ගැනීමට සහ සිරභාරයේ රඳවා තබා දේශපාලන වධහිංසා පැමිණවීමට වත්මන් පාලකයින්ගේ මෙහෙයවීමෙන් වැඩපිළිවෙළක් දියත් කොට ඇති බවත් ධම්මාලෝකයා පවසති.
එලෙස ක්රියාකළහොත් 12 (1), 12(2) හා 13(1) වගන්තීන්ගෙන් සහතික කොට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එය වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
කමල් මහේන්ද්‍ර වීරරත්න