ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටි (එෆ් ඇන්ඞ් ජී) සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 4.3ක් (කෝටි
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ එම රත්රන් භාණ්ඩ වෙන්දේසියේ විකුණා එයින් ලැබෙන මුදල් තැන්පත්කරුවන් වෙත මුදාහැරීම සඳහාය.
කොළඹ 02 යුනියන් පෙදෙස මහජන බැංකුවේ සේප්පු අංක 42 හි තැන්පත් කර ඇති මෙම රන් භාණ්ඩ ඉකුත් 2010. 09. 27 වැනිදා රහස් පොලිසිය විසින් විවෘත කර තිබූ බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර අදාළ රන් භාණ්ඩ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ද ඉදිරිපත් කර තිබිණ.
රන් වළලු 22ක්, කරමාල 7යි, රන් බිස්කට් 01, අත්පලඳනා 07, මුතු සහිත රන් මුදු 21යි, කරාඹු 51, රන් ඔරලෝසු 02යි, රන් ගල් සහිත සාරි කටු 04, ගල් සහිත ලොකු කරාඹු 02, රන් පෙන්ඩන් 15, පාසලඹ 01, රිදී වළලු 5, මුතු කරමාල 01, නිල් ගල සහිත පෙන්ඩන් 08, ලෝහ තැලිමාල 04, රිදීමාල 04, රන් මිශ්‍ර මාල 02, නිල් ගල් සහිත ලාංජනයක්, රන් සාරි කටු 04, ගල් හා අත්පලඳනා 04, ලෝහ මුදු 01, රන් කොණ්ඩකටු 04ක් ඇතුළු රන් භාණ්ඩ එම සේප්පුවේ තිබූ බවට රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වී තිබිණ.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මෙම නඩුවේ අටවැනි සැකකාරිය වූ සිසිලියා කොතලාවල (25) බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් එම සිද්ධියට අදාළව ඇගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වූ බව ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (25) සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
එසේම, සැකකාරියගෙන් මෙම ප්‍රකාශය ලබා ගත් පසු එය නීතිපතිවරයාට දැනුම් දී ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා ගන්නා බවත් පසුව ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බවත් මෙහිදී රහස් පොලිසිය අධිකරණයට සිය බී වාර්තාව මගින් වැඩිදුරටත් දැනුම් දී තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හැර සිටි සැකකාරිය එන්-2135405 දරන ගුවන් ගමන් බලපත්‍රය භාවිත කරමින් එක්සත් රාජධානියේ සිට ඩුබායි හරහා ඊ .කේ 654 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණීමේ දී ඉකුත් පෙබරවාරි මස 04 වැනිදා පස්වරු 4. 50ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රහස් පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, එහිදී සැකකාරිය සමග පැමිණි වෛද්‍යවරයාගේ ඉල්ලීම මත සැකකාරිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණ.
මෙම සැකකාරිය මෙරටට පැමිණීමේදී රොඞ්නි ඇලන්ෆාම්ලේ නමැති විදේශීය වෛද්‍යවරයකුගේ භාරකාරත්වය යටතේ මෙරටට පැමිණ සිටි අතර, සැකකාරියගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් කරන ලද ඉල්ලීම අනුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එලෙස පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ බව මෙහිදී රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ නඩුව ලබන මාර්තු මස 09 වැනිදා තෙක් කල් තැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස රහස් පොලිසිය විසින් නම් කර තිබුණේ ලලිත් භූපේන්ද්‍ර කොතලාවල, මර්වින් ජයසිංහ, සුනිල් ජයතිස්ස, යස්මින් මොහොමඞ්, සිසිලියා කොතලාවල, මොහාන් පෙරේරා සහ එෆ් ඇන්ඞ් ජී සමාගමයි.
සිද්ධියට අදාළව සැකකාර සිසිලියා කොතලාවල 10 වැනි සැකකාරිය ලෙස රහස් පොලිසිය විසින් නම් කරනු ලැබුවේ ඉකුත් 2011 වර්ෂයේ ජනවාරි මස 24 වැනිදාය. එදින සිට මෙම සැකකාරියට අධිකරණය මගින් මෙම සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් කර තිබූ අතර, ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණ.
නිමන්ති රණසිංහ