අනෙක් ජන වර්ග වලට ආදරය කරන
මානසිකත්වයක් අපේ නෑ. අපගේ නායකයින් තුලත් තිබුණේ නෑ. යනුවෙන් දෙමළ ජාතික
සන්ධානයේ මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී
එස්.වියාලේන්දිරන්
ප්රකාශ කරයි.
පසුගිය 22වන දින මඩකලපුව ශිවානන්දා ක්රීඩා සංගමය සහ කෝට්ටෙයිමුනෙයි
ක්රීඩා සංගමය අතර ක්රීඩා තරඟාවලියේ අවසන් වැඩසටහනට සහභාගි වී කතා කළ
අවස්ථාවේ ඔහු මේ බව ප්රකාශ කර තිබේ.
මඩකලපුව කෝට්ටෙයිමුනෙයි ක්රීඩා සංගමයටත් කල්ලඩි ශිවානන්දා ක්රීඩා
සංගමයටත් අතර 08 වන ක්රිකට් තරඟාවලියෙන් මඩකලපුව කෝට්ටෙයිමුනෙයි ක්රීඩා
සංගමය ජයග්රහණය කර ඇත. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී එස්.වියාලේන්දිරන් ප්රධාන ආරාධිත
වශයෙන් සහභාගි වීය.
“අනෙක් ජන වර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අප නෑ. අපේ නායකයින්ට තිබුණෙත්
නෑ. අපි අතීතයෙන් ඉගෙනගත් පාඩම එයයැයි ඔහු එහිදී ප්රකාශ කර ඇත.
එම වීඩියෝව
අපගේ ස්තූතිය ඊතළය නිව්ස් වෙබ් අඩවියට